Friday, October 6, 2017

Sunday, November 9, 2014

ලංකාවේ ධනවතුන බිහි කරන රැකියා දෙක්ක .



මෙරට රැකියාවක් පිළිබද සිහින මවන අය තම රැකියාව ගැන විවිධ අයුරින් සිහින නිර්මාණය කර ගනු ලබයි.එය සමස්ථ සමාජයට වැඩක් කරනවට වඩා තම ගෝස්තරය තර කර ගැනිම මුලික අරමුනයි.හැකියාව පිළිබද අවබෝදයක් උවමනා නොවන බව දන්නා ලංකිකයා .පන්දම් කෙළියකට සුදුසු පරිසරය නිර්මාණය කර ගනුයේ අමුතු විඡ්ඡුම්බර කැටයම් කරමින්ය.අද රටේ රැකියා කිපයක් ගැන අවදානය යොමු කිරිම මෙම ලිපියේ අරමුනයි.
භික්ෂුත්වය අනාගයෙදි සහ අද රැකියාවක්ද
දේශපාලනය අනාගතයෙදි සහ අද රැකියාවක්ද

Monday, September 8, 2014

සුරසැප සොයා ණය වන ලාංකිය පුරවැසියා වල්මත්වේ.



ණය කියන වචනය මෙරට ජනතාවට නුපුරුදු වචනයක් නොවේ.ණය විම ඉතා සුන්දර දෙයක් බවට මෙරට ජනතාව අතර ප්‍රචලිතව පවති.නමුත් මේ සුන්දරත්වය මත රටම ගිනි ගොඩක සිටින බව පසක් කර ගැනිමට කිසිවෙකු උත්සහ ගන්නේ නැත.තවත් ණය ගැනිමට සහ ණය දිමට මෙරට පසුබිම සකස්වී තිබේ.රජයේ සමස්ථ සේවක සංඛ්‍යෙවන් සියයට අනුපහක පමණ ප්‍රමාණයක් විවිධ වු ණය වර්ග ලබාගෙන තිබේ.එම ණය ඔවුන් සතුටු කරනවාද නොමැති නම් විදවනවාද යන්න රටම දන්නා කරුනකි.

දිනය ආරම්භයේ තම ජිවිතයට බලාපොරෝත්තු එක් කරන වෙළද පොළ හසුරවන ජනමාධ්‍ය ඔස්සේ විවිධ වු අවශ්‍යතාවයන් එක් කරන විට එම අවශ්‍යතාවයන් හමුවේ ඇති කර ගන්න සිතුවිලි තමන් ණය කරයෙකු බවට පත්කර ජිවිතයේ ඇති සුන්දරත්වය මිළදි ගන්නා බව මේ අය නොසිතයි.තරගකාරිව දුවන සමාජය තුල අප අපට අමතක කර ඇති ඇයුරු පිළිගන්නට මෙරට ජනතාව අපොසත්ව ඇත.රටේ ජනතාව සෑම තත්ත්පරයකම අවශ්‍යතා දහසක් මත ණයවේ.

Saturday, September 6, 2014

පොතේ නැති දේශපාලනය සහ ලාංකිය ජනතාව වදින පුදන දේශපාලනය



දේශපාලනය  ඉගෙන ගන්න නම් සැම අයෙකුම ගුරුවරයෙකු සොයා යනු අප දැක තිබේ.පාසල විශ්ව විද්‍යාලය දේශපාලනය උගන්වන ස්ථාන ලෙස අප හදුනා ගෙන තිබේ.රටක භූමිය පොදු සාධකය කර ගනිමින් විවිධවු දර්ශන හමුවේ දේශපාලනය හැදැරිමට අවස්තාව උදාවේ.මේ සදහා වැදගත් වනුයේ විභාග මුලික කරගනු ලබන දක්ෂතාවය වන අතර  වසරකට මෙම විෂය ධාරාව අතිවිශාල පිරිසක් හදාරණ බව දැක ගත හැකිය.ඒ අය සමාජ ගතව දේශපාලනය කරනවාද යන්න පුංචි විහිළුවක් බව සමස්ථ ලෝකයම දන්නා කරුනකි.

