Sunday, May 4, 2014

ත්‍රස්තවාදි ජනමාධ්‍ය කලාව..................



මෙරට ජනමාධ්‍ය පශ්චාත් යුද සමයෙන් පසුව ක්‍රියාත්මක වු අාකාරය අනුව පෞද්ගලික අරමුණූ මුදුන් පමුණුවන අයුරින් ක්‍රියා කල බව තර්ක කල හැකි නම් ජනමාධ්‍ය වුවද ත්‍රස්තවාදි ක්‍රියාවලියක් සිදු කල බවට සනත කල හැකිය.වසර ගණනාවක් මෙරට පැවති යුද්ධය වැඩි දියුණ කිරිමට ජන මාධ්‍ය සහය ලබා දුන් බවටද තර්ක කල හැකිය.යම් විටෙක ජන මාධ්‍ය තුලින් යුද විරයන් නිර්මාණය කල අවස්ථා තිබේ. එය යුද්ධය නැවැත් විමට හෝ යුද්ධය වැඩි දියුණු කිරිමට වශයෙන් තරක කල හැක.මුදල් සහ බලය විකාශනය කිරිම හමුවේ යුදධය ඇති දැඩි වු බවක් තිබෙන බවද තර්ක කල හැක.මෙම තර්ක හමුවේ ඇගිලි තුඩු විවිධ අයුරින් ජනමාධ්‍ය වෙත එල්ල කල හැකිය.එසේ නම් මෙරට යුද්ධය තර්කයක් වන්නේ මාධ්‍ය භාවිතය හමුවේ විම ඇතැම් විට පුදුම සහගත විය හැකිය.මේ නිසාම නියපොත්තෙන් කැඩිය හැකි දෙය පොරොවෙන් කැපිමට සිදුවුවා විය හැකිය.