Tuesday, April 22, 2014

සයිබරය කොළඹ ආ වැද්දා මරයි



පසුගිය වර සයිබරයේ එක්වු සතුට ගැන කවි පද ලියු මගේ හිතට අද කවි ලියන්නට බැරි තරම්ය.ලංකාවේ එක් කොනක සිට මිනිස්සුත් එක්ක හිනාවෙලා කතා කරලා යන්න මට තියෙන ආසාව නිසාම මහා සෙනග මැද හිරවෙලා කොළඹ අපු මට විඩාවක් නොවිය. ලංකාවේ එහා කොනේ සිට කොළඹ බුද්ධදාස ක්‍රිඩාංගනයට එන එකට ඇති දුරත් අවුරුදු සමයත්, පිළිබද සිතිමේදි සිහිනයක් විදියට දකින්න හැදුවත්. මට එය කල නොහැකි වුයේ මැරිලා යන මිනිසු අතර ආදරය කරන්න පුළුවන් පහත් පරමාර්ත නැති උදාරත්වයක් සහොදරත්වයක් සයිබර අවකාශයේ මේ අය තුල ඇති බවට සිතුන නිසාවෙනි....
බක්මහ සැනකෙලිය සොදුරුය මම නැවත මගේ නිවසට එනවිටත් එය සිතුවෙමි.මෙම ලිපිය ගොතන අවස්ථාවේද සිතන්නට උත්සහ ගනිමි.නමුත් සිත තුල වේදානාවක් ඇති කරන සිදුවිම කිපයක් හේතුවෙන් කල කිරිමට පත් විමට සිදු විය.
කරවිල තිත්තය නමුත් ගුණ බව මා දනිමි .මේ තිත්ත මා අද ලියනුයේ නැවත දිනක මෙවන් දෑ මේ සහෘදයින් අතර සිදු නොවිය යුතු බැවිනී. නැවත දිනක මා මෙවැනි අවස්ථාවන් සදහා එක්විය නොහැකි විය හැකිය.නමුත් මෙවැන්නක් කිසිදු අයෙකුට නැවත වරක් සිදු නොවිය යුත්ය.
මේ කතාව ලියනුයේ  කිසිදු අයෙකු අපහසුතාවයට හෝ කිර්තිය නැති කිරිම වෙනුවෙන් නොව. සයිබරයේ සියළු දෙනා හට සිදු කල යුතු ගෞරවයක් ලෙසය.සයිබරයේ සියළු දෙනාගේ බුද්ධිය හැල්ලුවට සහ විහිළුවට ලක් කිරිම නවතා දැමිමටය.
මා සමුහිකව තරගයකවු බනිස් කැමේ තරගයට එක් වුයේ සියළු දෙනාගේ සතුට සහ සමුහිකත්වය ඒ අවස්ථාවේ ඇති බවට හැගුන බැවින්ය.සියල්ල හොදින් සිදුවන බවට සැකයක් නොවිය.සංවිධායක මණ්ඩලය සියල්ල සුදානම් කර තිබින. ආහාරය සදහා බනිස් කැමට වඩා විනෝදයත් තරගකාරිත්වයකුත් මෙහි විය.
තරගය ආරම්භ විය....මමද අනෙක් අයද දිවගිය අතර බනිස් ගෙඩි ගිල දැමිමට සියල්ල උත්සහ දැරිය.එය මා හට කලකට පසුව ලැබන අපුරු අත්දැකිමක් විය.පාසල සමයෙන් පසුව වසර විසිපහකට පමණ පසු බනිස් කෑමේ තරගයක් .......................
එම අවස්ථාවේදි මා සියල්ල හොදින් සිදු කල බවට සතුටු විය හැකිව තිබුණි කාලය ඉතා අඩුවෙන් බාවිතා කල මා එය ගිල දැමුවේමි.නමුත් මා ආපසු තරග පැවති ස්ථානයට දිව යනවිට තරගය සමග සිට සගයෙක් අල්ලා ගත් සංවිධායක සහොදරයෙකු ජයග්‍රහකයා තොරා ගනු ලැබු බවට හඩ නගන්නට විය....සියල්ල...නිමාව එය විය.......
දැන් කතාවේ පිංතුර කතාව බලා ඉමු..
පලමු ජායා රූපයේ සිට පස්වෙනි ජායා රූපය දක්වා මා තරගයේ සිටි අයුරු දෙවන ජායා රූපයේ සිදුවිම සංවිධායකයින් සහ විනිසුරු වරුන් මගහර සිටියද කෑමරා කාච එය සටහන් කරලිය.





