![]() |
ජායා රූපය අන්තර්ජනයෙනි හිමි කරුට ස්තුති |
ටන්...........ටන්......................ටන්..........
මෝටාර්....හිස් උන්ඩය හඩ තලනවා..
විවේකයක් ......සෙල්ලම් කරනට
පුංචි අපට...යුද්දෙන් පස්සේ,
මහ වන මැද.....අපේ මාමලා
යුද්ධ කරා.......
අපි හිටියේ ලදු කැලැවේ...
හදපාණේ හැංගි හැංගි .....
රෑට කන්න .....පිට්ටු හැදුවා
ගගේ මාළු...උයපු අම්මා
කටු ඇර ඇර අපිට කැව්වා...
මහා කළුවරේ අම්මා අපිට...කෑම කැව්වා,
ටටටටටටටටටටටටටටටටටටට............
මහා සද්දෙන් වෙඩ් ඇගෙනවා
හමුදාවට අපේ අම්මා බය උනාම
අපිව අරන් ගුලි කරගෙන
උන්නු මතකේ......
ටන්.....ටන්..........ටන්
විවේකයත් දැන් ඉවරයි...
මෝටාර්....හිස් උන්ඩය
හඩ තලනවා.... සෙල්ලම් ඉවරයි.....
එකවිට අපි නැවත වරක් දුහුවිලි
පිසදා දුවනවා,
සාමයෙන්........සමගියෙන් කරපු
සෙල්ලම යලිත් වරක් නවත්වලා
තවත් පාඩමක්...ඉගෙන ගන්න........
සාමයෙන් සෙල්ලම් කරන්න.............
ටන්....ටන්...ටන්.....
ReplyDeleteවිවේකය ඉවරයි දැන්......
අනාගතය ගැන ඉඟියක්දෝ හිතෙනවා :(
හිතන්න බෝහොදේ තිබේ ...මේ පුංචි එකා තවමත් යුද මනසිකත්වයෙන් ....ඌට ඇහෙන්නේ තිලිණී යුද්ධයේ හඩම තමයි..මේ රුපය දැක්කම මේ පුංචි ඒකා තව ලොකු වෙන කොට කවුරු වෙයිද..අපිට ඌන් පෙන්නේ නෑ අපි දකින්නේ නෑ....
Deleteකාල සටහන හා බැඳි ශබ්දය රැක ගැනීමක් ,
ReplyDeleteදුප්පත් යැයි ඝණ්ඨා නොතලා....
ස්තූතියි පින්තූරකරුට....
අගේ ඇති පින්තූරක්. කවි සටහනත් නියමයි..
ReplyDeleteප්රතිචාරයට ස්තුති. දේශකයා..මේ ජායා රූප ශිල්පියගේ දක්ෂතාවය මම වචනවලට පෙරලුවා.....
Deleteඡායාරූපය වචන දහසක කථාවක් කියනවා...හරිම අපූරුයි...අපිත් පුංචි සංදියෙ පාසලේ සීනුව ගහන්න පොර කෑවා...විද්හල්පතිතුමිය සීනුව ගහන්න කියනකං බලාන ඉන්නෙ...දුවලා ගිහිල්ලා ඒක ගහන්න...
ReplyDeleteඒක නම් ඇත්ත සිරා අපි ඒ කාලේ ඔය වඩේ ඉල්ලගෙන යන්නේ ....මේ ජයා රුපය ඊට වඩා දෙයක් කියනවා කියා දනේනවා එකයි මේ පද ලියවුනේ...අපි මේ දරුවන් ගැන තාම දන්නේ නැ එකයි මේ කතාව වැදගත්
ReplyDeleteපින්තූරය අපිට අමතක වෙන්න යන කතාවක් මතක් කරනවා. අගේ ඇති සටහනක්.. මං නිවැරදි නම් බොහොම කලින් මේ අඩවියට ආවා. එතකොට ලියන්න පටන් අරන් තිබුනේ නෑ වාගේ මතක. ලියන්න ගත්තු එක ගැන සතුටුයි..
ReplyDeleteඔව් චන්දන දැන මම ලියනවා ඔබ ඇවිත් ගියබවට දමා තිබු කොමන්ටුව මට මකයි ඔබ යෝජනා කරලා තිබ්බා ලියන්න කියලා ස්තුති එයට අද මම ලියනවා මම උනන්දු කල කොමන්ටුවක් උනා එදා එය....
ReplyDelete// මහ වන මැද.....අපේ මාමලා
ReplyDeleteයුද්ධ කරා.......//
// හමුදාවට අපේ අම්මා බය උනාම
අපිව අරන් ගුලි කරගෙන
උන්නු මතකේ//
ඒ මතකෙ තියාගෙන තමයි තාම ජීවත් වෙන්නෙ.මනුස්සයොන්ට මොනවා දුන්නත් වැඩක් නෑ ඒ මතකෙ අමතක කරවන්නෙ නැතිව
හැබැම කතාව ඒක තමයි ඒ මතකය අමතක වුන දවසට අයිත් වතාවක් සාමය ගැන කතා කරන්න අවස්ථාවක් තියෙනවා .
Delete