Sunday, November 9, 2014

ලංකාවේ ධනවතුන බිහි කරන රැකියා දෙක්ක .



මෙරට රැකියාවක් පිළිබද සිහින මවන අය තම රැකියාව ගැන විවිධ අයුරින් සිහින නිර්මාණය කර ගනු ලබයි.එය සමස්ථ සමාජයට වැඩක් කරනවට වඩා තම ගෝස්තරය තර කර ගැනිම මුලික අරමුනයි.හැකියාව පිළිබද අවබෝදයක් උවමනා නොවන බව දන්නා ලංකිකයා .පන්දම් කෙළියකට සුදුසු පරිසරය නිර්මාණය කර ගනුයේ අමුතු විඡ්ඡුම්බර කැටයම් කරමින්ය.අද රටේ රැකියා කිපයක් ගැන අවදානය යොමු කිරිම මෙම ලිපියේ අරමුනයි.
භික්ෂුත්වය අනාගයෙදි සහ අද රැකියාවක්ද
දේශපාලනය අනාගතයෙදි සහ අද රැකියාවක්ද

මේ චරිත දෙක හින්සැරේ සමාජ ගතවනුයේ සමාජ සේවයක් සදහා බව අප දන්නා කරුනකි.සමාජ සේවය යනු කුමක්ද නැතිනම් භික්ෂූත්වයට සහ දේශපාලකයා හට සමාජයේ යම් තැනක් හිමි වනුයේ මිත්‍ය දුෂ්ඨික පරිසරයක් තුලද නොමැති නම් දේශපාලනය පිළිබදව සහ බෞද්ධ ආගම පිළිබදව කිසිදු අවබෝදයක් සමාජයට නොමැති නිසාද .
භික්ෂුවකට ඇප උපස්ථාන කරමින් ධානය ලබාදෙමින් ආවාස ලබාදෙමින් ගිහියන් හරි හම්භකරණ රුපියල් ශත වියදම් කරනුයේ කුමණ අරමුනක් සදහාද එමෙන්ම දේශපාලකයා හට ගහමරා ගනිමින් වියදම් කරමින් ඡන්ද පොලිමේ ඉදිමින් ඡන්දය ලබාදෙමින් කරනුයේ කුමණ අරමුනක් සදහාද මේ සියල්ල සිදු කරනුයේ සමාජයේ මිනිසුන් හට බුද්ධිය හීන බව නිසාමද. ගැටළුව පැහැදිලි වනුයේ වෛරයක් තරහක් ඇති විම මගින්නම් ඔබ යමක් ගැන සිතන්නට පටන් ගෙන ඇත.
භික්ෂිවක් තම කයට චිවරයක් දා ගනුයේ සසර කොටි කර ගැනිමට නම් සියළු බැදිම් ඉවතලා සරළවන්නට නම් සසරින් එතෙර වන්නට නම් ඒ කාලය තුල ජිවත් වන්නට ආහාර චිවර වසස්ථාන ලබාදිම ඉතා වැදගත් බව බෞද්ධ ජනතාවගේ සිතුවිල්ලයි.

දේශපාලකයා තම අරමුණු ජනතාව හට පවසා ජනතා බලයක් නිර්මාණය කර ගනිමින් සුදානම් වනුයේ ගමට ගමේ ජනතාවට රටට වැඩක් කිරිමටය.නමුත් මේ සියල්ල හමුවේ අප අතරමන්ව සිටි.දේශපාලකයා ඡනදය ගන්නට එනුයේ තමන් හට ඇතිවුන සියළු ප්‍රශ්ණ විසදා ගැනිමට ජනතාව ඡන්දය දෙන බවය.
සියල්ල පැහැදිලිය.අප සමාජය තුල භික්ෂුව සහ දේශපාකයා මුදල් මත සැරිසරණ පුද්ගලයින් වශයෙන් හදුනා ගෙන තිබේ.ගිහියා සහ භික්ෂුව අතර වෙනස දක්වන්න යනුයේ එකම කාසිය දෙපැත්ත මෙන්ය.
අතිතයේ භික්ෂුව සිංහල බෞද්ධ පරිසරය හමුවේ සසර දුක පිළිබද නිතර කතා කරන ලදි. දැහැමි බවත් ගෞරවයත් ජනතාව ලබා දුනනේ ආගමික ජිවිතය තුල හරවත් බවක් දකින්නට තිබු බැවින්ය.කතාවෙන් පමනක් නොව ක්‍රියාවෙන්ද එක බෞද්ධ භීක්ෂුව අර්ථවත් විය.විනය ගරුක විය.යම් අවස්ථාවක අවැඩක් වුයේ නම් ගම්මාණයේ ජනතාව එයට මුල්ව ක්‍රියා කරණ ලදි .සැප විදිම සහ දුක්විදිම පිළිබද අවර්ජනා කලා සේම පන්සලේ හාමුදුරුවන්ද එය තම චරිතය ඇසුරෙන් ජනතාවට ගරු කල හැකි සහ ගෞරුත්වය ලබන්නට සුදුසු අයුරින් හැසිරින.