සියල්ල සාධාරණව සිදු වු අයුරු බලන්න මෙම සිදුවිම් නැවත් සිදු නොවිමට වග බලා ගනු මැනව එයා මුදල් වියදම් කර දුර බැහැර සිට නිදිමරා පැමිනේන අප වැනි අය හද කම්පා කරවන්නකි ....තැගි ගන්නට ලියන ලිපියක් නොව සාධාරණය පසක් කරලිම සදහා මා මෙය ලියමි.



මා මෙම ලිපිය මගින් කිසිවක් බලාපොරොත්තු නොවෙමි.අනාගයෙදි මෙම එකතුව තව දුරටත් ශක්තිමත් විය යුතුය එය වන්නට නම් මෙවැනි දැ සිදු නොවිය යුතුය .මෙම උළේලට එක්වු සතුට නැවත වරක් මා නිවසට යන විටදි ගෙන යන්නට නොහැකි විම පිළිබද කණගාටුවක් ඇත....ඒ බව සියළු දෙනා තම තමන්හට අවංක විම තුලින් විදින බවට මම විශ්වාස කරමි.
වැද්දා සයිබරයේ බක්මහා උත්සවයට  එක්කගෙන ගිය මා වැද්දා මරාදමා ගෙදර අවෙමි.


31 comments:

  1. අප්පට සිරි.. කැ* ශ යන්න කිව්වළු.. :D

    ඔව්වා ඔහොම වෙන්නේ නැහැ බං වැද්දෝ.. ඔය තරගයේ හැමදාමත් ජයග්‍රහණය කොරපු මං මෙදා ඩිංගක් එන්න පරක්කු උනා. නැත්තං ඉතිං මෙහෙම දේවල් දකින්න වෙන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. ඔවු එහෙනං වෙන එකෙකුට කන්න තියා බනිසක් දකින්නවත් හම්බවෙන්නෙ නෑ. :D

      Delete
    2. හරි ඉතිං එහෙම උනාම මෙහෙම අවුල් නැහැනේ.. :D

      Delete
  2. මේ අන්තිම පොටෝ තුන ගත්තෙ මම මගෙ කැමරාවෙන්.. මේ තරඟය ඉවර වෙලා ආයෙත් අනුරාධ සහ අනිත් කෙනා ආතල් එකට ඇවිත් බනිස් කෑව වෙලේ මම පැනල පොටෝ ගත්තෙ.. මගෙන් උන අතපසුවීමකින් මේ පොටෝ ටික ඔබතුමාගෙ ලැප් එකට ආවෙ. නේද ??

    ReplyDelete
    Replies
    1. තෑන්කූ ..මචාන් ..

