Tuesday, December 24, 2013

ලාංකිකයන් ලංකාව අත්හරි.....



ලාංකික ජනතාව තම රට පිළිබද ඇති අභිමානය අද වන විට විනාශ කරමින් සිටි.එම අභිමානය සිංහලද දෙමළද මුස්ලිම්ද යන වග ජාතින් වශයෙන් කතා කිරිමට වඩා ලාංකික ජාතියක් වශයෙන් කතා කිරිම වටි.
මෙරට වසර තිහක් තිස්සේ පැවති යුද්ධය නිමා විමත් සමග නැවත වරක් ජාතික ලේබලය මෙරට ජිවත් වන ජාතින් තනි තනිව ගසා ගැනිමට යැම හමුවේ ඇති වන විනාශය සුළු පටුනොවේ.එය දශක තුනක යුද්ධයට වඩා විනාශයක් නිර්මාණය කිරිමකි.

අද වන විට යාපනය නැවත් වරක් සමාජ ගතවිමට පටන් ගෙන තිබේ.මිනිසා සතු පරම අයිතියක් වු නිදහස් ඡන්දය භාවිතා කර තමන් කැමති දේශපාලකයෙකු දේශපාලන පක්ෂයක් තෝරා ගැනිමිට අවස්ථාව උදා කරදි ඇත.මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂනයකි.අද වෙනදා මෙන් උතුරට යැවු ආයුධ වෙනුවට එහි සංවර්ධනය සදහා සම්පත් ප්‍රවාහනය කරන බව රජය පවසා සිටි.මෙරටට විදේශිය බලපැම් නිර්මාණය කර දෙන්නට මියගිය ඊලාම් සේවනැල්ල ක්‍රියා කරනු දක්නට ලැබේ.
යාපනයේ නව දේශපාලන නායකත්වය මෙරට ජාතික ගීය තමන් කැමති පරිදි ගයන්නට කැරළි ගසමින් සිටි.මෙම ඉල්ලිම වනාහි තවත් යුද්ධයක් නිර්මාණය කරන්නට තවත් වසර විස්සකට පදනම දැමිමකි.එනම අද මේ කැරැල්ල යාපනයේ කරනුයේ යුද්ධයක් නැති රටක උපදින කුඩා දරුවන් ඉදිරියේ විමය ඔවුන් තවත් වසර විස්සකින් තරුණ තරුණියන් බවට පත් විමේදි ඇති වන ආකල්පය යුද්ධයක් වන්නෙය.


වසර තිහක් තිස්සේ මෙරට දේශපාලකයින් නොදුටු පැතිකඩද මෙයමය.ඒ හේතුව නිසාවෙන් අද වන විට උතුරේ සහ දකුණේ තම පියවරුන් අහිමිව ජවිතය විදවන ළමුන් විශාල පිරිසක් සිටි මේ අයද තවත් යුද මානෂිකත්වයක් සහිත් යුද්ධයක් හිමි කරුවන්ය මේ අය හට සමාජයේ ඇති වන ගැටිම් හමුවේ ඇති වන ආකල්පද තවත් වරස ගණනකදි යුද්ධයක් බවට පත්වේ.මේ පරපුර නිර්මාණය කරන්නට යන දේශපාලනික පරමාර්ථ හමුවේ සංකිර්ණ කේදාන්තයක් නිර්මාණයවේ. යාපනයේ නව නායකයා සිංහල දෙමළ වෛයිරය නිර්මාණය කිරිම අරඹා තිබේ.ඔහුට අවසිව ඇත්තේ වැස්සියගෙන් කිරි දෙවු සැනින් මිදෙනවා දකින්නටය එයට කාලයක් දිමට ඔහු අපොහොසත්ය.
යුද්ධයක් පැවති සමය තුල සිදු වු විනාශයට මුලික පදනම දැමුවේ කවුරුන්ද යන්න දැන් ඔවුන් හට අමතකය.දැනට ඔවුන් වෙනත් රටවල් සමග එක්ව මෙරට පාලනය කිරිමට සුදානම්ව ඇත.යුද්ධයේ සුළං දිසාව වෙනස් කර තිබේ.ලංකිකයෙකු විමේ ප්‍රතිපත්තියට වඩා යුද්ධයේ හිමිකරුවෙකු විමට උත්සහ ගනිම්න් සිටි.අයිතින් ලබා ගත යුතුය එය මහාජාතියකට සිමා වී නැත මෙරට ආණ්ඩු ක්‍රම විවස්ථාව පිළිබද අවබෝදය ලාංකිකයා සතු විය යුතුය.

