Saturday, September 6, 2014

පොතේ නැති දේශපාලනය සහ ලාංකිය ජනතාව වදින පුදන දේශපාලනය



දේශපාලනය  ඉගෙන ගන්න නම් සැම අයෙකුම ගුරුවරයෙකු සොයා යනු අප දැක තිබේ.පාසල විශ්ව විද්‍යාලය දේශපාලනය උගන්වන ස්ථාන ලෙස අප හදුනා ගෙන තිබේ.රටක භූමිය පොදු සාධකය කර ගනිමින් විවිධවු දර්ශන හමුවේ දේශපාලනය හැදැරිමට අවස්තාව උදාවේ.මේ සදහා වැදගත් වනුයේ විභාග මුලික කරගනු ලබන දක්ෂතාවය වන අතර  වසරකට මෙම විෂය ධාරාව අතිවිශාල පිරිසක් හදාරණ බව දැක ගත හැකිය.ඒ අය සමාජ ගතව දේශපාලනය කරනවාද යන්න පුංචි විහිළුවක් බව සමස්ථ ලෝකයම දන්නා කරුනකි.

දේශපාලනය හමුවේ විෂය පතයන් රාශීයක් හමු වුවද එය හුදෙක් එක් අරමුනක් පසුපස පමනක් දිසාගතව තිබේ.මෙරට ආන්ඩු තනන්නට නිදහස් අධ්‍යාපනය හමුවේ දේශපාලනය ඉගෙන ගත් අය එන බවක් දක්නට නැත.එයට හේතුව දේශපාන විද්‍යාව උගනවන ගුරුවරුන් උගන්වනනේ නැත.විභාගයට අසන ප්‍රශ්නයකට පමනක් මුහුණ දිමට විෂය නිර්දේශය ගොඩ නගා තිබේ.අවුලක් තිබේ එය නම් මෙරට දේශපාලනය කරන්න දේශපලකයින්ට දේශපාලනය උගන්වනනේ කව්ද යන්නය.විටෙක විවිධ ආදර්ශ පාඨ යටතේ කරලියට එන මේ දැවැන්තයින් පාරම්පරික දේශපාලනය ගැන නොදන්නා බවද නොමැති නම් දන්නා බවද කියා පානුයේ මෙරට විභාගවලට පමනක් දේශපාලනය ඉගෙන ගත් අය පුදුම කරමින් බව අතිතයේ සහ වර්තමානයේ දෙස බලනවිට දක්නට ලැබේ.

මේ වන විට විශ්ව විද්‍යාල මට්ටමින් දේශපාන විද්‍යාව සදහා උපාධි ලැබු අයද අද පවතින් අන්ද භූත දේශපාලනයට ඡනදය ප්‍රකාශ කරන්නට ගොස් ඇන කොට ගන්නා අයුරු දක්නට ලැබේ. ලංකාව දේශයක් ලෙස පාලනය කිරිම අසිරු කරුනක් බවට පත්ව ඇත.ප්‍රතිපත්ති විවිධ අයුරින් විකාශනයවේ.මෙරට දේශපාලනය සුප් එක්ක හෝ කැද හැලියක් බවට නිර්වචනය කරන්නට යාම කොතරම් නිර්මාණශිලිද යන්න විග්‍රකිරිම අසිරු කරුනක් වනු ඇත.එයට අකමැති වන පිරිසක්ද සිටිය හැක.
සමාජවාදය ධනවාදය ලිබරලවාදය හෝ ඒකාධිපති වාදය ගැන සිතිය හැකි අවස්ථා දක්නට ලැබේ.එය කොතරම් ප්‍රමාණයක්ද යන්න පරාසයක්ද යන්න විමසිමට අසිරුය.නමුත් එය අතිත මෙරට දේශපාලන දර්ශන හමුවේ ප්‍රදර්ශනය කර තිබේ.අද අප කරන දේශපාලනය කුමක් විය හැකිද.එය යම් පක්ෂයක් පාටක් හෝ නමක් පමනක්ද ? නොමැතිනම් වෙනත් ප්‍රබල හස්තයක්ද වෙළද පොළ තුල ඇති මුදල් මගින් සිදු කරනු ලබන පාලනයක්ද  

