Saturday, December 28, 2013

යුද්ධය සහ මධුසමය-සත්‍ය කතාවකි....



යුද්ධය ඉවරයි. දැන් අපේ රටේ අයට යුද්ධයක් තිබුනද කියලාවත් මතක නෑ.අපි හැම දෙයක්ම ඉක්මනින් අමතක කරන්න පුරුදු වේච්ච හින්දා අපිට යුද්ධයක් තිබුනා කියලා අමතක ඇති.

නමුත් මම මේ කියන්න යන කතාවේ කතා නායිකාව යුද්ධය අමතක කරලා නෑ ඇය තවමත් යුද්ධය සෑම මොහොතකම මතක් කරනවා.යුද්ධයට තම සැමියා යද්දි කියපු කතා මතක් කරනවා .යුද්ධය මදකට නවතා ගෙදර ආව හැම මොහොතකම එය නිවාඩුවක් විදියට ඇය හිතුවේ නෑ....මොකද සැමියා නිළඇදුම කදවුරේ තියා පැමිණියද ගමේ මායිමේ වන රොදින් කොයියම් මොහොතක හෝ වෙඩි හඩක් මතුවෙයි කියලා ඇය හිතලා  හිතපු හින්දා.......පුංචි එකා අකුරු කරන්න මොන්ටි සෝරියට දාන්න කාලේ හරි ජනවාරි වෙන කොට ඒකට ලැස්ති වෙන්න  ඕනෑ...ඇය ජිවිතය සැලසුම් කරාය.තම සැමියා මාස ගණනාවක්ට පසුව නිවාඩුවට  නිවසට පැමිණිම තම ජිවිතයේ මාස ගණනකට පසුව ඇගේ ජිවිතයට පැමිණේන මධුසමය බවට පත් විය.

Tuesday, December 24, 2013

සයිබරයම සලිත වේලා...මහ මන්තර පොඩි මන්තර



නින්ද නැතිව කොළඹ කොටුවේ
ඇවිද්ද පය හිරි වැටෙනවා
මගින් මගට නැවති නැවති
උන් හොයන්න මමත් ගියා.......
සුද්දා හදපු කොලේම් පුරේ
මම කව්රුද උන් කව්රුද
දන්නේ කව්ද....උන් ලොක්කොළු
උන්ගේ ලෝකේ.......

මුහුදු වෙරළ කැරළි ගසයි ..
තව දවසක් ඇවිත් කියයි...
විශ්වය මැන විශ්වය මත ඇවිද
යන්න උන් හැමොම
එකතුවේලා.................
දන්න කියන අය ඉදිද නොදන්න
මම තුස්නිම් භූතයි.......
එකා දෙන්නා හිනා වෙනවා....
දන්න අයට හිනා පනි
නොදන්න මම හිනාවෙනවා...
හලේ මචන් උඹ කව්රුද
මම.....මම....
හරි හරි උඹ කොහෙද...මම ..මම
හම්.........
කියන කතා අහන කතා
වැල නොකැඩි කැඩිච්ච නම්
දන්නවාද මම ලියන්නේ සයිබරයේ .....
හම් .....මගේ කොලේ
මගේ එකේ......
මට හිතෙනනවා...මම ලියනවා
එකෙක් කියයි.....

“ලියාපදිංචිය කරනවා
චිකන්ද වෙජිටබලද
දවල් කෑම .......“
අරුම පුදුම මුහුදු වෙරළ
කැරළි ගසයි....සේකරත් හිටියා නම්
කියලා හිතුනා.....ඉර හද තරු
වෙනස් කරලා උන් ලියනවා
කැරළි කාර මහ නඩයම
එකා දෙන්නා .....හිනා වෙනවා
මම ඉන්නවා මම ....දන්නවා
සයිබරයේ කැරළි කාර
පිටු පුරවන නාඩගමක් ....
හම් .......
තරග කරලා මුහුණු බැදලා
අපි හැමොම හඩතලනවා
අතිතයේ මහ වන මැද
දඩයම් සොය සොයා දුවන
මහ වැද්දෙක් මට හිතෙනවා ......
මහ කැලයේ  සතුන්ගේ හඩ
ඇස නොපෙනේ සත්තු හඩයි
මම වැද්දෙක් මටම හිතෙයි...
දුණු ඊ ගෙන ......දඩ බිම මැද
මහ දඩමන් ......