      Delete
    2. නෑ මේ ජායා රූප ගැන තියෙන විශ්වාෂය අතහරින් මම සහ එම ස්ථනයේ මේ සිදුවිම පිළිබද කතා කලා මගේ අතදැකිමට මෙය උදව්වක් උනා විතරයි.මෙය වෙනස් කරන්න බෑ මොකද මේ සිදුවිම අප හදුනන අය කිපදෙනෙකු ඇස් දෙකෙන් දැක මට පැවසුවා ඊට පසුව තමයි විමසිලිමත් වෙන්න පුළුවන් වුණේ මෙය පසුව ගත්ත අවස්ථාවක නම් පසුබිම ඒ මෙහෙත වෙන්නේ කොහොමද.මට මෙම කතාව දිගින් දිගටම ගිනියන්න අවශ්‍ය නෑ අපි අපිටම අවංක විම වැදගත් එය එසේ නොවිම පමනක් කණගාටුවක් එච්චරයි.සියල්ල සතුටින් නිමා කරන්න අපි ගත්ත උත්සහයට හනියක් නොවන්න මම වග බලා ගත්තා එය සාර්තයි.මම ස්ථානයේ ගැටළු විමසිම අත්හැරියා

      Delete
  3. ඒ වැද්දා !! ඔය ෆොටෝ ටික හොය හොය හිටියේ .. මමත් හිතුවා වැඩේ මාට්ටු වෙයි කියලා ..!! =D

    ReplyDelete
    Replies
    1. ඔබ ගැන මම අහිතක් හිත්න යන්නෙ නෑ ශෂි නමුත් අපි නිදි මරලා දුක් විදලා මේ ගමන ආවේ මේ දෙවල් දකින්න නොවේ .අපි දහඩිය මහන්සියෙන් හම්බ කරපු මුදල් වියදම් කරලා කාලය කැප කරලා නිදි මරලා මේ තැනට අවේ දුක් විදලා ඒ නිසා මම මේ තරම් කතා කලා .නමුත් වැද්දා වැරදි නෑ එක් බුද්ධියට දෙන්න තියෙන ගරුත්වයක් විතරයි .මේ සයිබරයේ මගේ තරහා කරයේ නෑ කියලා මම හිතනවා.

      Delete
  4. මේක අර ආතල් එකට බනිස් කාපු වෙලේනේ බං. බලපං වටේපිටේ ඉන්න එවුන්ගේ කල්ක්‍රියාව.

    ReplyDelete
    Replies
    1. අපි සියළු දෙනා සතුටු වෙන්න තමයි අාවේ අවට අයට චොදනා කරන්න එපා මේ ගැන අවදානය යොමු කරලා නැවත දෙයක් කරන විට හිත් රිදෙන්නේ නැති විදියට වැඩ කරමු.

      Delete
  5. ඕවා ගණන් ගන්න එපා මල්ලි.

    ReplyDelete
    Replies
    1. නෑ මම ගෙදර එනකම්ම කිසිදු වචනයක් කිව්වේ නෑ සියල්ල හොදින් දැක්කා එච්චරයි නමුත් මම කෑමති සියල්ල විනිවිද සිදුවනවා දකින්න .මොකද අපේ බ්ලොගස්ලා මේ රටේ පවතින් වැරදි පවා ඉතා හොදින් ගවේශනාතමකව දැකලා ගියනවා එවට පත්තර කාරයන්ට වඩා හොදින් පහර දෙනවා .ඒ නමුබුව රකින්න මේ දේ අද කියන්න වුනා .පෞද්ගලිකව තරහක් මා සතුව නෑ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  6. ලොල්ම තමා..... හැකස්...

    ReplyDelete
  7. දුක යනු තෑගි දිනූ වවුචරය අස්ථානගතවීමයි :(

    ReplyDelete
    Replies
    1. එහෙම උනා නම් කණගාටුයි .අවසන් තිරණය උඹේ නෙවේ එම තැග්ග උඹ බලෙන් ගත්තේ නෑ දුන්නා .ඒ නිසා එහි අයිත්ය උඹට තියෙනවා

