Thursday, February 20, 2014

අලි මරණ ලංකාවේ මිනිස්සු



මිය යන අලින් මරණ අලින් හා මැරෙන අලින් පිළිබදව අප කියනවන දකින් ජනමාධ්‍ය හමුවේ සැම දිනකම අසන්නට දකින්නට ලැබේ.සියල්ල සිදුවන්යේ කියනුයේ බීරි අලින්ට කියන්නක් මෙනි.අලින් නලියනවා දැක විදින අය අතර අලියෙකුගේ නිදහස නැති කර මහ වනයෙන් හොරෙන් ගෙන එන්නත්, අලි පොත් සගවා දමා අලුතින් පොත් පෙරලා අලින් ලියාපදිංචි කර ගැනිමටත් ඇතමුන් දක්ෂයින්ය.

වන අලින් වෙනුවෙන් පෙනි සිටින මෙරට ප්‍රජාතන්ත්‍රවාදි සමාජ වාදි ජනරජයේ එකම අමාත්‍යංශය වන වනජිවි අමාත්‍යංශයද මිනිසුන් වෙනුවෙන් පෙනි සිටිනවා හැරෙන්නට අලින් වෙනුවෙන් පෙනි සිටිමක් නැත.එය එසේ වන විට බෞද්ධ පංසල් අලින් ඉල්ලා ලියුම් ලියති.එසේම වන ජිවි අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරයා සහ අමාත්‍යවරයා අතර අලි කෙලියක් තිබෙන බවද ප්‍රසිද්ධ රහසකි.


Tuesday, February 4, 2014

එංගලන්තයේ දුවන අශ්වයින් සහ ලංකාවේ පාට පාට දේශපාලනය



දේශපාලනය නම් මෙරට ඇති සුන්දරම සුදුවයි.එය ජනතා නියෝජනයක් බවට පත් විම හමුවේ නැවත වරක් අප පරිනාමය වී නැති බව පසක් කරනු ලබයි. ලොව තුල දේශපාලන රටා කිපයක් දක්නට ලැබේ .ඉන් දේශපාලකයා ජනතා නියෝජිතයා මෙන්ම ජනතාවගේ සේවකයා බව වටහා ගන්නේ කියෙන් කී දෙනාද යන්න අවුල් සහගත් පැනයක් බවට පත්වේ.අතිතයෙදි දේශපාලනය රජ්‍ය සංකල්පයත් සමග තම පරම්පරාවෙන් පරම්පරාවට පෙලපතත් සමග ගලා අවක් බවට සටහන්ව තිබේ.ඇමරිකාව සහ අනෙකුත් බටහිර රටවල පවතින් ක්‍රමය මත දේශපාලකයා පැය විසි හතර පුරාවට අවදානයෙන් ජනතාව සමග කටුතු කිරිමට බැදි සිටි.එහි යෝද සෙවනැල්ල අපහට 1505 පසුව ගෙඩිපිටින් ලැබෙන්නට පටන් ගැනිම හමුවේ අද වන විට අප යටත් විජිත සමයත් සමග එක් කර ගත් දේශපාලනය වල් බුරු දේශපාලනයක් බවට පත්කරගනිමින් සිට.