Monday, September 8, 2014

සුරසැප සොයා ණය වන ලාංකිය පුරවැසියා වල්මත්වේ.



ණය කියන වචනය මෙරට ජනතාවට නුපුරුදු වචනයක් නොවේ.ණය විම ඉතා සුන්දර දෙයක් බවට මෙරට ජනතාව අතර ප්‍රචලිතව පවති.නමුත් මේ සුන්දරත්වය මත රටම ගිනි ගොඩක සිටින බව පසක් කර ගැනිමට කිසිවෙකු උත්සහ ගන්නේ නැත.තවත් ණය ගැනිමට සහ ණය දිමට මෙරට පසුබිම සකස්වී තිබේ.රජයේ සමස්ථ සේවක සංඛ්‍යෙවන් සියයට අනුපහක පමණ ප්‍රමාණයක් විවිධ වු ණය වර්ග ලබාගෙන තිබේ.එම ණය ඔවුන් සතුටු කරනවාද නොමැති නම් විදවනවාද යන්න රටම දන්නා කරුනකි.

දිනය ආරම්භයේ තම ජිවිතයට බලාපොරෝත්තු එක් කරන වෙළද පොළ හසුරවන ජනමාධ්‍ය ඔස්සේ විවිධ වු අවශ්‍යතාවයන් එක් කරන විට එම අවශ්‍යතාවයන් හමුවේ ඇති කර ගන්න සිතුවිලි තමන් ණය කරයෙකු බවට පත්කර ජිවිතයේ ඇති සුන්දරත්වය මිළදි ගන්නා බව මේ අය නොසිතයි.තරගකාරිව දුවන සමාජය තුල අප අපට අමතක කර ඇති ඇයුරු පිළිගන්නට මෙරට ජනතාව අපොසත්ව ඇත.රටේ ජනතාව සෑම තත්ත්පරයකම අවශ්‍යතා දහසක් මත ණයවේ.

උදැසන හයට පමණ කොළඹ වීදි දිගේ ගමන් කරන විට දහසක් මිනිසුන් මැදින් මම ඇවිද ගියෙමී . සියළු දෙනා ගොළුවන් සේ තම ජන ජිවිතය ආරම්භ කර ඇත. පෙරදින මෙරට නාළිකා තුලින් විකාශනය කල ටෙලිනාට්‍ය නරඹා එක එළවළුවක් සමග උදේ කෑම එක සුදානම් කර දවල්ට හිත සහ දිව රවට්ටා ගැනිමට කැමට තවත් දෙයක් එක් කර ගන්නා අය තමන්ට ඇති හොදම ඇදුම ඇද මග බසින විට නැවත සමාජ ගතවන්නේ ඔහුගේ මුදල් පසුම්බිය සමග යුද්ධ කිරිමටය.මනස ඇතුලෙ ප්‍රශ්න දහසක් සගවා ගන්නා මිනිසා කොළඹ විදි දිගේ ගමන් කරයි.මේ ජනතාව දෙස ඔබ බලාසිටියාද කිසිවෙකු සතුව සන්සුන් මනසක් නැත.කිසිවෙකු සතුව සිනහවක් නැත.කිසිවෙකු සතුව සරළ මනසක් නැත.කාර්යාලය කර දුවන අතර තුර මේ අය සමාජයට කොතරම් බියවී ඇතිද යන්න ඒ අය තුලින් දක්නට ලැබේ.කය පමනක් පාරේ ගමන් කරයි .ඔවුන් සතු ප්‍රශ්නවල අවසානයේ ණයක් ඇත.

