Sunday, January 5, 2014

සසරෙන් එතෙර විම අමතක කරන වානිජ්‍ය බුදු දහම



බුදු දහම දර්ශනයක් ලෙසත් ආත්මය ගලවා ගැනිමේ මගක් (ආගමක්)ලෙසත් අප සමාජය නිර්වචනය කරනු ලබයි.කුමක් වුවත් නිවැරදි දිසාවකට සමාජය වසර දෙදහස් පන්සියකට වැඩි කාලයක් රැගෙනවිත් තිබේ.අද මෙම දහම නොමැති නම් දර්ශනය ව්‍යාපාරික දහමක් බවට පත්විම වැලැක් විය නොහැකි තත්ත්වයට පත්ව ඇත.ඉල්ලුම සහ සැපයුම මත දර්ශනය අලෙවී කිරිමට මුදල් මත බුදු දහම රැදවිමට වර්තමානය නිර්මාණය වී තිබේ.දෙවියන් විකුනුම් භාන්ඩයක් බවට පත් විම තුල බුදු දහමද වානිජ කරණය විම වැලක් විය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.

බුදු දහම කුමක්ද, කුමන අරමුනක් මත සමාජගතවිද ,බුදු දහම යනු ශ්‍රි ලංකාවේ යම් අයෙකුගේ උප්පැන්ය මත ලියවුන අයිතියක්ද,නොමැතිනම් හෙළ සිරිත් විරිත් අනුව මරණයට පාන්සකුලයක් පමනක්ද,පිරිත් බණ කතාවන්ට සිමා වුවක්ද,ශිලව්‍යාපාර සදහා සිමාවුවක්ද ,උද්ඝෝෂන සදහා සිමා වුවක්ද ,අටවිසි බුද්ධ පුජාවට පමනක් සිමා වුවක්ද ,පන්සින්සිය පනස් ජාතක කතා නැවත නැවත කිමක්ද නොමැති නම් මෙරට විශ්වවිද්‍යලයන්හි හදාරණු ලබන උපාධියක්ද ,මේ සියල්ල මැද අතරමන් වු ජනතාව තවත් විටේක මස් මාංශ නොකන බව පැවසිමද ,සුරාව නොබොන බව පැවසිමද ,මල් දන්සැල් පැන් දන්සැල් බත් දන්සැල් තොරණ මත නිර්මාණය කරන්නක්ද ,නොමැති නම් පාසල්වල සහ දහම් පාසල් තුල කටපාඩම් කරණ විභාගයක්ද ,නිකායවල් බෙදා ගනිමින් කරන විවාදයක්ද ,පංසල් හදමින් පන්සල් බෙදා ගනිමින් කොන්ක්‍රිට් ගොඩනැගිලි ඉදි කිරිමක්ද ,මේ සියල්ල ප්‍රශ්ණය මේ සියල්ල තුල බුදු දහමේ නිවන නැමැති සංකල්පය තිබේද,
මෙම ප්‍රශ්ණ හමුවේ වර්තමාණයේ බුදු දහම ශ්‍රද්ධාව භක්තිය මුසුව සමාජයේ සංස්කෘතික පරිසරයක් නිර්මාණය කරනු ලබයි.

ගෞතම  බුද්ධ රාජ්‍ය නිර්මාණය වනුයේ ඉහත කී කරුණු මුලික කරගෙන නොවන බව බුදු රජානන් වහන්සේ දේශනා කල ධර්මය හමුවේ කියවේ.බුදු විම ප්‍රඥව පිහිටුවා ගැනිම මත සිදුවන බව සනාත කරනුයේ මෙම සසර තුල සත්තවයා විසින් ඇති කර ගනු ලබන බැදිම් මුලික කරගෙනය.බැදිම් වලින් නිදහස් විමට නම් මේ අල්ප වු සැනසුමක් සොයන්නෙකු බවට පත්විය යුතුවේ .

