Friday, October 6, 2017

පොලිස් සේවය ඔහු නිසා බැබළුනා


මා දුටු පොලිස්පති -එන්.කේ .ඉලංගකොන් 






පොලිසියට හොද කියනවට අකමැති අය බොහෝ පිරිසක්  සිටි නමුත් සමස්ත පොලිසියම එයට වග කිවයුතු නොවන බව මාගේ හැගිමයි.වර්ෂ 2013 සැත්තෑම්බර් මස මැද දිනයක රාත්‍රියේ මා මෙරට පොලිස් පතිව සිටි එන්.කේ .ඉලංගකොන් මහතාට කතා කල අතර ඔහු වගකිමක් සහිතව මා කියු කතාව අසා ඉන්නට නිහතමානි විය. ප්‍රදේශයේ සිදුවු ගැටළුවක් මහ රැයක වුවද කතා කර මෙරට පුරවැසියෙකු වශයෙන්  පොලිස්පති වරයා හට පැවසිමට හැකිවිය. මෙරට පොලිස් ඉතිහාසය තුල මා දුටු නිහතමානි පොලිස් පතිවරයා ඔහු බවට පත් වුයෝ එතන සිටය .
මෑත භාගයේ බිහි වූ පොලිස්පතිවරු අතරින් ආදර්ශමත් ලෙස සිය තනතුරේ ගෞරවය ආරක්ෂාවන පරිදි කටයුතු කළ පොලිස්පතිවරයෙකු ලෙස එන්. කේ. ඉලංගකොන් මහතා  ඉතිහාසයට එක්විය. මෙරට 33වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එන්. කේ. ඉලංගකොන් මහතා කටයුතු කරන ලදි.
ශ්‍රි ලංකා පොලිසිය පිළිබද කතා කරනවිට පොලිස් නිළධාරින් හට තම සේවය පිළිබද විශ්වාසයක් ඇති කල නිළධාරියා බවට ඔහු පත්විය .ඒ බව පසක් වුයේ රටවටා සිටින පොලිස් නිළධාරින් ඔහු පිළිබද එවකට පැවසු කරුණු හේතුවෙනි.එහිදි ඔහු නිරන්තරයෙන් නායකයෙක් බවට පොලිසිය පුරාවට පිළිගෙන තිබිණ.කොස්තාපලවරයාගේ සිට ඉහල නිළධාරින්ද එය සනාත කර තිබිණ.
පොලිසිය ජනතාව අතරට ගෙනයාමටත් පොලිසිය මගින් ජනතාවට සිදුවන සේවාවන් කඩිනම් කිරිමට පොලිස් පතිවරයාගේ නව දැක්ම තුල තිබුණ විශේෂත්වයකී.පොලිස් දෙපාරත්මේන්තුව තුළ නැතිවී ගොස් තිබු විනය සහ නැතිවි ගිය මහජන සම්බන්දතා ගොඩනැගිමට ප්‍රමුකත්වය ලබා දෙන ලදි.
වසර 05ක කාලයක් පුරාවට පොලිස්පතිවරයා ලෙස එන්. කේ ඉලංගකොන් මහතා  සිදුකළ සේවය පිළිබද ඒ මහතා විශ්‍රාම ගත් දිනයෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇගයීමට ලක්කර තිබේ. මෑත භාගයේ බිහිවූ පොලිස්පතිවරු අතරින් ආදර්ශමත් ලෙස තම තනතුරේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කළ පොලිස්පතිවරයෙකු ලෙස එන්. කේ ඉලංගකොන් මහතා  ඉතිහාසයට එක්වන බව ජනාධිපතිවරයා එහිදී  සඳහන් කළේය.
අද වන විටත් මෙරට දශක ගණනාවක් පුරාවට පැවති පොලිස් සේවය මහජන සේවයක් බවට පත් කර මත්ද්‍රව්‍ය සහ රිය අනතරු අවම කිරිමට අවශ්‍ය නව වැඩසටහන් රැසක් ඒ මහතා යටතේ හදුනවා දෙන ලදි.