පඩිපත අතට ගන්නා විට තමාගේ මුලික පඩියෙන් කියක් අතට එනවාදැයි මේ අය හොදා කාරවම දනි. නිවාස ණය මුළුතැනගේ උපකරණ ණය උගස්ණය රථවහන වෙනුවෙන් ගත් ණය සහ වෙනත් ණය වර්ග රජයේ නිළධාරින් ගේ පඩිපතෙතන් අඩුවේ .ගුරුවරුන් මෙහි ඉහල තැනක සිටින අතර මෙරට ගුරුවරුන් මේ වන විට තම රාජකාරිය පවා අමතක කරන තත්ත්වයට පත්ව ඇත.ණය බරින් මිරිකෙන අතර තුර තම සේවා ස්ථනයේ මගුල් ගෙවල් මළ ගෙවල් සහ වෙනත් වියදම් අතර ඔවුන් තනිව සිටි.දු දරුවන් සදහා දුවන පිම්මට විශාල වියදමක් දරන්නට ඔවුනට සිදුව තිබේ.මෙම තත්ත්වය තරගකාරිය සිදුවන අතර එයින් වෙන්ව ක්‍රියා කිරිමට ඔවුනට නොහැකිය.නිවාසක් හදාගැනිම රජයේ සේවකයින්ට සිහිනයකි .එයට විශෘල ණය ප්‍රමාණයක් උළුමනා කර තිබේ .විටෙක තමන් සිටින පරිසරය සහ තම සේවා ස්ථානයේ සිටින අනෙකුත් අය අතර සිටින්නට තට්ටු නිවසක් අලංකාර ගෙවත්තක් උවමනා වේ ඒ සදහා මේ අය ගන්නා ණය ප්‍රධාන තැනක් ගෙන ඇත.ඇතැම් විට මෙම ණය ගෙවා නිම වන විට විශ්‍රාම සුවය ලබන අවදිව පැමිණ තිබේ.ඇතැම් විට එම නිවාස විකුණා දැමිමට සිදුවේ.ඒ ණය බරින් නිදහස් විමටය.


කාර් එකක් ගන්න එකත් සිහින අතර තිබෙන දෙයක් අනිකාට වඩා තමන් සතුව හොද කාර් එකක් තිබිම සතුටට කරුනකි .එම නිසා ණය ගොන්නට වහනයක්ද රජයේ නිළධාරියා ඇතුලත් කර ගනි.මෙය ගෙවා ගැනිමට නොකා නොබි සිටින අය අතිමහත්ය.විටෙක සිතෙන්නේ රජයේ සේවකයා මේ සුකුරුත්තන් සමාජ ක්‍රමය හමුවේ පිඩිතව සිටිනුයේ ඔහුගේ උවමනානේ බවය.මෙරට රජයේ සෙවකයා විදින ජිවිතයට වඩා විදවන ජිවිතය මහත් වේදනාවක් වන අතර එම වේදනාව සගවා ගෙන සිටිමට ගන්නා උත්සහය ඊටත් වඩා වේදනාකාරිය.
අල්ලස් ගැනිම් සහ අයතා මුදල් හම්බකරන්නට මේ අනුව රජයේ සේවකයා පෙළඹේ.එය ඔහු නොදැනුවත්වම සිදුවන අතර එකිනෙකා තම ජන ජිවිතය තුල හොරුන් තක්කඩින් බවට පත්ව තිබේ.
ගුරුවරුන් තම පංති කාමරය තුල නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැපවිම වෙනුවෙන් ගන්නා පඩියද ඊට අමතරව බහිර පංතිද කරනු ලබන්නේ මේ රැල්ලට එකතුවිම හේතුවෙන් සිදුවන මානසික පිඩනය නිවා ගැනිම සදහාය.ඒ අතර තුර සිදුවනුයේ නිදහස් අධ්‍යපනය නිසි පරිදි සමාජ ගත නොවි පංති කඩකාමරයේ මුදලාලි බවට ගුරුවරයා පත් වී වංචා කාරයෙකු විමය.

