Monday, December 16, 2013

දළ ඇතුන් නික්ම යයි



මෙරට භූමිය අයිති කාටද යන්න තිරණය කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන්ය.නමුත් මෙම භූමිය හිම් භාෂාවන් කතා කරන මිනිසුන්ට විතරමද යන්න ගැටළුවකි.වන සතුන් හට කිසිදු අයිතියක් නැත එයට හේතුව උන් හට කොල කැබලි වල ලියු ඔප්පු නැති නිසාය.ඔප්පු තිබුනා නම් උසාවි වන සතුන්ගෙන් පිරි යන්නේ මිනිසුන්ගෙ නඩු වලට වඩා වැඩි වන බැවින.

අම්පාර බුද්ධංගල අභය භූමියේ සැරිසැරු එකම දළ ඇතා (16) අළුයම විදුලි සැරවැදිම නිසා මිය ගියේ මිනිසා විසින් ආක්‍රමනය කරන ලද භූමියකදිය.
අම්පාර වලතාපිටිය ගම්මාණයේ ගොවියෙකු අනවසරයෙන් තම කුඹුරට වටා විදුලි රැහැන ඇද තිබිම හේතුවෙන් මෙම අලියා හට විදුලිය වැදි මිය ගොස් ඇති බව අම්පාර වන ජිවි පශූ වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසිය. 

අම්පාර දීඝවාපිය ප්‍රදේශයන්හි මෙම ඇත ජිවත් වු අතර වයස අවුරුදු තිස්පහක් පමණ වන බව වන ජිවි නිළධාරින් පෙනවා දෙයි.උසින් අඩි නවයක් පමණ වන මෙම ඇතාගේ දළ යුගලේ දිග අඩි තුනක් පමණ වේ.
කලකට පෙර මිනිසුන් විසින් එල්ල කරන ලද වෙඩි උන්ඩ විශාල ප්‍රමාණයක් ඇතාගේ ශරිරයේ දක්නට ලැබේ .
ඇතා මැරිම සදහා විදුලිය රැහැන් ඇද තිබු කුඹුරේ හිමි කරු සම්මන්තුරේ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.


තවත් නොදුටු දෑ සමග මෙම ඇතා ගැන තොරතුරු බලාපොරේත්තු වන්න




16 comments:

  1. නියමයි මගේම අඩෙවියකින් විස්තරය දෙන්න හිටියත් විභාගය නිසා මඟ හැරුණු පණිවිඩයක් රටටම පෙන්නුවාට ස්තූතියි අයියා..!

    ReplyDelete
    Replies
    1. රටටම පෙන්වන්න මේ මග නිර්මාණය කරන්න උදව් කල ඔබත් අමතක කරන්නේ නෑ මම

      Delete
  2. අලි - ඇතුන්ට/වනසතුන්ට උන්ගේ ප්‍රදේශ නිදහස්කරදිය යුතු නිසා තමයි අපි නිතර කියන්නෙ, මිනිස් ගහණය පාලනය වියයුතුයි කියලා.

    ReplyDelete
    Replies
    1. මේ කතාවට අනුව නම් මේ පළාත් වල මිනිස් ගහනය සිංහල අය අඩු කරගෙන තියෙන්නේ පවුලට එකයි දෙන්නයි ඉන්නේ හැබයි මුස්ලිම් වරු එක සහගුනයකින් වැඩි කරලා ඉඩම් සුද්ද කරනවා වන සතුනට දෙයියන්ගේ පිහිටයි ම මේ කිව්වේ ජාතිවාදි කතාවක් නොවේ ඇත්ත කතාවක්

      Delete
  3. ගොඩාක් හොදයි දිගටම කරගෙන යන්න මගේ සුබපැතුමි

    ReplyDelete
    Replies
    1. ස්තුති දිරි ගැන්විමට

      Delete
  4. බොහොම දුක්බර පුවතක්...දළ ඇති ඔතනදි බේරුනත් උගෙ දළ වලට කෙළ හලන පාහරයො ඕනෑ තරම් ඉන්න නිසා දිගු ආයුෂ අපේක්ෂා කරන්න අමාරුයි...තව ටික කාලෙකින් පුලුන් පුරවපු අලි තමයි අපේ දරුවන්ට පෙන්නන්න ඉතුරු වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මේ ඇතා තමයි අම්පාරට ඉතුරු වුන සතා උත් නැතිකල තව දකින්න වාසනාවක් පැදෙයිද දන්නෑ

      Delete
  5. වන සතුන්ට ජීවත්වන්නට හිමි භූමිය අපි ආක්‍රමණය කිරීම නවත්වනකම් මේ වගේ දුක්මුසු කතා තමයි අලි ගැනත් මිනිස්සු ගැනත් අහන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දුක නම් මෙම කේදාන්තය නැවතිය නොහැකි විමයි අපට සිදුව ඇත්තේ බලා සිටිම පමනයි

      Delete
  6. සිරාවටම...තවත් කතාවක් තියනවා.කෝච්චිවලට හැපිලා අවුරුද්දකට අලි කී දෙනෙක් නම් නැති වෙනවද?අලි මංකඩවල කෝච්චි පාරවල් දාලා අලි ඇවිත් කෝච්චියෙ හැප්පුනාලු....

    ReplyDelete
    Replies
    1. අලි මංකඩවල කොච්ච් පාරවල් විතරක් නොවේ අළුතින් ගම්මානත් හදලා ඒ නිසා අලින්ට අද පාරනෑ

      Delete
  7. මේ වගේ දුක් මුසු කතා ඕනි තරම් ඇහිලා තියෙනවා. ඒත් බලධාරීන් මේවා නවත්තන්න ක්‍රියා නොකරනවා නම්. කොහොම උනත් ඔබ මේ තොරතුරු සැපයූවාට ස්තූතියි අයියා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මිනිසුන් වෙනුවෙන් කතා කරන්න අමාත්‍යංශ 53 තිබෙනවා නමුත් වන සතුන වෙනුවෙන් එක් අමාත්‍යංශයක් පමනයි තිබේන්නේ ඒ වන ජිවි අමාත්‍යංශය එයත් මිනිසුන් වෙනුවෙන් කැප කරලා වන සතුන් හට තැනක් නෑ

      Delete
  8. අක්‍රමවත්, අදුරදර්ශී සංවර්ධන ක්‍රම වල ප්‍රතිපල තමයි මෙ. මිනිසා හිතන්නෙ මේකෙ ජීවත් වෙන්න ඕනෙ අපි විතරයි කියල. ඒක වෙනස් වෙනකල් ඔහොම තමයි. ඒත් ඒ ආකල්ප නම් වෙනස් වෙන වගක් පෙනෙන්න නෑ. කැලෑ ටික වනසල දැම්මම, සතුන්ට කන්න හොයන්න ගම් වලට එනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.. නීති තියන්නෙත් පොතේ විතරයි නෙ... අපරාදෙ අසරන සත්තු..

    මේ පෝස්ට් එකට ආවෙ සිරා දාල තිබ්බ ලින්ක් එකෙකින්.

    ReplyDelete
  9. චන්දන ලියන කතාව ඇත්ත නිතිය පොතට විතරයි.අපි මේ කියන කතා සමහර විට නීතිය ආරක්ෂා කරන ඇත්තො දකිනවා විතරයිත.උන්ට පිළියම් සොයන්න බෑ සංවේදි නෑ

    ReplyDelete