Tuesday, February 14, 2017

නිදහස් අධ්‍යාපනය සහ මගේ ළමා කාලය





කවදා හරි දවසක කන්ද මුදුනට නගින්න ඇතිවුන ආසාව අද නිමාවට පත් කරා.නමුත් කන්ද නගින්න තිබුණ ආසාව නැති වුනේ කන්ද නැග්ගට පස්සේ නම් නොවේ කදු මුදුනට පේන තවත් කදු මුදුන් දහස් ගණනක් ඇතින් ඇතට පෙන්න පටන් ගත්තට පස්සේ .
එක් එක් හැඩයට පිහිටන කදු මේ කදු මුදුනට  වඩා වෙනස් බව දැනුනේ අද .දැන් කදු නගින ආසාව නැති කර ගන්න පුළුවන් .කදු ගැන කියලා දිපු කිසිම අයෙක් කන්දක් තවත් කන්දකට ඇති අසමාන කම කිව්වේ නෑ. ඇයි එහෙම කියලා නොදුන්නේ කියලා අහන්න දැන් උවමනාවක් නෑ නමුත් එකක් දැනුනා මට කදු නගින්න කියලා දුන්න කිසිම අයෙක් කදු මුදුනට ඇවිත් නෑ .ඇවිල්ලා දැකලා තිබුනා නම් නිකමට හරි මගේ ආසාව වෙනස් කරන්න තිබුනා .

No comments:

Post a Comment