Sunday, May 4, 2014

ත්‍රස්තවාදි ජනමාධ්‍ය කලාව..................



මෙරට ජනමාධ්‍ය පශ්චාත් යුද සමයෙන් පසුව ක්‍රියාත්මක වු අාකාරය අනුව පෞද්ගලික අරමුණූ මුදුන් පමුණුවන අයුරින් ක්‍රියා කල බව තර්ක කල හැකි නම් ජනමාධ්‍ය වුවද ත්‍රස්තවාදි ක්‍රියාවලියක් සිදු කල බවට සනත කල හැකිය.වසර ගණනාවක් මෙරට පැවති යුද්ධය වැඩි දියුණ කිරිමට ජන මාධ්‍ය සහය ලබා දුන් බවටද තර්ක කල හැකිය.යම් විටෙක ජන මාධ්‍ය තුලින් යුද විරයන් නිර්මාණය කල අවස්ථා තිබේ. එය යුද්ධය නැවැත් විමට හෝ යුද්ධය වැඩි දියුණු කිරිමට වශයෙන් තරක කල හැක.මුදල් සහ බලය විකාශනය කිරිම හමුවේ යුදධය ඇති දැඩි වු බවක් තිබෙන බවද තර්ක කල හැක.මෙම තර්ක හමුවේ ඇගිලි තුඩු විවිධ අයුරින් ජනමාධ්‍ය වෙත එල්ල කල හැකිය.එසේ නම් මෙරට යුද්ධය තර්කයක් වන්නේ මාධ්‍ය භාවිතය හමුවේ විම ඇතැම් විට පුදුම සහගත විය හැකිය.මේ නිසාම නියපොත්තෙන් කැඩිය හැකි දෙය පොරොවෙන් කැපිමට සිදුවුවා විය හැකිය.

හොද නරක දෙක පවතින රාමුවක් තුල ජන මාධ්‍ය භාවිතය දැලි පිහියෙන් කිරි කැමක් වැනි බව හදුනා ගන්නා විට දශක තුනක යුද්ධයක් මිනිස් ජිවිත ලක්ෂ ගණනක් විනාශ කර හමාරය.අරමුණු හැගිම් මතයන් නිර්මාණය කිරිම ජනමාධ්‍ය හමුවේ කතිකාවක් බවට පත් නොවන අතර සිද්ධිය වාර්තා කිරිම අරමුනක් බවට නිර්වචනය වේ.නමුත් වක්‍රාකාර සිදුවිම් හමුවේ  දැන හෝ නොදැන මිනි මරන්නට යුද්ධ කරන්නට ජන මාධ්‍ය හවුල් වී තිබේ.
මෙරට තුල ජනමාධ්‍ය ඇති දැඩි වන්නේ පාලනය කරන ආණ්ඩුවල   වංචාසහගත සහ නිදහස් අදහස් ප්‍රචාරණය කිරිමට බව ප්‍රකාශ කිරිම දැඩි කියමනක් විය හැකිය. එය පිළීගත නොහැකි බව බොහො අය කතා කල හැකිය.නමුත් සිදුවන ක්‍රියාවලිය එසේ විය.

විටෙක මෙරට ජන මාධ්‍යේදියා අරක්කු බෝතලයකට රාත්‍රි සංග්‍රායකට මනසික අල්ලසකට හැසිරවිය හැකි බව ප්‍රචලිත කර හැල්ලුවට ලක් කල දේශපලකයින් සිටි. මෙය බොරුවක් බවට සනත කරන්නට කිසිවෙකු තර්ක කලේ නැත. එය සනාතනික දහමක් බවට රහසක් නොවිය. එේ වු බව සත්‍යක් විය .තම පවුේ අයෙකු හට රැකියාවක් ලබා ගැනිම සදහා පිටු පුරා චරිත සහතික ලියු අය ගැන ප්‍රචලිත කතා එමටය . මෙරට පැවති ආණ්ඩු අතර ආර්.ප්‍රේමදාස යුගය දැඩි ලෙස මාධ්‍ය හැසුරුණු යුගයක් විය.විකල්ප පුවත් පත් ප්‍රබල ලෙස ක්‍රියාත්මක විය.යුද්ධය සහ සාමය හමුවේ තරගකාරි පුවත් නිර්මානය විම හමුවේ ප්‍රේමදාස යුගය කිරුළු දරයි .  එවකට යුද්ධය සහ ප්‍රභාකරන් නායකයෙකු කරනු ලැබුවේද දේශසිමා නිර්මාණය කර මයිම් ගම්මාණ සංකල්පයද නිර්මාණය වුයේ මෙම යුගයෙදිය.