නිසි රස ගැන පැහැදිලි කරන්නට නම් තමා එම රස ගැන දැන සිටිය යුතුවේ කවුරුන් හෝ පැවසු යමක් තවත් අයෙකු හට පහදා දිම හමුවේ නිවැරදි දහම නිවැරැදි තොරතුරු අනාවරණය නොවේ. එසේ නම් බුදු සසුන තව දුරටත් පුස්කොළ පොතකට සීමා විම හා සංඝායනවකින් සිදු කරනු ලැබුවක් කටපාඩමින් කිම තුල රැක ගත හැකිවේද යන්න තර්කානු කුල නැත.අද වන විට මෙරට බණ ලක්ෂ ගණනක් ඇසුවද ලක්ෂ ගණනක් බණ කියුවද ,එය එකකට එක වෙනස් වේ, උගත් කම අනුව කියන බණ, දැනෙන දේ මත කියන බණ, ගුරු හමුදුරුවන් කියපු බණ,තමන්ට හිතෙන දේ අනුව කියන බණ සියල්ල එකිනෙකට වෙනස්ය.බෞද්ධ ජනතාව අද අතරමන්ව ඇත .උපාධිදාරි බණක් නම් එය ඇතැම් විට පාලි වචන විශාල ප්‍රමාණයකින් සමන් විතවේ .ගමේ පංසලක හුදෙකලා බණක් ඊටත් වෙනස් වේ.
ඇතැම් පිරිසක් රහත් වු බව පවසමින් පිරිසක් වෙන්කර ගෙන කටයුතු කරයි ඇතැම් පිරිසක් එය වැරදි බව පවසමින් කතා කරයි .ඇතැම් මාධ්‍ය තුල (අන්තර්ජාලයේ)කරපු කියපු දෑ පෙන්වමින් නිගරුවට ලක්වන පිරිසද දිනෙන් දින වැඩි වේ.

බුදු දහම රැක ගැනිම උදෙශා ද්වේෂ කිරිම, වෛයිර කිරිම පහර දිම, මිනි මැරිම,දිනෙන් දින වැඩි වේ.පංසල් වෙන්කර ගැනිමට තමන් සතු කර ගැනිමට නඩු කියන පිරිසද වැඩිව තිබේ.මේ සියල්ල සමාජයේ බුද්ධිමත් පිරිසක් බලමින් සිටි දකිමින් සිටි .ධර්මය කුමක්ද යන් සීතා ගැනිමට නොහැකිව සිටි.ඇතැම් පිරිසක් දෙවියන් ඇදහිම නවතා දැමිමට විරෝධය දක්වයි.ඇතැම් පිරිසක් දේවියන් සහ යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් පිළිබද අවදානය යොමු කරයි.
සියල්ල බුදු දහම වෙනුවෙන් ද නොමැති නම් රැකියාවක් ව්‍යාපාරයක් සංවිධානයක් වශයෙන්ද යන්න ගැටළු සහගතය. බුදු විමට නම් කුමක් සිදුකල යුතුද ඇසු විට කියන්නේ කටවචනයෙන් පොතෙන් පතේන් කී කරුණුය රහත්වනනේ කුමකින්ද යන් විමසු විට එසේමය, සොවන් වන්නේ කෙසේද යන්නඇසු විට එයද එසේමය.තමන් දුටුව තමන් වින්ද තමන් උපද්දවා ගනු ලැබු ප්‍රඥවක් මේ තුල අසන්න ලැබේද යන්න ගැටළුවකි.
බුදු හිමියන් පලමු රහතන් වහන්සේලා හැට එක් නම අමතා පැවසු බව සදහන් වුයේ තමන් අවබෝද කර ගනු ලැබු දහම ගම් නියම් ගම් කරා ගොස් පැවසිය යුතු බවය.ඒ වන විට බුදුන් වහන්සේ දෙසුදහම තම මනසින් දැක අවබෝදයෙන් පැවසිම කල යුතු බව පසක් කරනු ලබයි.එසේ නම් අද වන විට මේ දහම අවබෝද කර ගැනිමට සමත් පිරිසක් සිටිද යන්න සහ යම් අවබෝදයකින් කියන්නෙද යන්න ගැටළුවකි.අතිතයේ සිටි බව පමනක් දැන අප සාදුකාර දෙන්නෙමු.