මෙම තත්ත්වය පොලිස් නිළධාරින් හට මිටත් වඩා බලපැමක් එල්ල කරයි.ඔහු මධ්‍යම පාංතික සමාජයට පා තබමින් තම පඩිය මත් ජිවත් වනවා සේම තම රාජකාරිය හමුවේ හේම්බත්ව සිටි.එනම් දරුවන් තව තැනක තමන් වෙන තැනක විශේෂ සේවාවන් සදහා සහ අත්‍යවශ්‍ය සේවාවක් බවට පොලිසිය පත්විම හමුවේ විඩපත්වන ඔහු වෙනත් රජයේ සේවකයිනට වඩා තම පඩිය පිලිබද මැසිවිලි නගන්නෙකි.එය විටෙක නිවැරදිය මෙරට සමන්‍ය හමුදා නිළධාරියෙකුට ඉහල වැටුපක ලැබුනද පොලිස් නිළධාරියා ඉන් අඩක් ගන්නා අයෙකු බවට පත්ව ඇත.ඔහු තම වැටුප හමුවේ තම අවශ්‍යතාවයන් ගලපා ගැනිමට ණය වී සිටින අයෙකි.ඔහු විටෙක සමස්ථ සමාජයට එන්නට වැරදරණවිට අල්ලස් සහ වෙනත් දෑ සදහා යොමුවන අවස්ථා දක්නට ලැබේ .පොලිසිය සහ නිළධාරියා තම ජන දිවිය ගත කරනු ලබන අයුරු විටෙක විශ්මිතය.
ණය පිළිබද සමස්ත රට තුල විවෘත කතාබහක් නොමැත.එය සැගවුන සමාජ ආක්‍රමණයක් වන අතර රටක සතුටින් සිටින ජනතාවක් නිහඩ කරවන සිදුවිමකි.සැපවත් ජනදිවියක් උදෙසා සටන් කරණ විට මේ ණය විම කරන්නට සිදුවන බව කවරෙකු හෝ කියන්නට පුළුවන.
විවෘත ආර්ථියත් සමග යන රැල්ල මත නලියන ලංකිකයා තම අරමුණ මත කෙසේහෝ කටයුතු කරනු ලබයි.විදේශ රටක රැකියාවක් කර සමජයේ තැනකට එන්නට ගිය පවුල් වල සිදුව ඇති අවුල් බව සමාජයේ කතාකාවක් බවට පත්වනයේ මැතකාලයේ වන අතර ඒ කාලය තුල පරපුර වල්මත් විම සහ මෙරට සංස්කෘතික විකෘතිය ආරම්භය සටයන් කරයි.එය සමග ණය විම තව දුරටත් විකාශනය වේ රට යන්න ණය වී ඒ පොලිය ගෙවන විට නැවත් ණය වන්නට සිදුව රට ගිය අය අප අතර සිටි.අධ්‍යාපනය සදහා ණය විම පසුව රැකියාවක් කර නිවසක් සහ ජිවිතයක් ගොඩ නගා ගන්නට ඇති ආසාව හමුවේ ණය වී ඉගැන්වු දේමාපියන් මහපාරට වැටි දුක් විදින අවස්ථා දක්නට ලැබේ මේ අපේ සමාජයේ තිබෙන කතාවක් බව අප නොදකි.නමුත් වර්ෂ ගණනාවක් පත්තර පිටු අතර සිදුවන සිදුවිම් මිනිමැරිම් සහ දිවිනාසා ගැනිම් මුලිකව ඇත්තේ ණය විම නිසා බව දැන ගත හැකිය.