2013 සැත්තැම්බර් මස පොලිස් මුලස්ථානයෙදි මා මාධ්‍යවේදියෙකු වශයෙන් ඔහුත් සමග පැයක පමන කාලයක්  මෙරට පොලිස් සේවාව සහ ඇතැම් පොලිස් නිළධාරින් විසින් සිදු කරන අවමන් සහගත ක්‍රියා වන් පිළිබද ජන මාධ්‍ය තුල සිදුවන කතිකාවත මෙන්ම පොලිස් නිළධාරින් තම සේවය නිවැරදිව දක්ෂ ලෙස සිදු කල අවස්ථා පිළිබද වැඩි අවදානයක් යොමු නොකිරිම පිළිබදව සහ ඇතැම් පොලිස් නිළධාරින් අල්ලස් චොදනා වලට නතුවිමත් විදිමත් පරිදි වැටුප් වර්ධනය එවකට නොවිමත් පිළිබද ඒ මහතා සමග කතාබහක නියළුන අතර එහිදි පොලිස් නිළධාරියා සමාජයට නිසි පරිදි සේවය කරන්නට නම් ඔහු තෘප්තිමත් සේවයක් කරන්නෙකු බවට පත්විමට කරුණු එක් රැස් විය යුතු බව  සදහන් කරන ලදි ඒ අනුව එවකට පඩිවැඩි කිරිමට සහ පොලිස් නිළධාරිනගේ සුභසාධන සේවය පිළිබද වැඩසටහන් රැසක් ඒ මහතා විසින් සම්පාදනය කර තිබිණ.
ඕනෑම අවස්ථාවක දුරකථනය ඔස්සේ කතා කිරිමටත් මහජන සම්බන්දතා ඉතා මැන්වින් පවත්වා ගැනිමත් ඒ මහතාගේ තම නිහතමානි බව අාභරණයක් කර ගත් අවස්ථා අපමනය. පොලිස් සේවය පිළිබද මා යම් කරු කිපයක් මුල් කර ගනිමින් කල කතිකාවට පසුව නැවත එවන් අවස්ථාවල විශ්වාසයකින් තම රාජකාරිය මත සියල්ල ක්‍රියත්මක කරනු ලැබුණි.
2013 දැයට කිරුණ පැවති සමයෙදි ඒ මහතා ප්‍රදේශයේ ආරක්ෂාව මෙන්ම අම්පාරට පැමිණි ලක්ෂ සංඛ්‍යත ජනතාවගේ ආරක්ෂාව පිළිබද සැලකිල්ලක් දක්වමින් කටයුතු කල අතර ඇම අවස්ථාවකම අම්පාර දිස්ත්‍රික්කයේ පොලිස් සේවය වගකිමක් සහිත ලෙස ක්‍රියාත්මක කරන ලදි.
ඒ මහතා තම රැකියාව උත්තම ගනයේ රැකියාවක් බවට පත් කරමින් සිදු කල සේවය අති විශාලය.ඒ මහතා එවකට තම සේවය උතුම් ලෙසත් වටිනා ලෙසත් සිදු නොකරන්න එද වන විට ගොඩ නගා ඇති පොලිස් සේවාව තවමත් අතරමගය,

ඔහු  තුලින් රටටත් ජනතාවටත් පොලිස් නිළධාරින්ටත් උගත හැකී ,පාඩම් රාශියක් ඇත.මෙරට උත්තම රාජ්‍ය සේවයක් ජනතාවට ලබා දිමට කැමති ඕනෑම් අයෙකු ඔහු පිළිබද අධ්‍යනය කිරිම වටිනා ක්‍රියාවකී.

එවකට ඔහුට තිබුණ අභියෝගය වුයේ පොලිස් සේවය දේශපාලනයෙන් ආරක්ෂා කර ගැනිමය,

1 comment:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete