Wednesday, December 4, 2013

ලාංකිය ඉතිහාසය නිදන් කර ඇති බුද්දම



බුද්දම විහාරාධිපති

            පානම යායේ රතනසාර හිමි


අතිතයේ මෙරට ජනතාව තුල තිබු වටිනාකම පිළිබද අප දක්වන සැලකිල්ල ඉතාමත් අල්පය.වෙත් ජාතින් තමන් හට අතිතයක් තිබු බව පෙන්විමට මහත් වෙහෙසක් ගනු ලබයි.පිට රැටියන්ද එසෙමය ඇමරිකානුවාගේ සිට ඔස්ට්‍රේලියාව දක්වා වු විදෙස් රටවල් තම ඉතිහාසය නිර්මාණය කර ගැනිමට විශාල සැලසුම් සකස් කර ගන්නා බව රහසක් නොවේ.
නමුත් මෙරට වැසියන් හට තම දේශිය වශයෙන් ඇති ඉතිහසය පිළිබද තැකිමක් නැති තරම්ය.මේ අවදානයට ලක් කරන්නේ මෙරට ඉතිහාසයේ වැදගත් පිටුවකට හිමිකම් කියන බුද්දම රජමහා විහාරය පිළිබදවය.එය පිහිටා තිබෙන්නේ සියඹලාණ්ඩුව නගරයේ සිට සැතපුම් දහයක් පමණ දුර අම්පාර දෙසට ගමන් කිරිමේදි හමුවන ඉතා සුන්දර පරිසර පද්ධතියකින් හෙබි ප්‍රදේශයකය.එම ගම්මානයට කියන නමද බුද්දම වේ.

විහාරය අවට පරිසරය

වලගම්බා රජ සමයට අයත් බවට පුරා විද්‍යා සාධක මතුකරගෙන ඇති මෙම විහාරයේ ඇති ප්‍රධාන ලෙන තුල ඉතා සුරක්ෂිතව අලංකාරව ඉදිකරනු ලැබු දහඅටරියන් සැතපෙන බුදු පිළිමයකි.ගල්ලෙනෙහි සැම තැනම නුවර යුගයේ චිත්‍රවලින් සැරසිලි කර ඇත.

නිදන් හොරුන් විසින් බුදු පිළිම විනාශ කර ඇති අයුරු



අඩි හතරක පමණ උසින් යුත් හිදි පිළිමද මෙහි දක්නට ලැබේ.නමුත් මෙහි කේදාන්තයක් තිබේ .දහඅට රියන් බුදු පිළිමය කිප තැනකින් නිදන් ගැනිමට හාරා තිබේ .කුඩා බුදු පිළිබද අලවංගු පහර දෙමින් විනාශ කර ඇත . බිත්තිවල  සහ ලෙනේ ඉහල ඇද ඇති සිතුවම් විනාශයට ගොස්ය. මේ පිළිබද සොයා බැලිමට එම සිතුවම් වලට වටිනා ගමක් දෙන්නට මෙරට පුරා විද්‍යාව සමත්ව නැත.
ප්‍රධාන ලෙන විහාරයට ඇතුළු වන දොරටුව


සාදුකාර මැද සුභ නැකතින් නිර්මාණය කරන ලද මෙම විහාර කඩා කුස පුරව ගන්නට යන්නා කෙසේ විය යුතුද යන්න සිතා ගැනිමට නොහැකිය.මෙරට ඉතිහසයේ නිර්මාණ කඩා බුදින්නට වෙනත් ජාතිකයින් ආ බවත් වෙනත් ආගමිකයින් පැමිනිය බවක් වර්තමාණයේ අසන්නට නොලැබේ.මේ සියල්ල බෞද්ධ උප්පැන්න ඇති වුන් විසින් සිදු කිරිම නිදා සහගතය.
විනාශයට පත් වෙමින් පවතින බිතු සිතුවම්

විනාශයට පත් වෙමින් පවතින බිතු සිතුවම්



විනාශයට පත් වෙමින් පවතින බිතු සිතුවම්


විනාශයට පත් වෙමින් පවතින බිතු සිතුවම්


විනාශයට පත් වෙමින් පවතින බිතු සිතුවම්


විනාශයට පත් වෙමින් පවතින බිතු සිතුවම්

එකල සිංහල වෙදකම පිළිබදව ප්‍රචලිතව තිබු ස්ථිනයක් බවට සාධක ඇති බව එහි විහාරාධිපති පානම යායේ රතනසාර හිමි පෙනවා දෙයි.විටෙක මෙම විහාරස්ථාය තක්ෂලාවක් බවට පත්ව ඇත.





මෙරට දැකිය හැකි පැරණිතම අකුරු කල වැලි පිල්ල දක්නට ලැබෙන්නෙද මෙම විහාරස්ථානයෙනි.එය අඩි දහයක් පමණ දිගු වන අතර අඩි දෙකක් පමණ පලලය.