ජනතාවගේ සතුට විනාශ විමට ණය විම කොතරම් බලපානවද යන්න සමාජ විමර්ශනයක් කල යුතු කාලය එළැඹ ඇත.ඇතැම් ගොවින් ලිසින් ආයතන හමුවේ තම අස්වැන්න සහ දහඩිය මහන්සිය වේදනාවක් බවට පත් කරගෙන සිටි.කන්න ක්‍රමයට තම ගොවිතැනට අවශ්‍ය උපාංග සහ වාහන මිළදි ගත්තද ලිසිං ආයථන අවසන් වාරිකය ප්‍රමාද වු විට එය බලහත්කාරයෙන් රැගෙන යනු ලබයි.එවිට තම ජිවිත කාලය තුල හරිහම්බ කල දනය එකවිට විනාශයට පත්වේ .මැතකාලයෙදි අම්පාර පොල්ලෙ බැද්ද ගම්මානයේ අදිවාසි ගොවියෙක් තම ජවිතය ගැන කනස්සල්ලෙන් පවසා සිටයේ තමන් ජවිත කාලය තුල හම්භ කල සියල්ල නැතිව ගිය බවත් පොලිසියද මේ ගැන නිහඩ වු බවත් තමන් අත්සන් කල ඉංශ්‍රිසි ලියවිල්ල තුල තමන් එම ණය ප්‍රමාදය හමුවේ තම ට්‍රාක්ටර්ය නැවත් රැගෙන යාමට විරුද්ධ නොව බවට අත්සන් යොදා ඇති බවට සහතික වී ඇති බවය.මෙම පිටිසර ගොවියා තම අත්සන යෙදු ලියවිල් පිළිබද නොදන්නා අතර ඒ පිළිබදව පැමිණි අයද දැනුවත් කර නොමැත.මේ අද රටේ එක් ගොවියෙකු සතු ඉරණම නොව සියළු ගොවින් සතු ඉරණමය.ඔවුන් තම ගොවිතැන සදහා ණය වන අවස්ථා කිපයකි.එනම් තම වගාවට රසයන බෙහේ මිළදි ගැනිමට හා වෙනත් සේවා සදහා මෙම ණය ගෙවා දමන විට වර්ෂය පුරාවටම තමන් නැවත වරක් ණය කාර ගොවියෙකු බවට පත්වේ.මෙරට ගොවින් සදාකාලික ණය කරුවන්ය.එම තත්ත්වය පිළිබද අවධානය යොමු නොකිරිම හමුවේ මෙරට ගොවි රජවරුද හිගන්නන් බවට පත්ව සිට.ගොවින් අස්වැන්න විකිණු පසු නිවසට සුකුරුත්තම් දෑ ගන්නා අයුරු දක්නට ලැබේ .නමුත් මේ අය නැවත වගා කරනවිට අඩු මුදලට විකුනාදමන අයුරුද දක්නට ලැබේ.

සමස්ථ රට ණය වී ඇති අයුරු මිටත් වඩා සංකිර්ණය එය විවිධ සමාජ පැලැන්ති සහ රැකියා අවස්ථාවන් අනුව වෙනස් වේ .මෙරට ආරම්භකරනු ලබන ව්‍යාපාර වලට වඩා දිනකට වැසි යන ප්‍රමාණය වැඩිය.ව්‍යාපාරිකයින් තම ව්‍යාපාර දියුණු කර ගත යුතුය සේවා පුළුල් කල යුතුය.එහිදි තරග කාරිව ඉදරිපත් වන ව්‍යාපාරිකයා හට ණය දිම සදහා බැංකු දත කටමැද සුදානම්ව සිටි.ණය දුන් අය නැවත එම ණය අයකර ගැනිමට උසාවී යනුයේ සියල්ල නැති කර දමමින්ය.අද වන විට පිම්මේ දිව්ව ව්‍යාපරිකයින් නන්නත්තාරව සිටින අයුරු සහ කොඩිවින හුනියම් ගැන සිතමින් කාලය ගත කරනු දකින්නට ලැබේ.මේ රටේ සංවර්ධනයට කොඩිවිනයකි.සරල ව්‍යාපාරිකයෙක් නිර්මාණය කර ජිවිත් විම සහ ගොඩනැගිම සහ ඔහුට දරාගැනිමට ඇති හැකියාව පිළිබද තක්සේරුවක් නැත.මේ හේතුවෙන් බැංකු ඇතුළු මෙරට මුල්‍ය ආයතනවලට තම ජිවිතකාලයම ණයවී සිටින අය අති විශාලය.සමාජයට පෙන්නට මිළේන් අධීක රථවාහන පැදව්වද ණය බරින් නොනිදා නොකා නොබි දුක්විදින අය මෙරට සමස්ථය තුලම දක්නට ලැබේ.

