Sunday, November 24, 2013

මිය ගිය ....ප්‍රේමය සහ මිය යන කවිකම......



කෝ...............කවිය ..........කෝ ..................ඇය....................
කවියෙක් වෙන්න මම හිතුවා
පැන්තුඩට මුවා වෙලා
හිතේ තියෙන
සිහින ගෙනත්
ධවල වර්ණ
පැහැති කොලේ
කුරුටු ගලා
කුරුටු ගලා
කවි ලියන්න
මම ...හිතුවා
කොහේ ....තියෙන සිහින ද ..................
කවුරු කොහොම මැව්වද ...
කෝ.. කවි
මම මගේ සිතින් ඇසුවා.
ඈත ඉදන් අත වනලා
ඇය මා හට කථාකලා
කවි ලියන්න දුවලා එන්න


අතිතයේ එක් දවසක
පාළු නිසල අහසක් යට
ඇයත් මමත් ඇවිද ගියා...........ඇය කියනවා
මට ලියන්න
ඇය ගැන කවි රස මවලා............
කවියන් මිහිපිට හිටියළු ,
ගැහැනුන් ගැන කවි ලිව්වළු......
ඒ අය අද පස් යට හිද
අපි දෙන්නට හිනා වේවි
මොනවා ගැන ද
කවි ලියන්නේ........................
කවි කොහොම ද මම ලියන්නේ.........
සේකර රමණි ගැන
හැමදාමත් කවි ලිව්වා
ඔහු මළ පසු සොහොන් කොතේ
කවි ලියන්න ඇයට කිව්වා
ඇය දන්නෑ කවි ලියන්න
රමණි.... නෑ ,
සොහොන් කොතේ කවි ලිව්වේ,
කිසිම දිනක
මම.............කොහොමද කවි ලියන්නේ..
දෙනො දහක් අතර ඉදන්
ඇය මා හා සිනා සුනා ....
ඒ සිනාව තුරුළු කරන්
කවි ලියන්න ඈ කියනවා........
කොළඔ කොටුවේ
බෝ ගහයට
දුම් දම දමා
පිම්මේ දුවන වහන අස්සේන්..,
එබේමින්
යාචකයින්
හිනාවෙනවා
උන් කොහොමද දැන ගත්තේ
ඇය ගැන මම කවි ලියනවා ,
සිනිදු සීත අතැගිලි වල
සිනිදු කමට කවි ලියද්දි
යාචකයින්
හිනා වෙනවා.
මම කොහොමද කවි ලියන්නේ.............

දුන්හිද අද්දරට වෙලා
හිනා වේවි අපි හිටියා.........
දුන්හිද අපි පසුකරගෙන
පල්ලම් බැස යන්න ලියා,
ඈත සිහින කොදෙව්වකට
ඇවිද යන්න පාර දිගේ
අපි දෙන්නම ගලින් ගලට
පැන පැන විත්
නතර වෙලා බලා උන්නා ,
“කන්න බොන්න විදියක් නෑ
දින දෙකකින් කෑවෙත් නෑ
කෑස්ස වමනය
බඩේ අමාරුව
දැන් හොදයි... බඩ ගිනි
පිං සිද්ධ වෙයි
කියක් හරි දීලායන්න,
මම කොහොමද කවි ලියන්නේ...........................