මුදල් පසුම්බියක් දුටු බුදුන් වහන්සේ ආනනද හමුදුරුවන් හට පැවැසුවේ සර්පයෙකු ලෙස බවම අසා ඇත්තෙමු අද ඒ සර්පයන් ඇති කරමින් සිටින අයුරු කොතරම් නම් දක්නට ලැබෙනවද .බුදුහමුදුරවන් කියු බණ බොහොමයක බණ කියා ඇත්තේ මහණුන්ට බව සදහන්වේ සෑම අවස්ථාවකදිම මහණනි යනුවෙන් පැවසිම හමුවේ එය සනාත වේ .ගිහියන් හට දෙසු බණ සංඛ්‍යව අඩුය එයට හේතුව වනුයේ මහනවිම තුල සිත රදවා ගැනිමට උත්සහ කරන පිරිස හමුවේ ඔවුන් හට උපකාර කිරිමය.
පිරිත් පොත පරිශිලනය කිරිමේදි එහි සිංහල තෙරුම විමසිමකින් බලන විට එය දැනේ .අද වන විට යම් රාමුවකට කොටුවු පිරිසක් නිර්මාණය කිරිම වර්තමාන දහමේ අරමුණ වී තිබේ .එය විටෙක ආහාර මත වෙන් කැරනු ලැබ පිරිසක් (මස් නොකන සහ මස් කන)ලෙස නොමැති නම් නිකායවල් අනුව එසේත් නොමැති නම් මිත්‍ය විශ්වාස මත ගොඩ නගා ඇත.
මුදල් මත යැපිම සනාත කර තිබේ .එපමනක් නොව සුපෝකබෝගි ජිවිතයක් සහ සමාජයේ වැදගත් පිළිගැනිම් නිර්මාණය කිරිම අරමුණ කර තිබේ .සියල්ල අනිත්‍ය බව පවසා බණ කියන විට සියල්ල ලගා කර ගැනිම ජනතාව දැකිම හමුවේ බණ සහ ක්‍රයාව දෙකක් බවට පත්වේ .එය වැරැද්දක් නොවන බව පිළිගැනිමක් නිර්මාණය වේ.
පංසල අතර තරගයක් තිබුය නොහැකිය පංසල් අතර දේශපානයක් තිබිය නොහැකිය එය බැදිමකි දහම් පාසලේ දරුවෙකු හට නිවන නිර්වචනය කරනවිට ඔහුට කියන වචන අතර සියල්ල අතහැරිම පිළීබද කියවේ පටිච්චසමුපදාය ගැන විවරණය වේ .මධ්‍යම ප්‍රතිපදාව පිළිබද කියවේ .රසවත් ලෙස සුන්දර ලෙස සියල්ල විවරණය කරනු ලබයි. නමුත් මේ සියල්ල පිළිබද බුද්දිමත් වු ප්‍රඥ සම්පන්වු දරුව තම මනස තුල විවිධ විමසිම් කරනු ලබයි.ඔහු මේ සියල්ල බොරුවට කරනු රගපැමක් පමනක් බව මනසින් විමසනු ලබයි. සියල්ල ඔහුට පැහැදිලි වු විට මේ බුදු දහම පිළීබද මිත්‍යවක් ඔහු නිර්මාණ්‍ය කරනු ලබයි.හුදෙක් තවත් නත්තලක් බවට අදමහනු ලබයි.මෙය තවත් නිර්වචනය කල හැකි සිදුවිමකි.