අද භික්ෂුත්වය සහ ගිහියා අතර ඇති වෙනස කියන්නට නොහැකි තරම්ය.වත්මන් පරපුර පන්සලෙන් ඈත්විම හමුවේ  පන්සල යනු කුමන ආයතනයක්ද යන්න පැහැදිලි විමක් නැත.එය යන එන තැනක් වනවා සේම අමුතුම තැනක් බවට පත්ව ඇති.සියල්ල වයුසමිකරණය කල සුපිරි හෝටල් බවට පත්ව තිබේ.වාහනයක් තිබුය යුතුය එය ඉහල පංතිය දක්වා ඇති එකක් නම් අගනා තැනක් හිමිවන්නකි.
දේශපාලකයා ජනතාව නියෝජනය කරමින් ජනතා මුදලින් සේවය කරන්නට යන්නෙකි.ඔහු ජනතාවගේ ඡන්දය ඉල්ලන අයෙකි .ජනතාව කැමති නම් පමනක් ඉහලට යන්නෙකි.ඔහු යමක් ගමට රටට කරනුයේ තම අම්මා අප්පගේ ධනයෙන් නොවන අතර ජනතාව විසින් එකතු කර දෙන මුදලිනය.මේ බව දේශපාලකයා හට අමතක වේ අද එය රැකියාවකි .අධික වියදමක් කර ජනතාව අතර බලය පෙනවන මෙම නළුවා තමා වියදම් කරනුයේ තම මුදල්ම නොව අනුන් බලය මත දෙන කප්පම් මුදලින්ය .පොස්ටර් කටවුට් සහ සියළු ප්‍රචාරණ සහ කෑම බිමද අනුන්ගෙය.සියල්ල මැද බලය ලැබුන විට ජනතාව දුන් ජන්දය අමතකය ජනතාව සේවකයන්ය ජනතාව යටත් වැසියන්ය ඔවුන් ඡනදය දී නැත.ජනතාව යම්ක ඉල්ලන්නට ගියද නොදන්නා බස් අසන්නට සිදුවේ.රටේ සම්ස්ථ ජනතාවට සේවකයා වන්නට ගිය අය ඉදිරියේ ජනතාවට දනගසන්නට සිදුවේ .

සියල්ල සිදුවනයේ ජනතාව සතු බුද්ධිය හීන වන නිසාද නොමැති නම් ජනතාව තම ශක්තිය හා සංස්කෘතිය පිළිබද අවබෝදයක් නැති නිසාද යන්න ගැටළුවකි.දේශපාලකයා තමන් ජන්දය ලබා ගන්නා කාලවකවානුව තුල ඇති ධනයට වඩා ධනයක හිමි කරුවෙකු වන්නේ කෙසෙද ? යන එන මන් නොමැතිව සිටි ඇතැමුන් කොටිපතියන් වනනේ කෙසෙද ?ජනතා මුදලින් මේ අය ධනපතියන් වන්නේද මේ සියල්ල මැද දුක්විදින් ජනතාව නැවත වරක් ජන්දය දුන් නායකයා පත් කරනුයේ කෑමට බිමට සහ හිනාවට පමනක් විම කේදාන්තයකි. දේශපාලනයද රැකියාවකි.එයට පසුබිම නිර්මාණය කර ගැනිම හමුවේ සමාජයට ඇතිවන සේවය සහ කුමක් විය හැකිද.අතිතයේ රජු මුලික කරගනු ලැබු පාලන රටව හමුවේ ජනතාව වින්ද දුකට වඩා දුකක් කම්පනයක් විදින බව ජනතාව නොදනි.