මෙරට ණය නොවී ජිවත් වෙන්නට උගවන බවක් නැත.අනුව දශකයෙන් පසුව මෙරට මුල්‍ය පදනම ව්‍යප්තවනුයේ රටේ සිටින සියළු දෙනා ණය කාරයන් බවට පත් කර නව රැකියා අවස්ථාවන් බිහි කරමින්ය.රක්ෂන ආයතන පිනෑන්ස් ලිසිං ඇතුළු මුල්‍ය ආයතන සියල්ල නව ණය ක්‍රම හදුන්වාදිමේ නව ප්‍රවනතා බිහිවිම මේ කාලය තුල ඉතා වේගයෙන් සිදුවිය.එම තත්ත්වය අද ඉතා බිහිසුනුය.රට තුල සිදුවන දෑ ගැන සොයන්නට රටේ ජනතාවට වේලාවක් නැත.මෙරට සාහිත්‍යක් සිනමාවක් වේදිකා නට්‍යක් ගැන සොයන්නට බලන්නට වේලාවක් නැත.ඇත්තේ තම අලින්දය මැද තියා ගත් රූප පෙට්ටි පමනකි.එය දිනය අවසානයෙදි සුරංගනා කතාවක් නිර්මාණය කරයි.එහි සිටින නළුවන් සුන්දරය ඔවුන් ආදරය කරයි විටෙක ආදරය දමා යයි.ඔවුන් දිනය පුර කන බොන බවක් දක්නට නැත.සියළු දෙනා හට වාහන ඇත.නිවාස අලංකාරය .ගෙවත්ත මල්වත්කි .කිසිවකින්වත් අඩුවක් නැත අදාරය පමනක් අහිමිය.රටේ ජනතාව සතුව ආදරය තිබේ .නමුත් මේ කතා තුල එය විදවන දුකක් බවට පත්ව තිබේ .මෙම චරිත තම ජිවිතය කර ගනිමින් පාරේ යන්නට ඔවුන්ට සිදුව තිබේ.
පවුල තුල ඇති සම්බන්දතාවයන් ගැන සිතන්නට කාලයක් නැත.දරුවන් සමග එකට ගමනක් යන්නට අවස්ථාවක් නැත.ඔවුන් සමග එකට කෑම වේලක් ගන්නට වේලාවක් නැත.ණය බරින් පිඩිත වු මව සහ පියා ගෙට එනවිට ඔවුනට දක්නට ලැබෙනුයේ විඩාබර තරහෙන් සිටින පුද්ගලයන් පමනකි.මේ රටේ සමන්‍යා ජන දිවිය වන අතර එය වෙනස් විදියට දක්නට ඔවුනට නොහැකිය.මේ බව පැවසුවද ඔවුන් එය දකිනුයේ විලම්බිත කතාවක් ලෙසය.
අනෙකා සමග තරග කිරිම හමුවේ මෙරට ජනතාව පිඩා විදි .දේශපානය තුල ඇවන වෙනස් කම් රටේ මුදල් වලට නිසි තැනක් ලැබෙනවාද යන් විමසා බැලිමක් කරන්නට කිසිවෙකුට අවස්ථාවක් නැත.ණය බරින් පිඩා විදින අය තම ණය පියවනට ගන්නා උත්සහයන් හමුවේ සියල්ල අමතකව ඇත.

මේ අතර තුර ජනතාව මෙරට මුල්‍ය සමාගම් වලට ණය වන අතර රටේ නිසි මුදල් පරිහරණයක් ගැන ඔවුන් නොසයන බැවින් විනාශයට පත් වන ධනය පිළිබදව ඇතිවන ගැටළු සදහා පවතින සෑම රජයක්ම පිට රටවලින් ණය ලබා ගැනිමට පුරුදුව සිටි.
ණය විම සුන්දරය. එය මෙරට ජනතාව සතු සතුට උදුරගෙන තිබේ. අසිමිත ආසාවන මත තම ජන දිවිය පටත්වා ගැනිමට හුරුකරවා තිබේ.වානිජ්‍ය දැන්විම් මත තම අවශ්‍යතායන් ඇති කර ගැනිම හමුවේ මෙරට සියළු ජනයා උන්මත්තකයින් බවට පත්ව තිබුම කේදාන්තයකි.
ණය නොවි සිටිමට බැරිය ණය ගෙවිමට ණය විය යුතුය.දරුවන් හට තරග කාරි අධ්‍යාපනය ලබදිමට ණය විය යුතුය.අනෙකාට වඩා සැපවත්ව සිටින බවට පෙනවිමට ණය විය යුතුය.නිවස පුරා ණය වී සුපොකභොගී භාණ්ඩ ප්‍රධර්ශනාගාරයක් නිර්මාණය කර ගත යුතුය.අධීක මුදලක් ගොවා සොපාවක් මිළදි ගෙන එය ඉටි කොළයකින් වසා දමා තිබිය යුතුය එය තමන්ට වාඩිවී සුවසේ විදිය නොහැකිය.
එකිනෙකා ණය වන විට එම ණය ගෙවා ගැනිමට යන කතාව ඇතුලේ මේරට ජනතාව පිඩිතව සිටින බව නොදන්නේය එය බිම්මට්මේ සිට ඉහලට යනුයේ අසිමිත එකි නෙකාගේ ණය බැංකු වාර්තාවල පමනක් ලියවෙමිනය.මෙය ප්‍රසිදධ වන්නේ නැත.ප්‍රසිද්ධ වනුයේ සියල්ල විනාශයට පත්විමත් සමගය.මෙරට දෙකෝටියකට වැඩි ජනගහනයක් තම පෞද්ගලික දිවිය තුල ණය විම හමුවේ පවතින දේශපලනය පිළිබද අවබොදය ආර්ථකය පිළීබද අවබෝදය ජනතා නයකයින් පිළිබද අවබෝදය ඈතව ඇති බව පෙනියන කරුනකි.මෙරට සමන්‍ය සිදුවිම පිළිබද ජනතාව සතුව තොරතුරු නොමැත.රටේ පවතින පුවත් ලොක්ය හමුවේ කියන ඕනෑම දෙයක් පිළිගන්නට එම හේතුව නිසා ජනතාව පෙළඹ් සිටි.