අපි කඩපිලේ කතා කරනු ලබන දේශපාලනය රාජකාරි ස්ථානයක් කතා කරනු ලබන දේශපානය ගොවිපළේ කතා කරන දේශපාලනය කුමක්ද එය රටේ අභ්‍යන්තරය හමුවේ පවතින පාලනයමද.නොමැති නම් සිහින දේශපාලනයද.මේ කිසිවක් තුල සත්‍ය වැටහිමක් නැත.අද රට පාලනය කරනට පක්ෂ පාට සහ වේදිකා නිර්මානය වුවද ඒ පිටුපස මෙරට කිසිවෙකු නොදකින පාලනයක් ගැන සිතන්නට අවස්ථාවක් නිර්මාණය වී ඇත.නමුත් ඒ පාලනය පිළිබද කිසිවෙකු අවදානය යොමුකරනු දක්නට නොලැබේ.
පාර්ලිමේන්තුව ඇතුලත පවතින යුධමය වාග්ප්‍රහාර හමුවේ අප පුවත් තුල දකින පාලනය දේශපාලනය විය හැකිද .දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනය පිළිබද ඇතිවු ගැටළුවක් අරමුණු කර ගනිමින් තිලගසුමතිපාල හට නඩු පිට නඩු වැටෙන සමයකි.එවකට බලයේ සිටි ජනාධිපතිවරිය දැඩි ලෙස ඔහුට විරුද්ධව ක්‍රියා කරනු ලබයි.තිලන්ග මේ බව කියාපානු මෙරට කළු සල්ලි නවත්වා බලයයෙන් නෙරපා හරින බවය.එය කියා සතියක් පමන යන විට සිදු වුයේ කොටස් වෙළද පොළ අඩියටම පහත වැටිමය .එය එසේ වන විට එක්සත් ජාතික පක්සය කැකුණ තලන්නට විය.චන්ද්‍රිකා සතු බලය වෙනස් වන්නට වැඩි කාලයක් නොවිය.මේ පොදු සාධකය හමුවේ මෙරට දේශපාලනය සුදුවක් කර ගත් අය සිටින බව පසක්වේ.
ධනවත් බලවත් මුදලාලි පැලැන්තිය සහ සැගවී තම අරමුනු විකාශනය කරන වලව්පැලැන්තිය හමුවේ දේශපාලනය කේන්ද්‍ර වී ඇති බව පැවසිම බොලද වනු ඇත.එයට හේතුව නම් දේශපාලන විද්‍යාව හැදැරු අය මේ සත්‍ය ඉවතලන බැවිනය.ඔවුන් හට දේශපාලන විද්‍යාව තුල මේ බව උගන්වා නැති හේයිනි.

මචං ලිලාවෙන් පැලැන්තියක් මෙරට දේශපාලනය කරන බව නොදන්නා අය හට දේශපාලනය පුදුම වෙනසකි .එය ජනතා ඡන්දයෙන් සිදුවන ප්‍රාතිහාරයක් බවට ඔවුන් දකි.නමුත් ජනතා මතය නිර්මාණය කරන බලවේගය හදුනා ගැනිමට සමත් වන්නෙකු නැත.දේශපාලන මුලධර්ම පිළිබද හදාරන අය හට මේ බව විලම්භිතයකි.නමුත් කෑලැ පාරෙන් දේශපාලනයට එන සූදු අන්තුවන් වැනි අයට මේ දේ සුන්දර ක්‍රිඩාවකි.ගමේ බිම් මට්ටමේ සිටින ජනතාව මේ බව දකිනුයේ රැල්ල ලෙසය.ඔවුන් ඡන්දය දේනුයේ වෙනත් දේශයක් දුවන අශ්වයෙකු හට ඔට්ටු අල්ලන්නෙකු වශයෙන්ය.දිනන අය සොයා ඡන්දය දිම විනා එය පුරවැසියා සතු වගකිම් බව හදුනා නොගනි.වැඩ කරන අය බොරු නොකියන අය ගැන කතා කරන්නට ජනතාව පෙළඹ් නැත.ලස්සන සහ අපුරු කතා බහා තම රුචිකත්වය බවට පත් කර ගනි.
දැවැනත් මුදලාලිලා වෙනත් ප්‍රභු රටක සිට වියදම් කරන අතර ඔහු තම මුදලින් වටිනා සුදුවක් බවට පත් කර ගත හැකි ඉත්තෙකු ප්‍රසිද්ධියට පත් කරයි.ඒ අය මෙරට සංවර්ධය සමතුලිතව ගෙන යන්නට උත්සහ දරනවට වඩා තමන් හට දේශපාලනයට ශක්තියක් වු පිරිසට උවමනා සමාගමක් නිර්මානය කරනු ලබයි.එය ජනතා බලයෙන් පැමින පාලනය කරනවට වඩා පහසු පාලනය කිරිමකි.ජනතා නායක අදහස් එළිදැක්විම සදහා අවකාශ ඔහු හට නොමැත.