අවට පරිසරය පුරාවට ගල්ලෙන් විශාල සංඛ්‍යවක් පිහිටා ඇත.මෙහි රිදිගල්ලේ වඩුගල්ලේ යනුවෙන් ලෙන් දෙකක් තිබේ.රිදි කාර්මාන්තය සහ වඩු කාර්මාන්තය පැවතිය බවට මේ අනුව සාධක තිබේ.


1818 කැරැල්ල සිදු වන සමය තුල මෙම විහාරයට ප්‍රභල ස්ථානයක් ලැබුන බවට සාධක තිබේ.මෙහි වැඩසිටිය නාපේ දේවරක්ඛිත හිමියන් කැරැල්ලට නායකත්වය දෙමින් පිරිස එකතු කරමින් යුද පෙරමුණට යනු ලැබුවේ බුද්දම විහාරයේ සිට බව ඉතිහසයේ පැවසේ.


ඉංශ්‍රිසින් තම පාලන කාලය තුල මෙම විහාරස්ථානය සමග සිදු කරනු ලැබු ලිපි ලේඛන අද වන විටත් දක්නට තිබේ.අතිතයෙදි විහාරය පාලනය කල ආකාරය සහ ක්‍රමවේදයන් පිළිබද සදහන් තොරතුරුද දක්නට ලැබේ.පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම විහාරස්ථානයේ සිමා දැක්විම සදහා ගෙන එන ලද සිමා කනු විශාල ප්‍රමාණයක් විහාරස්ථානයේ වසර ගණනාවක් තිස්සේ ගොඩගසා තිබේ.
නිදන් හොරුන් මේ වන විටත් තම අරමුණු කරා යමට සුදානම් වෙමින් සිටි
 .ගම්මුන් තමන් හට හැකි අයුරින් මෙම විහාරය රැක බලා ගැනිමට ප්‍රයත්න දරනු දක්නට ලැබේ.විහාර ගෙන තුල දක්නට ලැබෙන සිතුවම් වලද විශේෂ ලක්ෂණ දක්නට ලැබේ.ඇතැම් සිතුවම් නිර්මාණය කිරිමට නොහැකිව අතර මග නවතා දමා ඇති අයුරක් දක්නට ලැබේ.නුවර යුගයේ අභාෂයන් වඩාත් මෙම පිළිම තුල දක්නට ලැබේ. පිවිසුම් දොරටුවද ගාම්බිරව නිර්මාණය කර තිබේ.

අතිතයේ ඇති ශ්‍රි විභුතිය එහි යන සෑම අයෙකුටම දැනෙන බව නම් විශ්වාසය .රටවටා යන සංචාරකයින් මෙම විහාරය පිළිබද නොදන්නා තරම්ය.දැකුම් කළු පරිසරය තුල දිනක් වුවද රැදි සිටින්නට සිතේ.
මෙහි අයිතිය කියා පැමට අතිතයෙදි ලබාදුන් තල්පතක්ද විහාරය සතුවේ.1818 සිට මෙම විහාරස්ථානය සමග ලිපි හුවමාරු වු බව සනාත කිරිමට ලිපි විශාල ප්‍රමාණයක් සුරක්ෂිතව තිබේ.

මේ කියන තොරතුරු වලට වඩා යමක් එහි තිබේ ඒ අප සතු සම්පත්ය .එසේ කී විට නිදන් හරන්නෙකු නම් ඒ ගැන සිතනවා ඇත.නමුත් නිදන් තැන්පත් කර අතිතයේ මින්සුන් විමාන වස්තු නිර්මාණය කර කර ගත් බව සදහාන්වේ නමුත් අද වන විට එම නිදාන කඩා ප්‍රේත වස්තු නිර්මාණය කර ගන්නා බව බුද්දම රජ මහා විහාරයට යන සැම අයෙකුටම පෙනෙනු ඇත.
බුද්දම දැක සැනසෙන්න ශ්‍රි ලාංකිය අභිමාණය හිතට ගන්න එක්වරක් හෝ ඔබත් එහි යන්න


6 comments:

  1. මා දයාබර හිතවතුනි මේ ලිපිය පිළීබද සිතේන දේ කියන්න ලියන්න හොද නරක ගැන දක්වන අදහස් උතුම්කොට සලකමි

    ReplyDelete
  2. අගනා ලිපියක් චන්දන මෙය එවන්න පත්තරයට ගන්න. පිංතුර ටිකත් වෙනම එවන්න වෝටර් මාක් නැති

    ReplyDelete
  3. මෙන්න මෙතැන්ට ගිහින් අඩවිය සින්ඩියට ඇතුළත් කරන්න..http://maathalangesindiya.blogspot.com/

    ReplyDelete
  4. watermark දාද්දි තව ටිකක් transparent කරලා දාන්න.

    ReplyDelete
  5. නියමයි චන්දන නලින් ලොක්කා බලාපොරොත්තුවෙන්න ඇත්තෙත් මේ වගේ වැඩක් සුභ පැතුම් !

    ReplyDelete
  6. ඇත්තටම ගොඩාක් වටින ලිපියක්. මේ වෙනුවෙන් කැපකල කාලය, ශ්‍රමය ඇගයිය යුතුමය.

    ReplyDelete