      Delete
  8. එතන අවුලක් වුනා තමයි. ඒක මාත් දැක්කා. විනෝදයටම ලඝුකළ නිසා අපි වැඩිය ගණන් ගත්තෙ නැතත් හරියට බැලුවොත් ලොකු වරදක් තමයි වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම හිතනවා විනෝදය තමයි මුලික අරමුණ නමුත් මේ එකමුතුව විනෝදයක් විය නොහැකි එහෙම උනොත් මේ ගමන අනාගතයෙදි නවතිනවා .නීතියක් රිතියක් විනෝදයක් කර ගත යුත් නෑ ......ඇතැම් අය මෙය හොද දෙයක් බවට කියන්න උත්සහ ගන්නවා එය වෙනත් ක්‍රම උපයොගි කරගෙන නිවැරදි කරන්න උත්සහ ගන්නවා .මම එකට කණගාටු වෙනවා වගකිමක් ඇති ....බුද්ධි සම්පන්න බ්ලොග් කරුවෙකු එහෙම කරනවා නම්.නමුත් මම දන්නවා මට ලෝකය හදන්න බෑ මට පුළුවන් තනියම හැදෙන්න විතරයි කියලා ....මම දහස් වතාවක් අගය කරනවා මේ වෙනුවෙන් යම් අයුරකින් අකුරක් තිතක් හරි තියලා උදව් කල හැමොටම.....මම කලේ සියළු දෙනා වෙනුවෙන් ඉදිරිපත් විම පමනයි....පෞද්ගලිකව මට සිදු වු පාඩිව තමයි ....ඇතැම් අයගේ හිත්වල මම ගැන..කුමක් හෝ තරහක් ඇති විම ....සුමිත් අයියේ ස්තුති මේ අදහසට.....

      Delete
  9. තරඟ ආතල් එකට නොගෙන සීරියස් කරන්නට මෙය පාඩමක් වේවි.

    ReplyDelete
  10. සාමුහිකත්වය සහෝදරත්වය හුදු පටු ජයග්‍රහන වෙනුවෙන් පාච්චල් නොකල යුතුයි කියන පාඩම වැඩිහිටි මිනිසුන් ලෙස සිතිය යුතුයි. වැද්දාගේ කනස්සල්ල මට හිතාගත හැකියි. මේක ලියපු එක හොඳයි අපිට අපිව තක්සේරු කරගන්න.

    ReplyDelete
    Replies
    1. සාමුහිකත්වය සහ සහොදරත්වය ආරක්ෂා වෙන්නේ විශ්වාසය මත ජයග්‍රහන මත නොවේ...වැඩිහිටයන් හැටියට ක්‍රියා ක්‍රියා කරන්න උවමනා පරිසරය හදන්න තමයි මා උත්සහ කරේ ...ඔබ කියන දේ හරි...මට වුන දෙයක් හැටියට මෙය ඉදිරිපත් කරේ නෑ.එහෙම උනා නම් මම එදාම මේ දේ විමසිමකට ලක් කරනවා .නමුත් මට වැදගත් වන්නේ සියළු දෙනා වෙනුවෙන් කටයුතු කිරිමයි.මට කනස්සලක් වුනත් එතරම් දැඩිව නෑ මොකද මම මගේ ජවිතය ජය ගෙන තියෙන කෙනෙක් නිසා ...ස්තුති arugeadaviya මේ අයුරින් අදහස් දැක්වුවට

      Delete
  11. රටේම ආසාධාරණය රජ කරන කල් හී බ්ලොග් කරුවන් පමණක් සාධාරණ වේවිද මා මිත්‍ර වැද්දෝ

    ReplyDelete
  12. සයිබර් සැනකෙලියෙදි මම බලාපොරොත්තු උනදේ තමයි ආතල් එක. ශශී බනිස් කෑමෙන් දිනුවද නැද්ද කියන්න මම දන්නෙ නෑ, හේතුව ඒ අවස්තාව වෙද්දි මම එතන නොහිටි නිසා.

