Tuesday, December 24, 2013

සයිබරයම සලිත වේලා...මහ මන්තර පොඩි මන්තර



නින්ද නැතිව කොළඹ කොටුවේ
ඇවිද්ද පය හිරි වැටෙනවා
මගින් මගට නැවති නැවති
උන් හොයන්න මමත් ගියා.......
සුද්දා හදපු කොලේම් පුරේ
මම කව්රුද උන් කව්රුද
දන්නේ කව්ද....උන් ලොක්කොළු
උන්ගේ ලෝකේ.......

මුහුදු වෙරළ කැරළි ගසයි ..
තව දවසක් ඇවිත් කියයි...
විශ්වය මැන විශ්වය මත ඇවිද
යන්න උන් හැමොම
එකතුවේලා.................
දන්න කියන අය ඉදිද නොදන්න
මම තුස්නිම් භූතයි.......
එකා දෙන්නා හිනා වෙනවා....
දන්න අයට හිනා පනි
නොදන්න මම හිනාවෙනවා...
හලේ මචන් උඹ කව්රුද
මම.....මම....
හරි හරි උඹ කොහෙද...මම ..මම
හම්.........
කියන කතා අහන කතා
වැල නොකැඩි කැඩිච්ච නම්
දන්නවාද මම ලියන්නේ සයිබරයේ .....
හම් .....මගේ කොලේ
මගේ එකේ......
මට හිතෙනනවා...මම ලියනවා
එකෙක් කියයි.....

“ලියාපදිංචිය කරනවා
චිකන්ද වෙජිටබලද
දවල් කෑම .......“
අරුම පුදුම මුහුදු වෙරළ
කැරළි ගසයි....සේකරත් හිටියා නම්
කියලා හිතුනා.....ඉර හද තරු
වෙනස් කරලා උන් ලියනවා
කැරළි කාර මහ නඩයම
එකා දෙන්නා .....හිනා වෙනවා
මම ඉන්නවා මම ....දන්නවා
සයිබරයේ කැරළි කාර
පිටු පුරවන නාඩගමක් ....
හම් .......
තරග කරලා මුහුණු බැදලා
අපි හැමොම හඩතලනවා
අතිතයේ මහ වන මැද
දඩයම් සොය සොයා දුවන
මහ වැද්දෙක් මට හිතෙනවා ......
මහ කැලයේ  සතුන්ගේ හඩ
ඇස නොපෙනේ සත්තු හඩයි
මම වැද්දෙක් මටම හිතෙයි...
දුණු ඊ ගෙන ......දඩ බිම මැද
මහ දඩමන් ......

නලල තියා කැරකි කැරකි
පිම්මේ දුවන උන් අතරින්
මම දුවනවා........
සංස්කෘතියේ මහා වෙනසක්
ධනවාදි ආර්ථකේ .....කැරකෙන
මහ කරකැවිල් ....මම දුවනවා
කොලින් යන්න මම හදනවා
මම වැටේනවා ............
ධනවාදයේ සංකේතය
උන් හිනහේ මම වැටේනවා...
ගම් පෙරළියේ පියල් වගේ
කොළඹ ඇවිත් මම දුවනවා
අන්ද වෙලා කරකැවෙනවා
මම දිනනවා......කොළඹ
ක්‍රමය වෙරළ අයිනේ
විදුරු පුරවලා
මම.....බොනවා...විස්කි බෑන්ඩි......බයිට් නැතිව''

මම නටනවා උන් නටනවා
සයිබරයම අද නටනවා....
දැන් ඉවරයි ....









සයිබරයේ මහ තොවිලය
අතුරයා ලෙඩ උනාළු දැන් හොදයිළු
දැන් හොදයිළු....
එක එක කට්අඩියට එක එක
මන්තර ....සයිබරයේ මහ මන්තර

ආරුඩෙන් කියපු එවා
ආරුඩෙන් හොද කෙරුවළු......
කව්ද දන්නේ කව්ද කිව්වේ
සයිබරයේ මහා මන්තර............
එකා දෙන්නා යන්න යනවා
මම විතරක් ......කොහෙද යන්නේ
මම මතුරමි මගේ මන්තර සයිබරයම
වේව්ලන්නට ........





34 comments:

  1. පට්ටයි කියන්නේ පට්ටම පට්ටයි

    ReplyDelete
  2. ලබන සැරේ මේක උබම කියපන් ගෙට්ටුවේදිම

    ReplyDelete
    Replies
    1. අනිවා

      Delete
    2. කියන්නම් කවි කවි කරලම .......වැඩේ විදින් පුළුවන් නම් එළ

      Delete
  3. ලබන සැරේ කියමු , දන්න කියන අපේ එවුනට මේ ගැන් කියන්ට ඕනෑ හොදේ කියවන්න
    එන්න කියලා පනිවුඩක් යවන් හොදේ

    ReplyDelete
  4. චන්දන අයියා කැරකි කැරකි දුවපු හැටි නම් තාම මතක් වෙනවා....ඒක Vedio එකක Record වෙලා නැද්ද????

    ReplyDelete
    Replies
    1. නැ ඒක කව්රුවත් හිතපු නැති දෙයක් තිබුණා නම් නියමයි

      Delete
  5. නියමයි මචො නියමයි

    ReplyDelete
  6. ෂා..මරු...සුපිරියි.....අවුරුදු උත්සවේදී ඔබේ හඬින් මෙය ගයන්න....

    ReplyDelete
    Replies
    1. හරි තව ලියලා ඉවර නෑ මේ බිච් පාටියේ කවි එවත් කියවලා ඉමු

      Delete
  7. නියමයි...!

    ටයිපින් මිස්ටේක් ටිකක් තියෙනවා, ඒකත් හදමු.

    ReplyDelete
  8. සුපිරිම තමා චන්දන

    ReplyDelete
    Replies
    1. ස්තුති මේ වචන වලට කාටද ආඩම්බර මගේ මේ ගමන ගැන නලින් මහත්තයට තමයි .

      Delete
  9. සයිබර් ආරූඩය ......නියමයි!

    ReplyDelete
    Replies
    1. ස්තුති රස ප්‍රතිචාරයට

      Delete
  10. බ්ලොග් ගෙට්ටුව වාර්තාකරණයේදී චන්දන සෑහෙන්න මහන්සි වෙච්ච බව මම දැක්කා...

    ReplyDelete
    Replies
    1. සහය සහ සහයෝගය වැදගත් වැදගත් වැඩකට

      Delete
  11. බොලා ඔක්කොම එතකොඩ මූඩීයෙන් වක්කරන් එක බෝතලේ බීලද අර කොල්ලව මූදට ඇදල දැම්මෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි මේ බේලෝග පටියේ වැදගත් කම අපි මදු විත ටිකක් විතරක් අරගත්තා බිව්වේ නෑ

      Delete
  12. හරිම සුන්දරයි හරිම සුන්දරයි!

    ReplyDelete
    Replies
    1. ස්තුති කියවා වින්ද මියුරු රස මියුරු වර්ණාවට

      Delete
  13. වැඩක් නෑ කියලා

    ReplyDelete
    Replies
    1. ඒකනේ .....කියන්නේ පද හරඹ ලස්සනයි කියලා

      Delete
  14. සුපිරි ඈ.............................

    ReplyDelete
  15. Replies
    1. යමක් තිබුන බව දැනුන එය රස කර කියවු ඔබට ස්තුති

      Delete
  16. අදමයි මේ පැත්තේ ආවේ... ^_^

    ReplyDelete
  17. hitinkoo natapu video tika heta dhaanakan..

    ReplyDelete