මැත දිනකදි රජය මගින් ණව ණය ක්‍රමයක් හදුනවා දෙන ලදි.එය සාක්ෂිකරයෙකු නැති දිනයක් නැති වයසක් නැති වගකිමක් නැති ණය ක්‍රමයකි.එය අයකර ගැනිමට වගකිමක් දෙන්නේ නැත.ජනතාව සතු මුදල් නිකරුනේ බෙදා දෙන ක්‍රමයකි.විවිධ අයුරුන් රාජ්‍ය අනුග්‍රාහය දෙමින් නැවත නැවතත් ජනතාව ණය උගුලේ හසුකරණ ගිජු ක්‍රමයකි.කාබී සැනසිම පමනක් සිදුවේ ණය ගනු ලබන අය ගෙවන අයද යන්න අයෝජන අවස්ථා ගැනවත් එහි සදහනක් නැත.ණය සේල්ලම මිනිසා වශීකලද රට අගාදයට යන ක්‍රම වේදයක් බව පමනක් දැනේ.රජය මේ අයුරින් දෙන ණය වෙනුවට යම් කර්මානතයක් දුන්නා නම් ඒ තුලින් යමක් හම්භකර ගන්නට මිනිසා පෙළඹේ නමුත් ණය විම සුන්දර වරදක් බවට පත් කරන්ට මේ අවස්ථා බිහිකර තිබේ.

අද වන විට මෙරට මාර්ග අනතුරු අධීකව තිබේ .රථවහන පදනවන මේ අය යනුයේ ගැටළු දහසක් මැදය.වාහනය පදවන්නට සුදානම් වු අවස්ථාවේ සිට නැවත එම වාහනය නවතවන තෙක් ඔහු ජිවත් වනුයේ ණය බරින් විකසිතවු ලෝකයකය.එහි මෙම ණය විම විවිධ අයුරුන් අරුත් ගැන්විය හැකිය.එය අනෙකාට වඩා වේගයෙන් දියුණු විමට යන ගමනකි.නොමැති නම් තම ජිවිතත කාලය තුල මහා ධනයක් එකතු කර ගැනිමට ගන්නා උත්සහයකි.පුදුමය නම් මේ ගමන පිළිබද ඔවුනට පැහැදිලි අවබෝදයක් නැතිකමය.