    මේ විදියට කතා කලොත් මම පූසට කරපු වැඩේ ගැන පූසත් පෝස්ට් එකක් ලියයිද මන්දා ??? මතකද නැද්ද දන්නෙ නෑ . . . කනා මුට්ටි ගහද්දි පූසගෙ වාරෙ ආවාම ඇස් බැදගත්ත පූසා මුට්ටි තිබුන තැනට ආවාම ඒ මුට්ටි සෙට් එකම එතනින් අයිං කලා අපි :D

    ReplyDelete
    Replies
    1. මට ලොකු අසාධාරණයක් උනා.. ඒ වෙනුවෙන් මම කතා කරන්න ඕනෙ.. මමත් ආවෙ බොහොම දුරක ඉඳල. කොලඹට එන්න මට බස් එකේනං පැය දෙකක් යනව. මම තමයි මේ අවුරුද්දෙ සිහින අවුරුදු කුමාරය බවට පත් උනේ. ඒත් මේ කාලකන්නි සංවිධායක මණ්ඩලේ මට දුන්න තෑග්ග ගෙදර ගිහින් බලද්දි මාරයි. රෙඩ් ලේබල් බෝතලයක් තිබ්බෙ.. පෙට්ටිය කඩල බෝතලේ අතට අරන් බලද්දි ඇතුලෙ සුදු පාටයි. ඒත් වටේ හිටපු උන් කිවුව ඕක ස්පෙශල් එකක් වෙන්න ඇති කියල. කෝකටත් කියල වීදුරුවකට දාල ස්ප්‍රයිටුත් කලවම් කරල ගහද්දි ස්ප්‍රයිට් රහත් නෑ.. මම ඒකයි කියන්නෙ මේ සංවිධායක මණ්ඩලේ නං අන්තිමයි. මගේ බලවත් අප්‍රසාදය මම මේ මොහොතේ පල කර සිටිනව රෙඩ් ලේබල් කියා වතුර පිරවූ එම්ටි බෝතල් තෑගි දීම සම්භන්ධව.

      Delete
    2. මම ගැන හිත්න එපා මම අවා ගියා නමුත් හෙට දවස ගැන හිතන්න මම මේ හැම දෙයක්ම ලිව්වේ කිසිම බලාපොරෛාත්ුවක් නැතිව. මම සමහර විට නැවත වරක් මේ කසිම දෙයකට එන්නේ නැති වේවි .මගේ අනාග ඉලක්කය වෙන අතක්. නමුත් මම කතා කරන්නේ ඔයාලා හැදුව ඔයාලා අමාරුවෙන් දුක්විදලා කරපු දේ විහිළුවක් නොවන තැනකට ගෙන්න .කව්රු කතා කලත් නොකලත් මම කතා කරන්නේ මම වෙනුවෙන් නෙවේ මාව ඔයාලා අයින් කරාවි කමක් නෑ මේ හදපු ශක්තිය නැතිවෙන්න දෙන්න බෑ උඹලා මහන්සි උනා ඒක අගය කරනවා.

      Delete
  13. සයිබරයේ මේ මිතුරු හමුව කිසිවෙකුට විහිළුවක් නොවේවා ....................

    ReplyDelete
  14. කොහොම වුනත් “තරඟ“ විහිළුවට ගතයුතු නෑ. ඒවා එහි නියම ගතියෙන්ම තිබිය යුතුයි. විනෝදය ලැබිය යුත්තේ නිසිආකාරයෙනුයි.

    ReplyDelete
    Replies
    1. ඔයා හරිස සුමිත් අයියේ මේ සියල්ල අවංක බාවය තුල සිදු විය යුතුයි .මේ බ්ලොග් කලාව තුල ඇති හැකි අය සිටිය හැකි බලය ඇති අය සිටිය හැකි .අහිංසකයින්ද සිටි ය හැකි .මේ සියල්ල තුල සාධාරණයට මුල්තැන දෙන බ්ලොග කරුවන් සිටිය යුතුයි.අසාදරණය බ්ලොග් කරවන් තුල නොවිය යුතුයි සතුට යනු සියල්ල විනිවිද සිදු කිරිමයි......හිනැස්සිම නොව.

      Delete