නලල තියා කැරකි කැරකි
පිම්මේ දුවන උන් අතරින්
මම දුවනවා........
සංස්කෘතියේ මහා වෙනසක්
ධනවාදි ආර්ථකේ .....කැරකෙන
මහ කරකැවිල් ....මම දුවනවා
කොලින් යන්න මම හදනවා
මම වැටේනවා ............
ධනවාදයේ සංකේතය
උන් හිනහේ මම වැටේනවා...
ගම් පෙරළියේ පියල් වගේ
කොළඹ ඇවිත් මම දුවනවා
අන්ද වෙලා කරකැවෙනවා
මම දිනනවා......කොළඹ
ක්‍රමය වෙරළ අයිනේ
විදුරු පුරවලා
මම.....බොනවා...විස්කි බෑන්ඩි......බයිට් නැතිව''

මම නටනවා උන් නටනවා
සයිබරයම අද නටනවා....
දැන් ඉවරයි ....









සයිබරයේ මහ තොවිලය
අතුරයා ලෙඩ උනාළු දැන් හොදයිළු
දැන් හොදයිළු....
එක එක කට්අඩියට එක එක
මන්තර ....සයිබරයේ මහ මන්තර

ආරුඩෙන් කියපු එවා
ආරුඩෙන් හොද කෙරුවළු......
කව්ද දන්නේ කව්ද කිව්වේ
සයිබරයේ මහා මන්තර............
එකා දෙන්නා යන්න යනවා
මම විතරක් ......කොහෙද යන්නේ
මම මතුරමි මගේ මන්තර සයිබරයම
වේව්ලන්නට ........





සුවිසැරිය: ලාංකිකයන් ලංකාව අත්හරි.....

සුවිසැරිය: ලාංකිකයන් ලංකාව අත්හරි.....: ලාංකික ජනතාව තම රට පිළිබද ඇති අභිමානය අද වන විට විනාශ කරමින් සිටි.එම අභිමානය සිංහලද දෙමළද මුස්ලිම්ද යන වග ජාතින් වශයෙන් කතා කිරිමට වඩ...

ලාංකිකයන් ලංකාව අත්හරි.....



ලාංකික ජනතාව තම රට පිළිබද ඇති අභිමානය අද වන විට විනාශ කරමින් සිටි.එම අභිමානය සිංහලද දෙමළද මුස්ලිම්ද යන වග ජාතින් වශයෙන් කතා කිරිමට වඩා ලාංකික ජාතියක් වශයෙන් කතා කිරිම වටි.
මෙරට වසර තිහක් තිස්සේ පැවති යුද්ධය නිමා විමත් සමග නැවත වරක් ජාතික ලේබලය මෙරට ජිවත් වන ජාතින් තනි තනිව ගසා ගැනිමට යැම හමුවේ ඇති වන විනාශය සුළු පටුනොවේ.එය දශක තුනක යුද්ධයට වඩා විනාශයක් නිර්මාණය කිරිමකි.

අද වන විට යාපනය නැවත් වරක් සමාජ ගතවිමට පටන් ගෙන තිබේ.මිනිසා සතු පරම අයිතියක් වු නිදහස් ඡන්දය භාවිතා කර තමන් කැමති දේශපාලකයෙකු දේශපාලන පක්ෂයක් තෝරා ගැනිමිට අවස්ථාව උදා කරදි ඇත.මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂනයකි.අද වෙනදා මෙන් උතුරට යැවු ආයුධ වෙනුවට එහි සංවර්ධනය සදහා සම්පත් ප්‍රවාහනය කරන බව රජය පවසා සිටි.මෙරටට විදේශිය බලපැම් නිර්මාණය කර දෙන්නට මියගිය ඊලාම් සේවනැල්ල ක්‍රියා කරනු දක්නට ලැබේ.

Monday, December 16, 2013

සුවිසැරිය: දළ ඇතුන් නික්ම යයි

සුවිසැරිය: දළ ඇතුන් නික්ම යයි: මෙරට භූමිය අයිති කාටද යන්න තිරණය කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන්ය.නමුත් මෙම භූමිය හිම් භාෂාවන් කතා කරන මිනිසුන්ට විතරමද යන්න ගැටළුව...

දළ ඇතුන් නික්ම යයි



මෙරට භූමිය අයිති කාටද යන්න තිරණය කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන්ය.නමුත් මෙම භූමිය හිම් භාෂාවන් කතා කරන මිනිසුන්ට විතරමද යන්න ගැටළුවකි.වන සතුන් හට කිසිදු අයිතියක් නැත එයට හේතුව උන් හට කොල කැබලි වල ලියු ඔප්පු නැති නිසාය.ඔප්පු තිබුනා නම් උසාවි වන සතුන්ගෙන් පිරි යන්නේ මිනිසුන්ගෙ නඩු වලට වඩා වැඩි වන බැවින.