මෙම ගැටළු මෙසේ තිබියදි අද වන විට නැගෙනහිර පළාතේ මුස්ලිම් වරුන් තම අනාගත පරපුර යුද්ධයකට සුදානම් කරමින් සිටි.හර්තාල් කිරිම මෙම අයගේ දුෂ්ඨ විනෝදාංශයකි .මෙරට පවතින රාජ්‍ය බලතල අතට ගෙන පාරවල් වසන්නට සහ පොලිස් බලතල අතට ගෙන ක්‍රියා කරන්නට පටන් ගෙන තිබේ.මෙය දේශපාලකයින් හිතාමතා ප්‍රදේශයේ ඇති කරන පසුබිමක් බව පෙන්වාදිය හැකිය.පවතින ආණ්ඩුවලට බලපෑම් කිරිමට ඔවුන් යොදා ගනු ලබන උපක්‍රමය මෙයවේ.මෙම අවනීතියේ බලපැමේ සිදුවන මුලික සිද්ධාන්තය නම් මේ සමග වැඩෙන අනාගත පරපුර කැරළි කරුවන් විමය.

පසුගිය වසර කිපය තුල නැගෙන හිර මුස්ලිම් නායකයින් පිටු පසින් සිට ඇති කරනු ලැබු හර්තාල් ව්‍යපාර හමුවේ අනාගතය භාර ගන්නට සිටින පාසල් යන වයසේ පසුවන දරුවන් ඉදිරියට යවමින් ආණ්ඩුවට විරෝධය දක්වන අකාරය පුහුණු කරමින් කටයුතු කරන අයුරු දක්නට ලැබින.මෙම ආකල්ප වර්ධනය හමුවේ නැගෙන හිර පළාතේ ඇතිවන අනාගත පරපුර ශ්‍රි ලාංකිකයෙකු විමට වඩා කැරළි කරුවෙකු විමේ අභ්‍යාසය ලබමින් සිටි.මෙම තත්ත්වයද තවත් වසර විස්සකට පමණ පසුව යුද්ධයක් ඇති විමට ආකල්ප නිර්මාණය කිරිමකි.රටේ අනෙක් පළාත්වල ඇති වන  විරෝධතාවයකදි කුඩා ළමුන් පෙරටු කර ගැනිමක් දක්නට නැත එම තත්ත්වය ඇත්තේ නැගෙනහිර මුස්ලිම් වරුන් අත පමණි .


