Tuesday, January 28, 2014

නුතන ජන සංනිවේදනය මිනිසා අතරමන් කරයි



ජන සන්නිවේදනය පිළිබද නිර්වචන අද වන විට අති විශාල ප්‍රමාණයක් අසන්නට දකින්ට ලැබේ.මෙම නිර්වචන යවත්කාලිනව නිර්මාණය වන බව අතිතයේ සිට අද දක්වා විමසුමට ලක් කල විට සොය ගත හැක.
සියල්ල විශ්වවිද්‍යාලය මත පදනම් බවක් දක්නට ලැබුනද සත්‍ය සොයා යාම තුල එය වෙනස් විමට ඉඩහරින්ට සිදුවනු ඇත.යම් කරුනක් පිළිබදව ඉතා සියම් ලෙස ගවේශනය කර නිබන්දනයක් කිරිම ඉතාම අගනා කටයුත්තකි. එනමුත් අතිතය සහ වර්තමානය හමුවේ සියල්ල වෙනස් වී ඇත්තේ හුදෙක් තම තමන්ගේ ස්වකැමැත්ත හමුවේ බව පෙනෙන්නට තිබේ.

Tuesday, January 14, 2014

මෝටාර් හඩ තවමත් උතුරේ.....


ජායා රූපය අන්තර්ජනයෙනි හිමි කරුට ස්තුති



ටන්...........ටන්......................ටන්..........
මෝටාර්....හිස් උන්ඩය හඩ තලනවා..
විවේකයක් ......සෙල්ලම් කරනට
පුංචි අපට...යුද්දෙන් පස්සේ,

මහ වන මැද.....අපේ මාමලා
යුද්ධ කරා.......
අපි හිටියේ ලදු කැලැවේ...
හදපාණේ හැංගි හැංගි .....
රෑට කන්න .....පිට්ටු හැදුවා
ගගේ මාළු...උයපු අම්මා
කටු ඇර ඇර අපිට කැව්වා...
මහා කළුවරේ අම්මා අපිට...කෑම කැව්වා,

ටටටටටටටටටටටටටටටටටටට............

මහා සද්දෙන් වෙඩ් ඇගෙනවා
හමුදාවට අපේ අම්මා බය උනාම
අපිව අරන් ගුලි කරගෙන
උන්නු මතකේ......

ටන්.....ටන්..........ටන්
විවේකයත් දැන් ඉවරයි...
මෝටාර්....හිස් උන්ඩය
හඩ තලනවා.... සෙල්ලම් ඉවරයි.....
එකවිට අපි නැවත වරක්  දුහුවිලි පිසදා දුවනවා,
සාමයෙන්........සමගියෙන් කරපු
සෙල්ලම යලිත් වරක් නවත්වලා
තවත් පාඩමක්...ඉගෙන ගන්න........
සාමයෙන් සෙල්ලම් කරන්න............. 



Wednesday, January 8, 2014

සමකය වටේ: ප්‍රෙක්ෂකයාගේ කරුමය හා ප්‍රසන්න ජයකොඩිගේ සිනමා තිත...

සමකය වටේ: ප්‍රෙක්ෂකයාගේ කරුමය හා ප්‍රසන්න ජයකොඩිගේ සිනමා තිත...: කර්ම පිළිබඳව සමකය වටේ අඩවියට මේ අදහස ලියා එවා තිබු‍ණේ අම්පාරේ චන්දන ලියනාරච්චිය. කර්ම ගැන පළමු විචාරයට මෙතැනින් යන්න ..................

Sunday, January 5, 2014

සසරෙන් එතෙර විම අමතක කරන වානිජ්‍ය බුදු දහම



බුදු දහම දර්ශනයක් ලෙසත් ආත්මය ගලවා ගැනිමේ මගක් (ආගමක්)ලෙසත් අප සමාජය නිර්වචනය කරනු ලබයි.කුමක් වුවත් නිවැරදි දිසාවකට සමාජය වසර දෙදහස් පන්සියකට වැඩි කාලයක් රැගෙනවිත් තිබේ.අද මෙම දහම නොමැති නම් දර්ශනය ව්‍යාපාරික දහමක් බවට පත්විම වැලැක් විය නොහැකි තත්ත්වයට පත්ව ඇත.ඉල්ලුම සහ සැපයුම මත දර්ශනය අලෙවී කිරිමට මුදල් මත බුදු දහම රැදවිමට වර්තමානය නිර්මාණය වී තිබේ.දෙවියන් විකුනුම් භාන්ඩයක් බවට පත් විම තුල බුදු දහමද වානිජ කරණය විම වැලක් විය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.

බුදු දහම කුමක්ද, කුමන අරමුනක් මත සමාජගතවිද ,බුදු දහම යනු ශ්‍රි ලංකාවේ යම් අයෙකුගේ උප්පැන්ය මත ලියවුන අයිතියක්ද,නොමැතිනම් හෙළ සිරිත් විරිත් අනුව මරණයට පාන්සකුලයක් පමනක්ද,පිරිත් බණ කතාවන්ට සිමා වුවක්ද,ශිලව්‍යාපාර සදහා සිමාවුවක්ද ,උද්ඝෝෂන සදහා සිමා වුවක්ද ,අටවිසි බුද්ධ පුජාවට පමනක් සිමා වුවක්ද ,පන්සින්සිය පනස් ජාතක කතා නැවත නැවත කිමක්ද නොමැති නම් මෙරට විශ්වවිද්‍යලයන්හි හදාරණු ලබන උපාධියක්ද ,මේ සියල්ල මැද අතරමන් වු ජනතාව තවත් විටේක මස් මාංශ නොකන බව පැවසිමද ,සුරාව නොබොන බව පැවසිමද ,මල් දන්සැල් පැන් දන්සැල් බත් දන්සැල් තොරණ මත නිර්මාණය කරන්නක්ද ,නොමැති නම් පාසල්වල සහ දහම් පාසල් තුල කටපාඩම් කරණ විභාගයක්ද ,නිකායවල් බෙදා ගනිමින් කරන විවාදයක්ද ,පංසල් හදමින් පන්සල් බෙදා ගනිමින් කොන්ක්‍රිට් ගොඩනැගිලි ඉදි කිරිමක්ද ,මේ සියල්ල ප්‍රශ්ණය මේ සියල්ල තුල බුදු දහමේ නිවන නැමැති සංකල්පය තිබේද,
මෙම ප්‍රශ්ණ හමුවේ වර්තමාණයේ බුදු දහම ශ්‍රද්ධාව භක්තිය මුසුව සමාජයේ සංස්කෘතික පරිසරයක් නිර්මාණය කරනු ලබයි.