ණය කියන වචනය
මෙරට ජනතාවට නුපුරුදු වචනයක් නොවේ.ණය විම ඉතා සුන්දර දෙයක් බවට මෙරට ජනතාව අතර ප්‍රචලිතව
පවති.නමුත් මේ සුන්දරත්වය මත රටම ගිනි ගොඩක සිටින බව පසක් කර ගැනිමට කිසිවෙකු
උත්සහ ගන්නේ නැත.තවත් ණය ගැනිමට සහ ණය දිමට මෙරට පසුබිම සකස්වී තිබේ.රජයේ සමස්ථ
සේවක සංඛ්‍යෙවන් සියයට අනුපහක පමණ ප්‍රමාණයක් විවිධ වු ණය වර්ග ලබාගෙන තිබේ.එම ණය
ඔවුන් සතුටු කරනවාද නොමැති නම් විදවනවාද යන්න රටම දන්නා කරුනකි.
දිනය ආරම්භයේ
තම ජිවිතයට බලාපොරෝත්තු එක් කරන වෙළද පොළ හසුරවන ජනමාධ්‍ය ඔස්සේ විවිධ වු අවශ්‍යතාවයන්
එක් කරන විට එම අවශ්‍යතාවයන් හමුවේ ඇති කර ගන්න සිතුවිලි තමන් ණය කරයෙකු බවට පත්කර
ජිවිතයේ ඇති සුන්දරත්වය මිළදි ගන්නා බව මේ අය නොසිතයි.තරගකාරිව දුවන සමාජය තුල අප
අපට අමතක කර ඇති ඇයුරු පිළිගන්නට මෙරට ජනතාව අපොසත්ව ඇත.රටේ ජනතාව සෑම තත්ත්පරයකම
අවශ්‍යතා දහසක් මත ණයවේ.