මහාජාතිය ලෙස සිංහල මතය නිර්මාණය වන්නේ  මෙරට සංස්කෘතියට ඉතිහාසයට ආදරය කිරිමට නොව මුදල් මුලික කර ගනිමින් කෙසේ හෝ දියුණු විමටය එහිදි තරගකාරිව තම අරමුණ වෙත යාමට පමනක් මේ පිරිස සන්නද්ධ කර ඇත.ඉලක්කය වන්නේ මුදල් සහ බලයවේ ලංකාව යම් දෙයක් සිදු වුවද ඒ වෙනුවෙන් හඩක් නැත.එය ලාංකිකයෙකු විමට ඇති මුද්‍රාව මකා දැමිමකි.ඇතැම් විට දකුණේ තරුණයෙකු යුද්ධයට එක් වුයේ තම ආර්ථිකයේ ඇති දුෂ්කරතා මත විම පුදුමයට කරුණක් නොව .එය එසේ සිදුවිය.
අද වන විට දකුණේ දරුවන් වෙනත් මානයක සැරිසැරිම මෙරට ලංකිකයෙකු විමේ අවශ්‍යතාවය පැහැර හැර දියුණුවක් සොයා යැම කේදාන්තයකි. වසර ගණනාවක සිට මෙරට උසස් අධ්‍යාපනය ලබන්නට උතුරේ දරුවන්ට සහ නැගෙනහිර දරුවනට වඩා දකුණේ දරුවනට පහසුකම් සැලසින මේ තත්ත්වය හමුවේ නිදහස් අධ්‍යපනයෙන් සැනසුන දරුවන් අධ්‍යාපනය හදාරා පිට රැකියා සොයා යෑම හමුවේ බුද්ධිමය සම්පත්වලින් මෙරටට වැඩක් ගන්නට නොහැකි වී ඇත.අද ගිරව් මෙන් විද්‍යුත් මාධ්‍ය තුල කතා කරන සංනිවේදකයාද ජනමාධ්‍ය ඔස්සේ ලාංකිකයෙකු විමේ ආකල්ප විනාශ කිරිම ආරම්භ කර තිබේ.ඉන්දියාව තුල ජාතින් විශාල පිරිසක් භාෂා ගණනාවක් කතා කරන්න කේටි ගණනාවක් ජිවත්වේ නමුත් මේ අය තම රටට ආදරය කිරිම ඉතා විශිෂ්ඨය එය මහත්මා ගාන්ධිවැනි නායකයින් මිට වසර ගණනාවකට පෙර නිර්මාණය කළ පසුබිමවේ.අප රට නිදහස ලැබු පසුව අද දක්වා ප්‍රචන්ඩත්වය වගා කරමින් සිටි එයට එදා සහ අද සියළු නායකයින් වගකිවයුතුව ඇත.

ලෝකයා හමුවේ මෙරට උපදින මිනිසා ලාංකිකයෙකු විම අභිමානයට හේතුවක් වන බව පසක් විය යුත්තකි.එය සිංහලද දෙමළද නොමැති නම් මුස්ලිම්ද යන්න නොවිය යුත්තකි .මෙරට භාෂාව සුදුවකි.දෙමළ ජනතාව කතා කරනු ලබන භාෂාව මුස්ලිම් වරුද කතා කරති එය මුස්ලිම් භාෂාව නොව එය දෙමළ වේ නමුත් ජාතියක් ලෙස මුස්ලිම් වරු තම අරමුණු නිර්මාණය කිරිමෙදි සිදුව ඇත්තේ ඔවුන් ලාංකික ලේබලය උඩු යටිකුරු කිරිමකි.දෙමළ ජනතාව තම ඉල්ලිම් නිර්මාණය කරනුයේ තම යටි පරමාර්ථ සහ බලය පිළිබදව මිස ලාංකිකයෙකු නිර්මාණය කරන්නට නොව සිංහල ජනතාවද පක්ෂ පාට මත වසර ගණණාවක් තිස්සේ බල පොරයකට වැටි ඇත.එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ තම බලය නිර්මාණය කිරිම මිස තප්පරයකින් වත් ලාංකිකත්වය නිර්මාණය කිරිම නොව.එයට පිළියමක් වුයේ එක්සත් ජනතා නිදහස් සංධානයට එක්සත් ජාතික පක්ෂයේ කොටසක කඩාගෙන ඒමය.හුදෙක් බලය ලබා ගැනිම හමුවේ සියල්ල විනාශ වෙමින් පවති.එය නිවැරදි මානයක්ද යන්න පිළිබද ගැටළුවක්ව ඇත.