දවසක් දා පොතක් ඇතුලේ
ලියලා තිබුනා කවියන් ගැන
සුන්දරළු කවි....
....................................................කොහෙද ,කොතන ද ,කොහොමද ,
සුන්දර වුණේ ඒ කවි පද කොච්චියේ ගමට යද්දි
ටිකට් එකේ ලියවුන කවී
කොච්චියෙන් වැඩට යද්දි
ටිකට් එකේ ලියවුන කවී,
ඩකස්, ඩකස්,
මහා සද්දෙන්
ඇදී යද්දි ලියවුන කවි
සුන්දරළු ඒ කවි පද..............
මම කොහොමද ,
මම මොනවද.,
මට කියද්දි,
මම දන්නා
ලග හීදිනා,
ඈ ගැන කවි
පද..
ලියන්නේ.............
කෝච්ච්යෙන් එද්දි
අතර මගදි හැම තැනදිම
දත් තිස් දෙක එකතු කරලා
හිනා වෙලා ඉන්නා අය,
කටවුට්වල..,කොච්ච්යේ හඩ අස්සෙන්
ඩකස් .... ඩකස්......ඩකඩකස්........
‘අලියත් අද නෑ ,
අතකුත් අද නෑ,
පිල්මාරුව උන්හැමෝම
මෝඩ වෙලා අපි හැමෝම
බඩුත් මිළයි අහස උසට
වයිමා ඇවිත් ලගදි ගියා
බඩු මිළ දැන් අඩු වේලාළු.....
හම්...කෝච්ච්යේ හඩ අස්සෙන්
තවත් එකෙක්
කෑ ගහනවා
ජන්දේ.... හින්දා... ජන්දේ... හින්දා...
අපි අහුවෙයි ..අපි අහුවෙයි,
ඔව්.... ඔව්

අපි අහුවෙලා ජන්දේ දෙන්නේ
ජන්දේ දෙන්නේ අපි හැමොම,
ලගදි ඉදන් හිනා වෙන්නේ
අපි කොහොමද ජන්දේ දෙන්නේ
“කකුල් දෙකත් හිරි වැටෙනවා
අත් දෙක නිල් පාට වෙලා ,
ඇය කියනවා මට ඇහේනවා
මම කොහොමද කවි ලියන්නේ
සීගිරියේ ගල මුදුනේ සුන්දර වු පැලක් හදන්
කටු මැටි ගා පිරිමැදලා
අපිත් ඉමුකො තුරුළු වෙලා
ගලෙන් බැහැලා අප්සරාවෝ
පවන් සලයි අපි දෙන්නට
කැටපත් පවුරේ හැම තැන
කවි ලියාවි උන් හැමොම
අපි කොහොමද ?
එහෙම ඉන්නේ.......

“කකුල් දෙකත් හිරි වැටෙනවා
අත් දෙක නිල් පාට වෙලා,
ඇය කියනවා
මට ඇහේනවා
මම කොහෝමද කවි ලියන්නේ
ඉතිහසයේ පෙර දවසක
අපි ආවළු කැළේ මැදින්
ඒ... එනකොට කැළේ මැදින්
වැද්දෙක් විත් උරන වෙලා
මාත් එක්ක අතින් පයින් කදෙන් ඇගෙන්
සවි ශක්තිය බලනා විට
ඔබේ අතේ සුරකිව තිබු
අසිපත ගෙන දුන් හින්දා
ඒ,......වැද්දට,
මම මැරුණා ඌ හිටියා
මට වැරදුනා...........
ඒ මනමේ මම නොවෙයිනේ
ඒ....කුමරිය ඔබ නොවෙයිනේ
අපි දෙන්නම කොහේ හිටියේ
ඉතිහාසයේ පෙර දවසක
මම කොහොමද කවි ලියන්නේ
ඇය අඩනවා ඇය කියනවා
“කකුල් දෙකත් හිරි වැටෙනවා
අත් දෙක නිල් පාට වෙලා,
ඇය කියවා...........මට ඇහෙනවා

මම කියනවා කොහොමද මම කවි ලියන්නේ
තරු එළි වැට පාර කියයි හෙට දවසට එන්න
කියයි  සෙවනැලි නැති
ඝණ අදුරේ,
තවත් වරක්
හද පායයි,
ඉර පායයි,
කවි ලියන්නේ කොහොමද මම,
කවි කම දැන් පන අදිනවා,
මට දැනේනවා
අතිතයක් නැති කවිකම
ඇය ලග හිද පන අදිනවා.............

No comments:

Post a Comment