මුදල් සහ බෝම්බ වැඩි පුර ප්‍රමාණයක් ගැවසුන යුගයක පුවත් මැවිම සහ පුවත් විකිණිම තරගකාරි වෙළද පොළක් බවට පත්විය.ඒ අතර මාළු වෙළද පොළක කුණූමාළු සහ හොද මාළු ලෙස පුවත් විකුණනු ලැබුන යුගයක් විය.මාළු වු කලි පිළිගද සහිත වුවකි. ඒ අනුව හොද පිළිගද සහ නරක පිළිගද බවට පුවත් පත් පත්විම වැලැක් විය නොහැකි විය.එය රසකර බැලිම සහ ත්‍රාසය භිතිය කුතුහලය අඩුවක් නොමැතිව පුවත් තුල නිර්මාණය විය.තමන් සිටින පාර්ෂවය නියෝජනය කරමින් පුවත් පඨකයා අතට පත්විය.පාඨකයාද තමන් කැමති පර්ෂවය හමුවේ පුවත් මිළදි ගැනිම් සිදු කරණ ලදි.යුද්ධය විකාශනය කරනු ලබන එයට වියදම් කරණ අය මෙරට තුල සැගවි සිදු කරනු ලැබු ක්‍රියාවන් එළි කරන්නට මාධ්‍ය අසමත් විය. ජනතාව හට නිසි තොරතුරු ලබා දුන්නේ නැත.ත්‍රාස්තවාදය දෙමළ ජනතාවගේ යුද්ධයක් හම්භ කිරිමක් පනක් වුයෙන් නැත සිංහලයින්ද යුද්ධයට උදව් කරන්නට විය. 
මිණි පෙට්ටි කාරයගේ සිට යුද හමුදාවන්ට එළවළු ලබා දෙන්නාද යුද්ධයට කැමති විය. එය ධනය උපයන ව්‍යපාරයක් විය.වෙනම වෙළද පොළක් නිර්මාණය විය.පසු කාලිනව යුද්ධය දිනනවාට අකැමැති පිරිසක් බිහි වන්නේද යුද්ධය හිගන්නගෙ තුවලය වන්නෙද එසේය.

අද මාධ්‍ය කොතනක විය හැකිද .මෙරට යුද්ධය නිමාවට පත්ව තිබේ.ජනතාව සාමය සමගිය ඇති ලාංකිය භූමියේ නිදහසේ ගමන් කරමින් සිටි.සංවර්ධනය සෑම අයුරින්ම සිදුවේ.
සංස්කෘතියක් සහ ලාංකිය භාවිතයක් හිමි ජනතාවක් කොතනක හෝ අතරමන්ව සිටින බවක් දැනුනද එය විචාරය කිරිමට හෝ කතිකාවක් බවට පත්කිරිමට අවස්ථාවක් නැත.රජය විවිධ අකාරයෙන් මුදල් වෙන් කරනු ලබයි.මාර්ග සංවර්ධනය කඩිනමින් සිදුවේ.නමුත් ගවේශනශිලි මාධ්‍ය භාවිතයක් නොමැති  විම හමුවේ සියල්ල යටපත් වෙමින් තිබේ.මෙය සත්‍යක් විය හැකිද බොරුවක්ද සොයන්නට බලන්නට හසුරවන්නට කිසිවෙකු නැත.නව දේශපාලනය ඔස්සේ පහල මට්ටමේ සිට ඉහල ඉහල ඉස්තරය දක්වා සිදුවන ත්‍රාස්තවාදයක් ඇති බව දන් දනිති වුවද එය ප්‍රකාශ විමක් දක්නට නැත.මහින්ද චින්තනය නම් දේශපාලන භුමිකාව පරාජයට පත් කල යුත් නැත.නමුත් එය හැල්ලුවට ලක්ව ඇත්තේ විපක්ෂයේ දේශපානයෙන් නොව මෙම ආණ්ඩුව තුල සිටින පිරිස සහ රාජ්‍ය නිළධාරින් විසින් සිදු කරනු ලබන අයතා මුදල් පරිහරණය හේතුවෙනි .කොන්ත්‍රාත් පදනම මත සිදු වන බොහෝ සංවර්ධන ක්‍රියාවලියන් කොමිස් මුදල් මත සිදු වන බව ජනතාව දනි.ජනමාධ්‍ය එය නොදනි.ජනමාධ්‍ය හමුවේ එය කතිකාවක් බවට පත්ව නැත.දේශපාලනයට එනවිට පාපැදියක් වත් නොතිබුණ අය අද ඉඩම් වාහන සහ කරවටා ඇති රත්රං අභරණ පැලද උජාරුවෙන් යනුයේ කුමණ සිදුවිමක් මතද ජනතා බදු මුදල් වලට සිදුවන හානිය කොතරම්ද නාස්තිය කොතරම්ද යන්න සොයා බැලිමට හැකියාවක් නැත.ආණුඩුක්‍රම විවස්ථාවේ 14 වගන්තියට අනුකුලව ආරක්ෂාවන ජනමාධ්‍ය නිදහස මේ සියල්ල සොයා බැලිමට භවිතා කල හැකිය.මෙරට ජනමාධ්‍ය ජනතාව අතතරට යනුයේ පුවත් පතක් හෝ විද්‍යුත් මාධ්‍යක් වශයෙන් පමණි.එය විවෘත කල හැකි තත්ත්වයක් නිර්මාණය කර නොමැත.ජනතාව සතු රජයේ නිළධාරින් සතු තොරතුරු නිසි පරිදි ගෙන මුල්‍ය වංචා එළි කරනට අවස්ථාවක් උදා කර නැත. මෙරට තැනුව සෑම මාර්ගයකම ගොඩනැගිත්කම පිටුපස අපායසහගත ක්‍රියාවලාක් ඇති බවට සනාත කිරිමට අවස්ථාවක්උදා කර ගෙන නැත.පාපැදියක් වත් නොතිබුන දේශපාලකයින් ධනවතුන් වන්නේ කෙසෙද යන්න සොයන්නට අවස්ථාවක් නිර්මාණය කරන්නට ජන මාධ්‍ය අවස්ථාවක් උදා කරදි නැත.