හෙට දිනයෙදි මෙරට තුල නිර්මාණය වන යුද්ධය බිහිසුණුය එය ලාංකිකයෙකු නිර්මාණය කැරන්නක් නොව මෙරට ප්‍රාන්ත බවට පත්කර කොටස් කර සුකාන්තයක් ගොඩ නැගිමකි.එය ලංකාව ගොඩ නගන්නක් නොව බිද දැමිමේ ප්‍රයත්නයකි. අදුරදර්ශි ප්‍රතිපත්තිය අප අතරින් ගිලිහි යාම නැවතිය යුතුය .නායකයින් අද කුසගිනි නිවන්නට අරක්කු විදුරුවක් දි බත් පාර්සලයක් දිම නවතා දැමිය යුතුය.හෙට රට ගැන හිතන පුද්ගලයා නිර්මාණය කළ යුතුය.මෙය සිංහල දෙමළ මුස්ලිම් නායකයින් එකව එක මේසයක කතා කළ යුතුය මෙරට යම් පුද්ගලයෙකු හට මෙරට පාලනය කල ආණ්ඩුවක් යටතේ උප්පැන්නයක් ලබාදි ඇත්නම් ඔහු ලාංකිකයෙකු බවට එය ලාංකිකයෙකු විමේ පලමු පියවර වේ.යම් අන්තවාදි ආකලප දරණ පිරිසක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් වේද එය හෙලා දැක පලවා හැරිමට ක්‍රියා කළ යුතුය.

මෙරට නීතිය ලාංකික ජනතාවට පොදු විය යුතුය නැගෙනහිරට එක් නීතියක් තවත් පළාතකට තවත් නීතියක් තිබිමට නොහැකිය.අද මෙරට වැසියන් ඉන්දියාවට බැනවදින නමුත් ඉන්දියාවේ හොද ටික අරගන්නේ නැත.ඉන්දියාවේ සිනමාව සංගිතය සංස්කෘතිය තුල ඉන්දියානු පුරවැසියාගේ අයිතිය පැහැදිලිය.එය එරට භාෂාවකට තමන් නියෝජනය කරන ජාතියකට සිමා කර නැත.ඉන්දියානු ජාතික ගීතය ඇසෙන විට තමන් කතා කරන භාෂාව අමතක කර එක් හඩකට මුමුනන්ට ඔවුන්ට හැකිය භාරත මාතාව තව දුරටත් ලෝකයට මහා රාජ්‍යකි.



අප රට තුල හෙට දිනයෙදි ලාංකිකයෙකු බිහි විය යුතුය එවිට ජනතා මුදල් සුරැකෙනු ඇත.ජනතා අයිතින් සුරැකෙනු ඇත.එක දේශයක් තුල මෙරට සංවර්ධනය වනු ඇත.
දූරදර්ශි ලාංකිකයින් රටට අවශ්‍යව ඇත.එවිට හෙට අප හට ශ්‍රි ලංකාවක් ඉතිරි වනු ඇත.




මෙම ලිපිය සැකසිමෙදි ජායා රූප රැසක් අන්තර්ජාලය මගින් ලබා ගන්නා ලදි.

7 comments:

  1. සිරා ලිපියක් චන්දන මලයා......

    ReplyDelete
  2. ඇගයිමක් කරාට ස්තුති නලින් මහත්තයා
    අපේ අනිත් අය දක්වන අදහස් මට වැද ගත් මේ ගමනට .දන්න අයට එන්න කියන්න මේ පැත්තේ ඇවිත් යන්න අදහසක් දාලා යන්න .......

    ReplyDelete
  3. දැනෙන්නම දීලා තියනවා. සිරා අයියේ

    ReplyDelete
  4. පොස්ට් එක අල්ලලා ගියා නැවත එව යුතුයි.. :3

    ReplyDelete
  5. නියමයි ලොක්ක ඇත්ත, ජාතිවාදි නොවි පැවැසීම තමයි මෙහි වටිනාම දේ ලෙස මම දකින්නේ.

    ReplyDelete
    Replies
    1. රට ගැන හිතන්න පාරකපන්න පුළුවන් නම් මගේ පරමාර්තය එයමයි....

      Delete