රටක පාලනය හමුවේ රාජ පෙලපත් ක්‍රමය අහොසි විම සමග පසුකාගිනව ඡන්දය මගින් ජනතාව අතරින අයෙකු පත් කරගැනිම නිදහස් මැතිවරණ ක්‍රියාවලික් වුවද අද වන විට පවුල් සංස්ථාවන් අතර ඇති ජොබ් එකක් බවට පත්විම ජනතා නායකත්වයක් නොව එක්තරා වැඩවසම් යුගයක ආරම්භය විය හැකි බව පසක් කර දෙයි.මෙම වැඩවසම් යුගය හමුවේ කම්කරුවා සහ රට වැසියා වහලෙක් බවට පත් කර තිබේ.එය කිසිවෙකු නොදන්නා රහසක් නොව දන්නා රහසක්ය .සියල්ලන වහළුන්ය සියල්ලන් සෑම විටකම විකිණේ එය ජනතාව නොදනි.ගමේ සිටින පාක්ෂිකයා තම පාට සහ පක්ෂය වෙනුවෙන් ගුටි බැට දී කපා කොටා ගන්නා අතර තුර නායකයින් ඒ දෙස බලා හිනා වෙමින් සතුටුවේ .අතිතයේ වැඩවසම් සමාජ ක්‍රමය හමුවේ තිබු ලක්ෂන අද නැවත වරක් යුරෝපයේ හෙවනැල්ලක් සේ ලංකාවට පෙනෙමින් නලියනු දක්නට ලැබේ.
ඡන්දය දිය යුත්තේ කාටද ඡන්දය කාගේ අයිතියක්ද රැවටිම් බිය වැද්දිම සහ බලකිරිම් මත මෙම ඡන්දය බොරුවක් බවට පත්විම පුදුම සහගතය එයට හේතුව ජනතාව ඒ පිළිබද කිසිදු විටක නොසිතන බැවිනය.රටේ මුදල් ඇමතිවරුන්ගේ හෝ රජයේ නිළධාරිගේ නොව ජනතාවගෙය .එය ජනතාවට අමතකව ගොස් තිබිම හේතුවෙන් ඇමතිවරු ඇවිත් කියනුයේ මම මේ දිපුවා කියාය.ගෙදරින් ගෙන් දුන්නා සේ මේ කියනුයේ ජනතා මුදල් පිළීබදව බව ජනතාවට වැටහිමක් නැත.පුදුමය නම් එයමය .හස්‍ය වේදිකා නාට්‍යක චරිත මෙන් සියල්ලන් කටයුතු කිරිම පුදුම සහගතය.

ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යන නළුවන්ද මුදලට විකිනි නව ක්‍රමය රැක ගැනිමට ගන්වු ක්‍රයාමර්ගයද පුදුම සහගතය.කලාකරුවන් මෙවන් විටක ජනතාවට දිය යුතු ඇත්ත කතාව සහවා ක්‍රියා කරනු ලැබිම නින්දා සහගතය.නිර්මාණ කරනුයෙද වර්තමානය ගැන නොව අතිතය පිළීබදවය.අතිතය ගැන කියන සිනමාව ගැන පුදුම වන්නේ මෙරට පුරා විද්‍යාව වත් හිතන්නේ නැති අයුරින් කතාවන් ගෙතිම හමුවෙය.පුරා විද්‍යාව මෙරට පුරා විද්‍යා ස්ථාන  අතුරින් සියයට විසිපහක් වත් හේලි කරගෙන නොමැති වකවානුවක මේ ඉතිහාස පෙරළිය ගෙන එනුයෙද වර්තමානය නිර්මාණය විම වැලැක්විමටය.එය වක්‍රකාරව සිදුවන ක්‍රියාවලායකි.සියල්ල නොදනා සේ සිටින රසිකයා වල්මත්වු වෙකු බවට පමනක් පත්ව සිටි.කාලා කරුවා තම අත්මිය මොහේවර අමක කර දමා කවුන්සලයට කෑදර විම රටක පරිහානියට කරුනකි.එය එක්සත් ජාික පක්ෂ රජයක් යටතේ සහ අද පවතින රජය යටතේද සිදුවන්නෙකි.
අද රට ගැන සිතන පරපුරක් නැති තරමිය.මේ ගැන හිතුන විට ජාතිවාදියෙකු බවට පත්කිරිමට ගිරව් ටිකක් බෝ කර සිටි.එය සත්‍යකි අද පවතින සංකිර්ණ ක්‍රියාවාලිය හමුවේ  එය වැඩකට නැති දෙයකි.තම රට පිළීබදව සොයන අය වැඩි වන විට ආණ්ඩු කිරිම අපහසුය.

රටට දේශපාලනය අවශ්‍ය වනුයේ ජනතා මුදලින් පිරිසක් පමනක් සැනිසිමට බව සිතන්නේ නම්   ජනතාව නැවත නැවත තම  ඡන්දය රවටා කටයුතු කරන්නේ  නම් ඒ රැවටිම පිටුපස සිටින මිනිසා රටම  දිනක විනයක් වනු ඇත.ඔබ ඒ  අතර නම් ප්‍රවේසම් විය යුත්තේ ලාංකිය සමාජය රවටන්නට ඔබ උදව් කරන්නාවු හේතුවෙනි.....
දේශපානය ඉගෙන ගන්නට පෙර හුස්ම ගන්න පුළුවන් රටක් නිර්මාණය කරමු.....එය දේශපානය නම් එය ඉගනෙ ගමු...

                             

No comments:

Post a Comment