ජනමාධ්‍ය වේදියා සහ ජනමාධ්‍ය භාවිතය දෙකක් බවට පත්විමත් මාධ්‍ය ආයතන හමුවේ ඇති තම අාකල්ප තුල මෙම තත්ත්වය තවතවත් වැඩි දියුණු වී තිබේ. මෙරට ජනමාධ්‍ය නිසි අයුරින් ක්‍රියා කරන්නේ නම් මෙරට ජනතාව පිළිගත් මහින්ද චින්තනය ආරක්ෂා කිරිමටත් සංවර්ධනය තුලින් සතුටු විමටත් හැකියාවක් තිබේ.නමුත් ජනමාධ්‍ය නොදන්නා බොහොදෑ මේ වන විට ජනතාව දනි .එය ජනමධ්‍යා ලැජ්ජාවට පත්විය යුත්තකි.
මිහින්ද චින්තනය පාරාද කරනුයේ මෙරට ජනතාව නොව දේශපාලකයින්ගේ අයතා මුදල් පරිහරණයත් ජනමාධ්‍ය තුල වු නිහඩියාවත් , රජයේ නිළධාරින් ක්‍රියාකල ආකාරයත්  බව අප වටහා ගතයුතුය.
යුද්ධය නිමා විම හමුවේ අප සතුව ඉතිරිවන යුද වියදම සහ මෙරට සංවර්ධනයේ ප්‍රතිලාභයන් හමුවේ එම ලාභ  මත රට සතුව අතිවිශාල මුදලක් ඉතිරි විය යුතුය.වසර කිපයක සිට කරනු ලැබු සංවර්ධනයේ ලාභදායි තත්ත්වය හමුවේ තවතවත් බදු මුදල් එකතු විය නොහැකිය.එම ලාභයන් විනිවි ලෙස පෙන්නු විට එය සංවර්ධනයක් විය යුතුය.
නමුත් එවැන්නක් දක්නට නැත.ප්‍රථිඵල අහිමි සංවර්ධනයක් දක්නට ලැබේ මෙයට හේතුව කුමක්ද සංවර්ධන ව්‍යපෘතිය අසාර්ථක විමක්ද නොමැති නම් මෙය හුදෙක් සිනමා උපක්‍රමයක්ද ...පුවතක් පමනක්ද,  ඉදිරි මැතිවරණය හමුවේ ඇති පිඩනයට ජනමාධ්‍ය වග කිව යුතුය. නිවැරදි චින්තනයක් සංවර්ධනයක් රකින්නට  නම් ජනමාධ්‍ය මගින් තම වගකිම අවොද කර ගත යුතුය