භික්ෂුත්වය රැකියාවක් විම හමුවේ සසර ගැන කලකිරුණු යතිවරයා දක්නට නොලැබෙනු ඇත.බෞද්ධ දහම තුල භික්ෂුව හට රැකියාවක් කරමින් බවුන් වඩන්නට හැකියාවක් නැති කම නිසාම එම පුද්ගලයා හට උපස්ථාන කිරිම පිනක් විය.සියල්ල සොයා බැලිමි පිනක් විය.නිසි වේලාවට ධනය ලබාදි සසරින් එතෙර වන්නට උදව් කරන්නට ජනතාව සැදි පැහැදි ඉදිරිපත් විය.එය තවත් සැප සොයා යන ගමනක් හෝ රැකියාවක් කරණ ගමන් පන්සලට යන ගමනක් නොවිය.පන්සල නවාතැන්පලක් නොවිය.එය සසර ගමන කෙළවර කරනට ගිහි පැවිදි සියල්ලන් හට වටිනා පිං බිමක් විය.අද එය ආරක්ෂක භටයින් යොදා ආරක්ෂා කල යුතු තැනක් බවට පත්ව තිබේ .සසර ගමන කෙළවර කර ගන්න කමටහන් ගන්න භික්ෂුන් දෙන් භික්ෂුන් එම කමටහන් දරණ භීක්ෂුන් දක්නට නැත.ගිහියන් පන්සිල් රැක්කද කොටියක් සංවරශීල්ය රකින්නට චිවරයක් දමා ගන්නා භික්ෂුව ගිහියනට වඩා ගිහියන් බවට පත්ව ඇති .මුදල් මත සියල්ල සිදු කරමින් හාමුදුරු මුදලාලිලා නිර්මාණය වී ඇත.ටිකට් පොත අතතිව වන්දනා කරුවන් එන තෙක් බලා සිටින භික්ෂන් රටපුරා ඇත.දේශපාලකයන්ගේ වේදිකාමත ගුණ වයමින් සසරින් එතෙරවිම අමතක කර දමා ඇත.කපුකම් කරණ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පසුපස යන භීක්ෂුණ අති විශාලය ගිහියන්මෙන් රත්රං මාල සුර ගෙලවටා ඇත.පිරිත් කොටුව තුලද පේස්බුක් දමා චැට් කරන බව දකින්නට අප ජනතාව පව් කර ඇත.පිරිත් කියන එක රස්සාවකි.එයට මුදල් දිය යුතු තැන් දක්නට ලැබේ .දානයට පැමිණ යන විට ලියම් කවරයක මොණර නොට්ටු දමා දිය යුතුය.දානයට පෙර කැමට අවශ්‍ය ලෙකනයක් දෙන තැනද දැන් සැම අතය.

අතිතයෙදි මෙන් ගමේ ජනතාව පන්සලට පැමින් සියල්ල සොයා බලන්නේ නම් ඔවුන් හට පන්සල තහනම් කාලපයක් කරනට සියල්ල සිදු කරනු ලබයි.ගිහි මලිගයක ඇති සුන්දරත්වය සහ ගිජුබව තිබිම වැදගත්ය.එය නිර්මණය කර සැපම සැපක් බව සසර එතෙර කරන්නට උවමනා නැති බව පසක් කරනු ලබයි. බුදු දහම සරළ නිතියක් පමනකි.විනය රකින්නට විනය ගැන කතා කරන්නට තැනක් අද නැත.
දේශපලකයා සහ  භික්ෂුව පිළිබද සමාජ කතාකා නැත. අද තිබෙන තත්ත්වයෙන් තව දුරටත් රැකියාවක් මුලාලි කරණයක් කරන්නට  පමනක් සියල්ල නිර්මාණය වී තිබේ.

වරද කාගෙද භික්ෂුන් සහ දේශපාලකයින් වැරදිද නැතිනම් මේ වගකිම සමස්ථ සමාජය භාර ගත යුතුද යන්න තිරණය කරන්නට පිරිසක් අප සතුව සිටිද.දිනේන දින මෙරට දේශපාලනය බෞද්ධ භික්ෂුව අතරමන් කරනට ක්‍රියා කරමින් සිටි නවින තාක්ෂනය සහ තොරතුරු අයිතිය භික්ෂුව සතුවිය යුතුබව කියමින් එය උත්සව තබා ලබාදේ .මේ නිසාම භික්ෂූව වල්මත් කරන්නට දේශපාලකයා හට හැකිව තිබේ.භීක්ෂුව සසර කතරින් එතෙරවන්නට උත්සහ නොකරන්නේ නම් රැකියාවක් කරන්නට යාම සමාජයේ තැනක තනතුරු දැරිම සිදු කිරිම හොද දෙයකි .නමුත් චිවරයත් උනා තබා එම රැකියාව කර පවුලක් පන්සලක් විම ඉතා යහපත්ය.අද සිදුවනුයේ ගිහියන් හමුවේ එකට සිට ගිහි දිවියක් ගත කිරිමට සිදුවිමය.එසේ නම් ධානයක් දිම කුමණ මිත්‍යවක්ද යන්න සිතන්නට සිදුවේ .