අතිතයෙදි මෙරට ජතාව සතු අකුරු හැකියාව අනුව බණ කිම ඉතාමත් වැදගත් කර්යක් බවට පත්විය අද අකුරු හැකියාව මත බොරු කිමට නොහැකිය .සියළු අටුවා ටිකා ටිප්පණි කියවන්නට මේ පරපුරට හැකියාවක් ඇත.මේ සියල්ල කියන ලෙසම ඇසිමට වඩා මේ පිරිස ධාරණය කරගනු ලබනු ඇත.එවිට කට වචනයෙන් සිදු කරනු ලැබ නිර්මාණ බොරු වනු ඇත.තර්කානු කුලව මනසින් දකින් පිරිසක් බිහිවිම තුල වානිජ බුදු දහම තවත් අගාමක් බවට පත්වනු ඇත.
මෙම දහම පවතින බව සැබැය උපධි සහතිකයට සංස්කෘත පාලි දහම කියවුවද බුද දහම නිවැදි ලෙස දිසා ගතවන්නේ නැත.එනම් රහතන් වහන්සෙලා මේ පෘතුවී තලයේ සිටිය හැකිය සොවන් මාර්ග ඵල ලැබු යතිවරුන් මේ සාසනයේ සිටිය හැකිය සිටින බවට විශ්වාෂ කරන්නෙමි.
තමන් රහත් වු බව පවසා මාධ්‍ය හමු තැබිමට ඒ උත්තමයන හට අවසි නොවන්නේය එයට හේතුව නම් රහත් විම හමුවේ සියළු කෙලෙස් සියළු අසාවන් සියළු බැදිම් නිමාවන බැවින(බුදු රජානන් වහන්සෙ පැවසා ඇති අයුරින්)සොවන් විය හැකිය සියල්ල පහදා ගනු ලැබු මනසක් තිබිය හැකිය. ඒ බව කෑ ගසා කිමට උවමනා විය නොහැකිය.සියල්ල දෙස උපේක්ෂා සහගතව බැලිම හමුවේ නිහඩවිම බුදු දහමේ ක්‍රමය වේ.

රජ සිටුවරු ලෙස සිටිම පිළිබද ගැටළුවක් නැත අසාවන් පිළිබද නිර්වචනය කිරිම ගැටළුවක් නැත .කම් සැප විදිම ගැටළුවක් නැත.සියල්ල තමන් පසුපස එන ක්‍රියාවන්ය.කෙලෙස් දුරුකිරිම අසිරු විය හැකිය. මියුරු ගීත ඇසිම මියුරු රස විදිම පදවලට පමනක් සීමා වන්නෙය ශිල් ගැනිම ශිල් රෙද්දට පමනක් සීමා වන්නේය.කොටියක් සංවර ශිලය රැකිමට ගන්නා උත්සහ මත ගිහියන් දානමාණ පිංකම් කරන්නෙය.තමන් දැහැමින් හෝ හොරකම් කර හෝ සොයා ගත් ධනය මේ වෙනුවෙන් වියදම් කරන්නේය.අත් එක් කර වයස් බෙදයකින් තොරව වදින්නේය පුදන්නේය.නමුත් ඒ සමගම එම පිරිස අකුලස් කරන්නේය ඇත්ත දුටු පමනින් එය විචාරන්නේය අප දන් දුන්නේ මේ කෙනාටද ,අප දන් දුන්නේ මේ දුසිරිතෙන් යුත් අයටද යන් පැවසිමත් ඒ වෙනුවෙන් වෛයිර කිරිමත් සිදු වන්නේය .සමාජ ගත අකුසලයක් සිදු කිරිමට මෙම ක්‍රියාවන් හේතුවේ.

අද වෙනස් කල හැකිද වෙනස් කල යුතුද කවුරුන්දමේ වෙනස කල යුත්තේ සත්‍ය දහම ගිහියන්ට කැපද එය කැප වන්නේ කෙසේද මහනුන් හට එය වැදගත් වනනේ කොසෙද මේ සියල්ල ඉතිරි වන ගැටළුය.
අතිතයෙදි බුදන් දවස චරිත කතා කිපයක් අප හට ලබාදි තිබේ එනම් අංගුලි මාල සොපාක සුනිත පටාචාරා මේ චරිත තුල දහම ඇත.සියල්ල වෙනස් කල හැකිය සිතුවිල්ල වෙනස් කිරිම උවමනාය.ඇගිලි කැපු අංගුලිමාල හට මිනිසුන් ඇගිලි නිකම් දුන්නේ නැත.එය ඔහු උදුරා ගනු ලැබිය එය සිදුකරනු ලැබුයේ ද්වේශයෙන් වෛයිරයෙන් සහ ලොබය මුල් කර ගනිමිය.ගුරු තුටු පඩුරු වුවද එය ක්‍රියාවේදි එසේ වන්නේ නැත.නමුදු මේ සාසනයෙදි රහත්විමට අවස්ථාව උදාවිය.ඒ ඔහුගේ ප්‍රඥව දියුණු කිරිම නිසාය.ඒ සදහා මග පෙවිම පමනක් බුදුහිමියන් විසින් සිදු කරන ලදි.අංගුලි මාල මව් පැරිමට වෙහෙස විය බුදුන් නැසිමට වෙහෙස විය දහසකට වැඩි ප්‍රමාණයක් මිනිසුන් මැරිය.999 වන්නට පෙර කුණුවු සතුන් විසින් කෑ ඇගිලි කොපමනද නොවිය.මේ තර්ක අනාගතයෙදි මිනිසුන් විසින් සිදු කරනු ලබයි.මේ එක තර්කයක් පමණි .අද වන විට නිර්මාණය වන  ප්‍රසිද්ධ දහම පිළිබද ඇතිවන අකල්ප සහ නිසි දහම පිළිබද  මිනිසුන් දකින්ට පටන් ගත දිනෙක මේ සාසනය පිළීබද අවුලක් ගැටළුවක් මතුවනු ඇත. කමටහන සොයා යායුතු දිනය උදාවි ඇත.