මෙරට ආගම් ජනතාව තුලින් ඈත්වෙමින් මුදලාලිකරණය විම ආරම්භ වී තිබේ.පංසලට සුපොඛ බෝගි වහනයක් තිබිය යුතුය.එය වංශය බැබලවිමකි .මා දන්නා එක්තරා හිමි නමක් තම අධි සුපෝඛ බෝගී රථය මිළදි ගැනිමට ණය වු අතර අද වන විට එය විශේෂ ගමනකට පමනක් සිමා කර තිබේ .එහි වියදම දරාගත නොහැකිව සිටින බව දැන ගනිනට ලැබුණි.මේ දක්වා රට තුල සිදුවන ක්‍රියාවලිය සමාජ සංස්ථා වෙනස්විමක් ලෙස දක්නින ලැබිමත් විවිධ පිරිස් එය පරිනාමය පිළීබද ආකල්පයක් ලෙස විචාරය කලද රටට නොගැලපෙන වේගයකින් ණය විම අවසානයෙදි රට සහ ජනතාව අගාදයට වැටිමක්ද සිදුවිය හැකිය.සියල්ල පරිබෝජනය කල පසු රස වින්ද පසු ඉතිරිවන්නේ මතකය පමනකි.අනාගතයට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබද දැක්මක් නැත.සමාජ විද්‍යාව හමුවේ දේශනයක් දිග හරින අයෙකු විවිධ හරබර වචන අතරින් සමාජ සංවර්ධනය දැක කතා කලද එය නොදකින යම් පරිහානියක සිදුවිමක් බව අවබෝද කර දිමක් නැත.
ණය නොවන සමාජයක් සම්පත් සමසේ භූක්තිවිදින සමාජයක් පවුල තම අරමුණ හමුවේ වැඩෙන සමාජයක් දක්නට නැත.එය සිහිනයක් බවට පත්ව තිබේ.බුද්ධීයට කතා කරන්නට පවුල සහ පුද්ගලයා සරළ වන්නට තවමත් කාලය ඇත.

ණය විම හමුවේ මිටත් වඩා කතා කල හැකිය විමසිය හැකිය මාතෘකා ඔස්සේ කතා කල හැකිය.නමුත් ණය වීම නිමා කල නොහැකිය.ඒ ණය දෙන පුද්ගලයින් සමාගම් දිනෙන් දින බිහිවන බැවිනී.අද වන විට උවමනාවක් නැති ණය ගොඩක් ලබාදිම ජනතාව හට නපුරු හිසරාදයක් ඇති කරවිමකි .නපුරු හිනයක් පෙනවිමකි.ජවිතයේ සුන්දර බව විනාශ කරවිමකි.....ලංකිකයා හට ජිවත් වන්නට දෙන්න එවිට සියල්ල සුන්දර වනු ඇත.
(ජායා රූප අන්තර්ජාලය ඇසුරෙන් ලබාගන්නා ලදි)

4 comments:

  1. “ණය “ ගැන විවිධ පැති කතා කළ හොඳ ලිපියක් !.
    ස්තුතියි ඔබට

    ReplyDelete
  2. ස්තුතිMahesh Nishantha ඔබට ඇගයිමක් කරාට .ඔබට සුභ දවසක්

    ReplyDelete
  3. අද කොහොමත් ලංකාවෙ දුවන වාහන වලින් අති මහත් බහුතරය ණය තමයි. තමන්ගෙ තත්වය ලෝකෙට පෙන්වන්න කොහොම හරි ණය වෙලා වාහනයක් ගන්නවා...සතියකට එක දවසක් ඒක එළියට ගන්නවා. ඒ වෙනුවෙන් වාරික ගෙවන්න මාසෙම නොකා නොබී ලෙඩට බේතක් නොගෙන දුක් විදිනවා. මොන තරම් කරුමයක්ද ඉතිං....මොළය තිබුනට හැගීම් වලට වහල් වන නිසයි විහිං දුක් විදින්නෙ.

    ReplyDelete
  4. මේ තත්ත්වය අවබොද කර ගන්න ක්‍රමයක් කතිකාවක් නිර්මාණය වෙලානෑ ඒ නිසා ඉදිරියෙදි සමජයේ ගැටුම් වැඩි වෙනවා .ඒ තත්ත්වයට ප්‍රධාන වෙන්නේ මේ සැගවුන පසුබිම කියාලා තවම කව්රුවත් මතයක් දිලා නෑ .රටේ ජනතාව ලෝකයට විතරක් නොවේ දැන් තනිතනිවත් ණය කාරයන් වේලා ....මානසික රෝගින් අනාගතයෙදි අධීක වේවි ඒකයි වෙන්නේ .සිරාගෙ කාමරේ මේ ගැන අවදානය යොමු කරපු එක සතුටුයි...

    ReplyDelete