දේශපාලනය හමුවේ විෂය පතයන් රාශීයක් හමු වුවද එය හුදෙක් එක් අරමුනක් පසුපස පමනක් දිසාගතව තිබේ.මෙරට ආන්ඩු තනන්නට නිදහස් අධ්‍යාපනය හමුවේ දේශපාලනය ඉගෙන ගත් අය එන බවක් දක්නට නැත.එයට හේතුව දේශපාන විද්‍යාව උගනවන ගුරුවරුන් උගන්වනනේ නැත.විභාගයට අසන ප්‍රශ්නයකට පමනක් මුහුණ දිමට විෂය නිර්දේශය ගොඩ නගා තිබේ.අවුලක් තිබේ එය නම් මෙරට දේශපාලනය කරන්න දේශපලකයින්ට දේශපාලනය උගන්වනනේ කව්ද යන්නය.විටෙක විවිධ ආදර්ශ පාඨ යටතේ කරලියට එන මේ දැවැන්තයින් පාරම්පරික දේශපාලනය ගැන නොදන්නා බවද නොමැති නම් දන්නා බවද කියා පානුයේ මෙරට විභාගවලට පමනක් දේශපාලනය ඉගෙන ගත් අය පුදුම කරමින් බව අතිතයේ සහ වර්තමානයේ දෙස බලනවිට දක්නට ලැබේ.

Monday, August 18, 2014

ලාංකිකයන් තහනම් ගසේ ගෙඩි ප්‍රසිද්ධියේ කයි.....


(මෙම ලිපිය මගින් මෙරට ස්ත්‍රි පුරුෂ දේපාර්ෂවය පිළිබද කතා කරනු ලබයි)
ලාංකිය සංස්කෘතිය සහ මෙරට ලිංගිකතවය කියට හරි විකුණා දමන්නට තැනක් තියෙනවද කියලා අහන අය දැන් සමාජයේ ඉන්නවා.අද වෙන කොට කියක් හරි හොයගෙන ජිවත් වෙන්න දගලන අය තමන්ට අවශ්‍ය මුලික අවශ්‍යතාවයන් සපුරා  ගන්න කරනු ලබන උත්සහ හමුවේ .සමාජ පදනම සමාජ විරිත සමාජ සංස්කෘතිය බිද වැටෙමින් තිබේ.


මේ පිළිබදව සොයා බලන කාලාවක් අප සතුව නැත. එයට හේතුව එකිනෙකා තුල ඇති ලෝකයන් තම ආරුඩයන් බවට පත් කර ජිවත් විමට උත්සහ කිරිමය.මුදල් මත පදනම් වන ජන දිවිය අවසානයෙදි නතර වනුයේ ලිංගිකත්වය මතය. එය හුදෙක් පවුල සහ පුද්ගලයා අතර ඇති ගණුදෙනුවේ කුට වු අවස්තාවකි.

Sunday, May 4, 2014

ත්‍රස්තවාදි ජනමාධ්‍ය කලාව..................



මෙරට ජනමාධ්‍ය පශ්චාත් යුද සමයෙන් පසුව ක්‍රියාත්මක වු අාකාරය අනුව පෞද්ගලික අරමුණූ මුදුන් පමුණුවන අයුරින් ක්‍රියා කල බව තර්ක කල හැකි නම් ජනමාධ්‍ය වුවද ත්‍රස්තවාදි ක්‍රියාවලියක් සිදු කල බවට සනත කල හැකිය.වසර ගණනාවක් මෙරට පැවති යුද්ධය වැඩි දියුණ කිරිමට ජන මාධ්‍ය සහය ලබා දුන් බවටද තර්ක කල හැකිය.යම් විටෙක ජන මාධ්‍ය තුලින් යුද විරයන් නිර්මාණය කල අවස්ථා තිබේ. එය යුද්ධය නැවැත් විමට හෝ යුද්ධය වැඩි දියුණු කිරිමට වශයෙන් තරක කල හැක.මුදල් සහ බලය විකාශනය කිරිම හමුවේ යුදධය ඇති දැඩි වු බවක් තිබෙන බවද තර්ක කල හැක.මෙම තර්ක හමුවේ ඇගිලි තුඩු විවිධ අයුරින් ජනමාධ්‍ය වෙත එල්ල කල හැකිය.එසේ නම් මෙරට යුද්ධය තර්කයක් වන්නේ මාධ්‍ය භාවිතය හමුවේ විම ඇතැම් විට පුදුම සහගත විය හැකිය.මේ නිසාම නියපොත්තෙන් කැඩිය හැකි දෙය පොරොවෙන් කැපිමට සිදුවුවා විය හැකිය.

Tuesday, April 22, 2014

සයිබර් අවකාශයේ බක්මහ සැණකෙළියේ විශේෂ අවස්තා ඇසුරෙන් සැකසුණ විශේෂංගය Youtube වෙතින් බලන්න මෙතනින් යන්න

http://youtu.be/uJfTQG5JcdQ

සයිබර් අවකාශයේ බක්මහ සැණකෙළියේ විශේෂ අවස්තා ඇසුරෙන් සැකසුණ විශේෂංගය 

Youtube වෙතින් බලන්න මෙතනින් යන්න