බුදු හමුදුරුවෝ විටෙක ආනන්ද සර්පයෙක් දුටිම්ද යනුවෙන් අසා එහි ඵලය පහදා දුන් බව කියවේ .අද සර්පයන් ගෙලවටා දමා සර්ප බවනක සිටින භික්ෂුන් දක්නට ලැබේ .මුදල් තම ජිවිතය කර ගත් අවස්ථා බහුලය.බුදු හමුදුරැවෝ භික්ෂුන්ට රැකියාවක් කරන්නට කියු බවක් අසන්නට නැත.පන්සල් අලංකාර කරමින් වාහන එලවමින් වාහන ගන්නට මුදල් රැස් කරමින් කාලය ගත කරන්නට කියා නැත.දේශපාන වේදිකා දෙදරවමින් කතා කරන්නට කියා නැත.පක්ෂ නිර්මානය කර රජ වන්නට කියා නැත.නිදන් කඩමින් හිරේ ලගින්නට කියා නැත.දැන් සියල්ල සිදුවේ .පන්සල් පෞද්ගලික දේපල බවට පත්ව තිබේ .ඇතැම් තැන්වල අඹූවක් සහ දරැවන් පමනක් දක්නට නැත.
සමාජය ගොඩ නගන්නට එදා භික්ෂුව අතිමහත් සොවයක් සිදු කරන ලදි.පන්සලට එන දායකයා හට උපදෙස් දෙන්නට දරුවන්හට නිසි දහම කියා දෙන්නට මුල්විය.එය ඉදිරිය දකින මනසක් ඇති පිරිසක් බවට පත්විම හමුවේ භාවනාවක් කර යම් ශක්තියක් මනසික බුද්ධියක් ඇති කර ගත් බව හමුවේ සිදු වු උතුම් සත්කාරයකි.අද ඒ සියල්ල හිනයක් බවට පත්ව තිබේ මුදල් නොමැති නම් පන්සලක් භික්ෂුවක් ඇසුරු කල නොහැකිය.රට තුල අසන්නට දකින්ට ලැබෙන  කතාව මිත්‍යව හමුවේ වැලද ගන්නට සිදුව තිබේ.

දේශපාලකයා දෙවියෙකු බවට පත් කර අදහන තත්ත්වයට පත්ව තිබේ.එය සමාජයට කල සේවයට නොව තමන්ට වඩා ධනයෙන් බලයෙන් බලපිහිටවු බැවින.ඡනදය දී  ඔහු ලග දන නමන පිරිසක් රට තුල නිර්මාණය කර ඇත.දේශපාලකයා රටේ ජනතාවගේ සේවකයා නොව ජනතාව ඔහුගේ සේවකයා බවට පත්ව ඇති .
අප රට තුල අනාගතයෙදි බිහිවන නොහික්මුන සංකලප පිළිබද අවබෝදයෙන් කතා කරන පිරිසක්  සිටින  බවක් දක්නට නැත.අප දකින් මෙම රැකියා දෙක අනාගත ලංකිය සමාජය උමතුවුවන්ගේ දේශයක් බවට පත් කරනු ඇත...බුදුන් කියු දහමක නැති පරපුරක් ඉදිරියෙදි දක්නට ලැබෙනු ඇත.


2 comments:

  1. මේ සියල්ලම පවතින විකාර ක්‍රමයේ අතුරු ඵලයන් නොවෙද සබඳ?

    ReplyDelete
  2. සත්‍යක් අද මේ බොරුවට සියළු දෙනා අහුවෙලා ඉන්නේ හැබැයි අනාගත පරපුරේ අනාගය තමයි මේ අදුරු වෙන්නේ දේශකය සියල්ල හමුවේ මේ රට අනාගයේ දකින්න ලැබෙන්නේ එකිනෙකා මරා ගන්නා දේශයක වශයෙන් විතරයි.එය නවත් වන නට තව දුරටත් කාලය තියෙනවා

    ReplyDelete