නින්ද නැතිව කොළඹ කොටුවේ
ඇවිද්ද පය හිරි වැටෙනවා
මගින් මගට නැවති නැවති
උන් හොයන්න මමත්
ගියා.......
සුද්දා හදපු කොලේම් පුරේ
මම කව්රුද උන් කව්රුද
දන්නේ කව්ද....උන්
ලොක්කොළු
උන්ගේ ලෝකේ.......
මුහුදු වෙරළ කැරළි ගසයි
..
තව දවසක් ඇවිත් කියයි...
විශ්වය මැන විශ්වය මත
ඇවිද
යන්න උන් හැමොම
එකතුවේලා.................
දන්න කියන අය ඉදිද නොදන්න
මම තුස්නිම් භූතයි.......
එකා දෙන්නා හිනා
වෙනවා....
දන්න අයට හිනා පනි
නොදන්න මම හිනාවෙනවා...
හලේ මචන් උඹ කව්රුද
මම.....මම....
හරි හරි උඹ කොහෙද...මම
..මම
හම්.........
කියන කතා අහන කතා
වැල නොකැඩි කැඩිච්ච නම්
දන්නවාද මම ලියන්නේ
සයිබරයේ .....
හම් .....මගේ කොලේ
මගේ එකේ......
මට හිතෙනනවා...මම ලියනවා
එකෙක් කියයි.....
“ලියාපදිංචිය කරනවා
චිකන්ද වෙජිටබලද
දවල් කෑම .......“
අරුම පුදුම මුහුදු වෙරළ
කැරළි ගසයි....සේකරත්
හිටියා නම්
කියලා හිතුනා.....ඉර හද
තරු
වෙනස් කරලා උන් ලියනවා
කැරළි කාර මහ නඩයම
එකා දෙන්නා .....හිනා වෙනවා
මම ඉන්නවා මම ....දන්නවා
සයිබරයේ කැරළි කාර
පිටු පුරවන නාඩගමක් ....
හම් .......
තරග කරලා මුහුණු බැදලා
අපි හැමොම හඩතලනවා
අතිතයේ මහ වන මැද
දඩයම් සොය සොයා දුවන
මහ වැද්දෙක් මට හිතෙනවා
......
මහ කැලයේ සතුන්ගේ හඩ
ඇස නොපෙනේ සත්තු හඩයි
මම වැද්දෙක් මටම
හිතෙයි...
දුණු ඊ ගෙන ......දඩ බිම
මැද
මහ දඩමන් ......
නලල තියා කැරකි කැරකි
පිම්මේ දුවන උන් අතරින්
මම දුවනවා........
සංස්කෘතියේ මහා වෙනසක්
ධනවාදි ආර්ථකේ
.....කැරකෙන
මහ කරකැවිල් ....මම
දුවනවා
කොලින් යන්න මම හදනවා
මම වැටේනවා ............
ධනවාදයේ සංකේතය
උන් හිනහේ මම වැටේනවා...
ගම් පෙරළියේ පියල් වගේ
කොළඹ ඇවිත් මම දුවනවා
අන්ද වෙලා කරකැවෙනවා
මම දිනනවා......කොළඹ
ක්‍රමය වෙරළ අයිනේ
විදුරු පුරවලා
මම.....බොනවා...විස්කි
බෑන්ඩි......බයිට් නැතිව''
මම නටනවා උන් නටනවා
සයිබරයම අද නටනවා....
දැන් ඉවරයි ....
සයිබරයේ මහ තොවිලය
අතුරයා ලෙඩ උනාළු දැන්
හොදයිළු
දැන් හොදයිළු....
එක එක කට්අඩියට එක එක
මන්තර ....සයිබරයේ මහ
මන්තර
ආරුඩෙන් කියපු එවා
ආරුඩෙන් හොද
කෙරුවළු......
කව්ද දන්නේ කව්ද කිව්වේ
සයිබරයේ මහා මන්තර............
එකා දෙන්නා යන්න යනවා
මම විතරක් ......කොහෙද
යන්නේ
මම මතුරමි මගේ මන්තර
සයිබරයම
වේව්ලන්නට ........
පට්ටයි කියන්නේ පට්ටම පට්ටයි
ReplyDeleteලබන සැරේ මේක උබම කියපන් ගෙට්ටුවේදිම
ReplyDeleteඅනිවා
Deleteකියන්නම් කවි කවි කරලම .......වැඩේ විදින් පුළුවන් නම් එළ
Deleteලබන සැරේ කියමු , දන්න කියන අපේ එවුනට මේ ගැන් කියන්ට ඕනෑ හොදේ කියවන්න
ReplyDeleteඑන්න කියලා පනිවුඩක් යවන් හොදේ
චන්දන අයියා කැරකි කැරකි දුවපු හැටි නම් තාම මතක් වෙනවා....ඒක Vedio එකක Record වෙලා නැද්ද????
ReplyDeleteනැ ඒක කව්රුවත් හිතපු නැති දෙයක් තිබුණා නම් නියමයි
Deleteනියමයි මචො නියමයි
ReplyDeleteස්තුති රස වින්දට
Deleteෂා..මරු...සුපිරියි.....අවුරුදු උත්සවේදී ඔබේ හඬින් මෙය ගයන්න....
ReplyDeleteහරි තව ලියලා ඉවර නෑ මේ බිච් පාටියේ කවි එවත් කියවලා ඉමු
Deleteමාරු ඈ
ReplyDeleteරස වින්දට ස්තුති .....
Deleteනියමයි...!
ReplyDeleteටයිපින් මිස්ටේක් ටිකක් තියෙනවා, ඒකත් හදමු.
සුපිරිම තමා චන්දන
ReplyDeleteස්තුති මේ වචන වලට කාටද ආඩම්බර මගේ මේ ගමන ගැන නලින් මහත්තයට තමයි .
Deleteසයිබර් ආරූඩය ......නියමයි!
ReplyDeleteස්තුති රස ප්‍රතිචාරයට
Deleteබ්ලොග් ගෙට්ටුව වාර්තාකරණයේදී චන්දන සෑහෙන්න මහන්සි වෙච්ච බව මම දැක්කා...
ReplyDeleteසහය සහ සහයෝගය වැදගත් වැදගත් වැඩකට
Deleteබොලා ඔක්කොම එතකොඩ මූඩීයෙන් වක්කරන් එක බෝතලේ බීලද අර කොල්ලව මූදට ඇදල දැම්මෙ?
ReplyDeleteඔව් ඒක තමයි මේ බේලෝග පටියේ වැදගත් කම අපි මදු විත ටිකක් විතරක් අරගත්තා බිව්වේ නෑ
Deleteහරිම සුන්දරයි හරිම සුන්දරයි!
ReplyDeleteස්තුති කියවා වින්ද මියුරු රස මියුරු වර්ණාවට
Deleteවැඩක් නෑ කියලා
ReplyDeleteඒකනේ .....කියන්නේ පද හරඹ ලස්සනයි කියලා
Deleteසුපිරි ඈ.............................
ReplyDeleteඑකෙන්ම එල (YY)
ReplyDeleteයමක් තිබුන බව දැනුන එය රස කර කියවු ඔබට ස්තුති
Deleteඅදමයි මේ පැත්තේ ආවේ... ^_^
ReplyDeleteසාදරයෙන් පිළීගන්නවා
Deleteෆට්ට
ReplyDeleteස්තුති රස වින්දට
Deletehitinkoo natapu video tika heta dhaanakan..
ReplyDelete