අම්පාර බුද්ධංගල අභය භූමියේ සැරිසැරු එකම දළ ඇතා (16) අළුයම විදුලි සැරවැදිම නිසා මිය ගියේ මිනිසා විසින් ආක්‍රමනය කරන ලද භූමියකදිය.
අම්පාර වලතාපිටිය ගම්මාණයේ ගොවියෙකු අනවසරයෙන් තම කුඹුරට වටා විදුලි රැහැන ඇද තිබිම හේතුවෙන් මෙම අලියා හට විදුලිය වැදි මිය ගොස් ඇති බව අම්පාර වන ජිවි පශූ වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසිය. 

අම්පාර දීඝවාපිය ප්‍රදේශයන්හි මෙම ඇත ජිවත් වු අතර වයස අවුරුදු තිස්පහක් පමණ වන බව වන ජිවි නිළධාරින් පෙනවා දෙයි.උසින් අඩි නවයක් පමණ වන මෙම ඇතාගේ දළ යුගලේ දිග අඩි තුනක් පමණ වේ.
කලකට පෙර මිනිසුන් විසින් එල්ල කරන ලද වෙඩි උන්ඩ විශාල ප්‍රමාණයක් ඇතාගේ ශරිරයේ දක්නට ලැබේ .
ඇතා මැරිම සදහා විදුලිය රැහැන් ඇද තිබු කුඹුරේ හිමි කරු සම්මන්තුරේ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.


තවත් නොදුටු දෑ සමග මෙම ඇතා ගැන තොරතුරු බලාපොරේත්තු වන්න




Wednesday, December 4, 2013

ලාංකිය ඉතිහාසය නිදන් කර ඇති බුද්දම



බුද්දම විහාරාධිපති

            පානම යායේ රතනසාර හිමි


අතිතයේ මෙරට ජනතාව තුල තිබු වටිනාකම පිළිබද අප දක්වන සැලකිල්ල ඉතාමත් අල්පය.වෙත් ජාතින් තමන් හට අතිතයක් තිබු බව පෙන්විමට මහත් වෙහෙසක් ගනු ලබයි.පිට රැටියන්ද එසෙමය ඇමරිකානුවාගේ සිට ඔස්ට්‍රේලියාව දක්වා වු විදෙස් රටවල් තම ඉතිහාසය නිර්මාණය කර ගැනිමට විශාල සැලසුම් සකස් කර ගන්නා බව රහසක් නොවේ.
නමුත් මෙරට වැසියන් හට තම දේශිය වශයෙන් ඇති ඉතිහසය පිළිබද තැකිමක් නැති තරම්ය.මේ අවදානයට ලක් කරන්නේ මෙරට ඉතිහාසයේ වැදගත් පිටුවකට හිමිකම් කියන බුද්දම රජමහා විහාරය පිළිබදවය.එය පිහිටා තිබෙන්නේ සියඹලාණ්ඩුව නගරයේ සිට සැතපුම් දහයක් පමණ දුර අම්පාර දෙසට ගමන් කිරිමේදි හමුවන ඉතා සුන්දර පරිසර පද්ධතියකින් හෙබි ප්‍රදේශයකය.එම ගම්මානයට කියන නමද බුද්දම වේ.

Thursday, November 28, 2013

අය වැයෙන් වැඩක් ගන්නට නම් පෙනේරය හන්ගන්න වෙයි........



අයවැයත් සමග අප රටේ ජනමාධ්‍යට විශාල වගකිමක් දැරිමට සිදු විය.එයට පක්ෂව හෝ විපක්ෂව කතා කිරිමට සහ නිදහසේ සිද්ධිය වාර්තා කර ජනතාව හට අය වැය ප්‍රවෘත්තියක් බවට පත්කිරිමට සිදු විය.මෙම අය වැය මේ මාසයේ කතා කර ලබන මාසේ නත්තලින් නීමාවට පත් කරනු ලබයි.පසුව නත්තල් සිරියෙන් බැබළුන පරිසරය හමුවේ අය වැයක් පාර්ලිමේන්තුවට ඉදිර පත් කලද කියා ජනතාවට මතක නැත.පසුගිය වසරවලද සිදු වුයේ එසේය.