ප්‍රචන්ඩත්ව මුදල් සුරා කෑම නාස්තිය සහ සංවර්ධනය කල සියල්ල අරමුණ කරා නොයැම හමුවේ ජනතාව තුල කනස්සල්ලක් උපදිනු ඇත.ජනතාව සියල්ල දරා සිටිනුයේ උපේක්ෂා සහගතවය. ශක්තිමත් බව සිතන  ජනතා බැම්ම පුපුරා යනු ලබන්නේ කුමකින්ද යන්න අධ්‍යනය කරන්නට ජනමාධ්‍ය සහ ප්‍රබල රජයේ නිලධාරින් ක්‍රියා නොකරන්නේ නම් ජනතාවට සාමය ගෙන දුන් චින්තනය විනාශ වනු ඇත. නිවැරැදි ජනමාධ්‍යක් ඇත්නම් සොරකම සහ වංචාව අවම වනු ඇත.දේශපානය තුල විනයක් ඇති වනු ඇත.ජනමාධ්‍යට නිසි තැනක් හිමිවනු ඇත.

දෙමාපියන් විසින් තම දරුවන්  නොමග යන විට සුමගට ගත යුතුය.එසේ නොමැතිව වැරදි දෙස අවදානය යොමු නොකර ඇති දැඩි කරණ විට අනාගතයෙදි ප්‍රචන්ඩ අයෙකු සොරෙකු බිහිවිය හැකිය.ඡන්ද දාකයා සතු වග කිමද එසේ විය යුතුය ආණ්ඩුව රැකිමට නම් ජනතා ප්‍රසාදය ඇති විය යුතු අයුරින් කටයුතු කල යුතුය.ඒ අනුව නිවැදි ජනමාධ්‍යක් ගොඩ නැගිමට සහ විය යුතුය.සෑබැ ජනමධ්‍යක් ඉල්ලා හඩනැගිය යුතුය.
මිනිමැරුම් සහ මරණ හැටි උගන්වන ජන මාධ්‍යට ජනතාව විරෝධය දැක්විය යුතුය.ස්ත්‍රි දුෂණ ළමා අපචාර රස කර කියන ජන මාධ්‍යට තිත තැබිය යුතුය. දැන දැනත් ොරකම් කරන රට නසනදේශපාලකියින් රකින් ජන මාධ්‍යට විරෝධය දැක්විය යුතුය.

කතිකාවතක් සදහා ප්‍රවේශයක් පමණි.....මෙහි පලවන ජායා රූප මා සතු ඒවා නොවන අතර අන්තර් ජාලයෙන් ලබා ගන්නා ලද බව සලකන්න











5 comments:

  1. ප්‍රේමදාස යුගයේ කොන්දක් තිබි මාධ්‍ය කලාවේ යෙදුන ඇත්තො කොදු නාරටි කඩා ගෙන පවතින රජයට කඩේ යාමම කොතරම් සුන්දරද

    ReplyDelete
  2. යම් මාධ්‍ය කරුවෙකුට යම් මාධ්‍ය ආයතනයකින් වැටුපක් ගෙවයි නම්..... ඒ මාධ්‍ය කරුවා අතින් ලියැවෙන්නේ එම වැටුප් ලබා දෙන ආයතනයේ න්‍යාය පත්‍රයයි. පරම සත්‍ය එයයි. ඔබ මොන තරම් සත්‍ය ලෙස ලිව්වද ඒ සටහන එළියට එන්නේ ආයතනික දැක්ම ඇතිවයි.

    ReplyDelete
    Replies
    1. මේක තමයි ඇත්ත.නමුත් මේ වැඩේ උපක්‍රමශීලීව කරන්න පුළුවන්.ඒකට කල්පනාකාරි වෙන්න ඕනි.

      Delete
  3. එය සත්‍යක් .ජවිතය සහ මාධය අතර විශාල පරතරයක් ඒ නිසා නිර්මාණය වෙනවා.මාධ්‍ය කරුවා අසරණ වෙන එක නවත් වන්න ජනතාව පෙළ ගැසිය යුතුයි.සියළු කරුණු උදේශා විනයක් නිර්මාණය වුවද මේ සදහා එය වී නොමැති විම ගැන ජනතාව දැන ගත යුතු බව මගේ අදහසයි . එවිට ජනතාව ඡන්දයෙන් ජනතා නායකයින් පත් කරන්නා සේම මාධ්‍යද නිර්මාණය කල යුතුයි. එය සනාත කරවන්න මා දැරු උත්සහයක් මේ නලින් මහත්තයා කිවිව කරුණට මම එකගයි.

    ReplyDelete
  4. :3 දන් පොලිසියෙ කට්ටියට වඩා පත්තර කට්ටියට තමයි කාරයා ගැලපෙන්නේ.. :D

    ReplyDelete