අතිතයේ මෙරට ගුවන් තලයේ මහාරහතන් වහන්සේලා වැඩිය බවට අසා ඇත්තෙමු .මේ කියන්නේ සුපෝකබෝගි රථ වලින් ගිය ගමන් ගැන නොව සත්‍ය අවබෝදයෙන් යුතුව ගිය ගමන් ගැනය.රහතන් වහන්සේලා මේ බුදු සසුනේ පහල වේවා .........සැදහින් දුන දන් වලදා මත් වුවේකු සේ වන්නෙද ඒ මේ සාසනයේ පහල විම නිමාවට පත් කර භක්තිය විකුණන  ලබන අබද්දයින් නිර්මාණය වන වන්නෙද පිරිහිම එයමවේ.
ලක් දෙරණේ මෙකල් සසුන ප්‍රඥලෝකයෙන් අලෝකමත් වේවා.







6 comments:

  1. මේ නලියගේ බ්ලොග් එකේ හිටි චන්දනද??

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි පැමිණිමට ස්තුති මේ ගැන් තවත් අයට කියන්න බලන්න දෙන්න

      Delete
  2. නිවාඩු පඩුවේ ඇවිත් අයිත් කියවන්න ඕන

    ReplyDelete
    Replies
    1. කියවා දක්වන ප්‍රතිචාර මට වැදගත්......ස්තුති පැමිණියාට...

      Delete
  3. මේක බුකියේ එහෙම දාන්න එපා. සැදැහැවත් උපාසක මහත්තුරු ටික ඇවිල්ලා නෙළයි වටකරගෙන ;)

    ReplyDelete
    Replies
    1. බුදු දහම යනු කව්රුවත් කියපු නිසා පරම්පාරවේන පරම්පරාවෙන් කියපු නිසා පංසලේ හමුදුරුවෝ කිව්ව නිසා අම්මා තාත්තා කිව්ව නිසා ඩිග්රිකාරයෙක් කියපු නිසා පිළිගත යුතු දර්ශනයක් නොවේ.එය මම කියන දෙයක් නෙවේ මේ දහම දේශනා කල බුදු රජානන් වහන්සේ ගියන දෙයක් මේ දහමේ මාර්ග ඵලයන් අවබොද කර ගන්න පුළුවන් වන්නේ තමන් තමන් ගැන සහ ස්භාවය ගැන සිතිම තුලින් ශ්‍රද්ධාව පමනක් ප්‍රගුන කල අයෙක් නම් මා සමග අමනාප වෙයි නමුත් ඒ සමග ප්‍රඥාව ප්‍රගුන කල අයෙක් මා මේ කියන දේ දොස දර්ශනයට ලක් නොකරාවි .රෙප් ඔබ දැක්වු අදහස හරි
      එම නිසා බුද්ධිමත් අය මේ ගැන එහෙම හිතන එකක නැ ඒ අය මේ දහම සත්‍ය වශයෙන් සොයා යාවි එය

      Delete