Monday, November 25, 2013

සෙල්ලම් පිස්තොල සහ මෙරට තුල ඇතිවන ගෝත්‍රිකරණය




 මුඛ පරම්පාරවෙන් ගෙන එනු ලැබු මම ඔයාට ආදරේ කියන වචන සහ දින ගණන් හිත හිතා ලියපු ආදර හසුන් අප සමාජයෙන් ඈත් වෙමින් පවතින සමයක පත්තර පිටු පිරේනකම් දකින්ට ලැබෙන්නේ අමානුෂික මිනිමැරුම් සහ ලිංගික වදහින්සනයනය .පියා සහ දියණිය අතර සම්භන්දය මෙන්ම ගුරුවරුන් හා සිසු සිසුවියන් අතරද නිර්මාණය වි ඇත්තේ දුක්මුසු කතන්දරය.අනියම් සබදකම් හමුවේ ඝාතන දිනෙන් දින වැඩිවේ.

Sunday, November 24, 2013

සයිබරයේ අපි ආයිත් සෙට් වෙන්නයි යන්නේ වරෙල්ලා .......





ඇත්තද සයිබර් යාළුවො ආයෙ Set වෙනවා කියන්නෙ?...................





මිය ගිය ....ප්‍රේමය සහ මිය යන කවිකම......



කෝ...............කවිය ..........කෝ ..................ඇය....................
කවියෙක් වෙන්න මම හිතුවා
පැන්තුඩට මුවා වෙලා
හිතේ තියෙන
සිහින ගෙනත්
ධවල වර්ණ
පැහැති කොලේ
කුරුටු ගලා
කුරුටු ගලා
කවි ලියන්න
මම ...හිතුවා
කොහේ ....තියෙන සිහින ද ..................
කවුරු කොහොම මැව්වද ...
කෝ.. කවි
මම මගේ සිතින් ඇසුවා.
ඈත ඉදන් අත වනලා
ඇය මා හට කථාකලා
කවි ලියන්න දුවලා එන්න

සැප කුසගින්න...සහ....පාවෙන ඡන්ද ......


විකල්ප ...... ආණ්ඩු....
 විකල්ප...
පක්ෂ...
විකල්ප
ආකල්ප.......
(.....................................................)
අලුත් පක්ෂ..පරණ..
පක්ෂ.....
අලුත් ජන්ද
පරණ ජන්ද.....
කෝ පක්ෂ.....
කෝ මිනිස්සු.....
සැප...වාහන..
සැප...නිවාස
සැප....කතාව..
.....................................


.....................................
                             ...................................

                               ගෙවල් වල ළමයි
               අඩන විට..කුස ගින්නේ.....අමතකයි........
        මේ හැම දේයම...........
  මේ රටේ ....මිනිස්සුන්ට,......
එවිට සොයන ..
විකල්පය....
කැරැල්ලක්..............

සුවිසැරිය පිටුපස ඇති ශක්තිය


මට මේ විදියට ලියන්න උනන්දු කරන්න ගොඩක් මහන්සි ගත්තේ දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්ති කතෘ නලින් දිල්රුක්ෂ මහතාය.ලේක්හවුස් ආයතනයට මා මුලින්ම ගියපු දවසේ ඉදලා මම ලියන කියන දේවල් වල හොද නරක කියලා, මේ මාවත නිර්මාණය කරලා දුන්න මතකය අමතක කරන්න බෑ. ඒ බව කියන්න මම කැමති.

මේ බ්ලොග් අඩවිය නිර්මාණය කරන්න මම 2009 වසරේ පටන් ගත්ත නමුත් එය නිර්මාණයක් ලෙස දකින්න නොහැකි විම හමුවේ නලින් දිල්රුක්ෂ මහතාගේ සමකය වටේ බ්ලොග් අඩවිය හරහා මා සතු නිර්මාණ  පලකිරිම හමුවේ මා සතුටු වුණේමි.
 ඔහු මේ ගමනට ලබා දුන් සහය කියා නිම කිරිමට නොහැකිය.
 මේ අතර තුර මට තවත් බ්ලොග් අඩවි සැරිසරන්නෙකු මා හට හමු විම සුන්දරය ඔහු සුලක්කන චාමරය මේ සුවිසැරිය ගොඩනගන්නට දින කිපයක සිට අත දෙන්නෙකි.
සුවිසැරිය තුලින් දැන් මා දකින ලෝකය ඔබ වෙත ගෙන එන මාවත නිර්මාණය කර හමාරය. මේ නිර්මාණය ගෙන  එන්නට හයියක් වු  නලින් දිල්රුක්ෂ මහතාටත් සුලක්කන චාමර   සගයාටත් මාගේ ප්‍රනාමය