Tuesday, February 4, 2014

එංගලන්තයේ දුවන අශ්වයින් සහ ලංකාවේ පාට පාට දේශපාලනය



දේශපාලනය නම් මෙරට ඇති සුන්දරම සුදුවයි.එය ජනතා නියෝජනයක් බවට පත් විම හමුවේ නැවත වරක් අප පරිනාමය වී නැති බව පසක් කරනු ලබයි. ලොව තුල දේශපාලන රටා කිපයක් දක්නට ලැබේ .ඉන් දේශපාලකයා ජනතා නියෝජිතයා මෙන්ම ජනතාවගේ සේවකයා බව වටහා ගන්නේ කියෙන් කී දෙනාද යන්න අවුල් සහගත් පැනයක් බවට පත්වේ.අතිතයෙදි දේශපාලනය රජ්‍ය සංකල්පයත් සමග තම පරම්පරාවෙන් පරම්පරාවට පෙලපතත් සමග ගලා අවක් බවට සටහන්ව තිබේ.ඇමරිකාව සහ අනෙකුත් බටහිර රටවල පවතින් ක්‍රමය මත දේශපාලකයා පැය විසි හතර පුරාවට අවදානයෙන් ජනතාව සමග කටුතු කිරිමට බැදි සිටි.එහි යෝද සෙවනැල්ල අපහට 1505 පසුව ගෙඩිපිටින් ලැබෙන්නට පටන් ගැනිම හමුවේ අද වන විට අප යටත් විජිත සමයත් සමග එක් කර ගත් දේශපාලනය වල් බුරු දේශපාලනයක් බවට පත්කරගනිමින් සිට.

දේශපානය කිරිමට නිශ්චිත වු භූමියක් අප සතුවුයේ 1948 පසුව බව ලැබුණූ නිදහසත් සමග ගලපා ගැනිමට අප දැඩි උත්සහයක යෙදේ.දේශපාලනික පරිසරය නිර්මාණය කිරිමේදි ඩි.එස්.සේනානායක මහතා තම මුල්ම සැකිල්ල එක්සත් ජාතික පක්ෂය සමග නිර්මාණය කරනු ලබයි.මෙම ආරම්භය සුද්දා අපිට දුන්නේ කොහොල්ල ගුලියක් ලබාදිමක් සේය.යටත් විජිත යුගය නිමා වු බව අප පැවැසුවද අප ක්‍රියාත්මක වුයොද ක්‍රියා කලෙද ඔවුන් විසින් තනාදුන් භුමිය තුලය.

මෙම භූමිය තුල මුල්ම ඡන්ද අයිතිය සටහන් කරමින් ඉතිහසය වෙනස් කරන්නට සුදාදා ක්‍රියා කලේ සියවස් කාලයක් ඉදිරියට මෙරට නැවත වරක් යටත් යටත් විජිත මානසිකත්වය පැල වෙන ලෙසය.ඒ නිසාම අප අපට නොගැලපෙන සුද්දාගේ ශීත රටේ ශීතල බව රකින්නට උත්සහ දරමින් සිටි.අප රට උෂ්ණ රටක් වුවද අප සුද්දා මෙන් ගෙල සිරවන්නට පටියක් බදින්නට වෙර දරයි .එසේ අදින් අය මේ උෂ්ණ දේශගුනය තුල දහඩිය දමමින් සුද්දාගේ දායාදය රකි එය කරන්නේ මහත් අපහසුතාවයෙනි දහදියෙන් තෙත් වෙමිනය.

සියයකට අධික දේශපාලන පක්ෂ සංඛ්‍යවක් මේ පුංචි රටේ දේශපාන හරඹයේ යෙදේ .(මෙම කුඩා පක්ෂ මහ පක්ෂවල ඉත්තන්ය ඡන්ද කාලේදි ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන වල සහ ඡන්දය දෙනු ලබන ස්ථානවල කපටි ආරක්ෂකයින් වශයෙන් පුද්ගලයින් යොදනුයේ මෙම කුඩා පක්ෂ වලට පිංසිද්ධ වන්නටය .
උපාධි ලබා ගත් පාලකයින් සහ රැ ස්කොලේ ගිය පාලකයින්ද මෙම රට පාලනය කර තිබේ.ඇතැම් විට මැත කාලයක් වන තුරුම රට පාලනය පවුල් පැලැන්තියක බුදලයක් නොවිය.එය මෙරට බිම්මට්ටමේ සිට පෝෂනය වුවකි.අද ප්‍රධාන පක්ෂ හමුවේ පවුල් දේශපාලනයක් නිර්මාණය වනුයේ නැවත වරක් අතිතයේ පෙළපත් රටාවන්ට අනුව දේශපාලනය සංස්කරණය වෙමින්ය.ඡන්ද අයිතිය සමග ගමේ ග්‍රාමසේවා වසම නියෝජනය කරමින් ශාඛා සිමිති නිර්මාණය විය.පසුව එය


ප්‍රදේශිය සමිතිය සහ දිස්ත්‍රික් සමිතිය නිර්මාණය විය.අවසානයෙදි මැතිවරණ හමුවේ ජනතා නියෝජිතයින් වන්නේ මෙසේ තෙරි ඉදිරියට ආ ජනතා ප්‍රශ්ණ ප්‍රදේශයේ ප්‍රශ්න දන්නා පුද්ගලයින්ය.එය පැරිෂූට් දේශපාලනයක් නොවිය.ප්‍ර දේශය ගැන දන්නා හදුනන මිනිසුන් ගැන දන්නා පැහැදිලි ජනතා නියෝජිතයෙකි.ජනතාව වැඩිම ඡන්දයෙන් ඔහුව තොරනුයේ එම නිසාමය.අද ඒ ක්‍රමය වල් වැදි ඇත මෙම දේශපාලන ක්‍රමය හමුවේ ජනතා ප්‍රශ්න ගැන නොව ප්‍රසිද්ධිය භාවිතා කරමින් කෙසේ හෝ පක්ෂය දිනවිමට කටයුතු කිරිමය.

·       එම නිසාම වර්ථමාණයෙදි නිළියන් නළුවන් සල්ලි වීසී කල හැකි ව්‍යාපාරිකයින් පන්දම් කරුවන් යොදාගනිමින් කටයුතු කරයි.එම ක්‍රයාව හමුවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල මුල් වකවානු වල තිබු ශක්තින් ගිලිහෙමින් පවති.
එක්සත් ජාතික පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙම ගැටළුවට ඉතා තදින් මුහුණදි තිබේ.අද කවම් මැල්ලුම් කෑ දේශපාලනයක් දකින්න ලැබෙනුයේ එම නිසාය.එක්සත් ජතික පක්ෂය 1977 සිට ශ්‍රි ලංකා පාක්ෂිකයා දුෂ්කර දිවි පෙවතකට යොමු කර තිබු යුගයෙදි දැඩි ලෙස අත ලකුණට ඡන්දය දිමේ වැරැද්දට බැට කන ලදි.එදා සිට අද දක්වා මේ පිඩනය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් හට ලැබෙන්නට විය. අද වන විට පාර්ලිමේන්තුවට එක්සත් ජතික පක්ෂය හරහා ගිය මන්ත්‍ර වරුන් එක්සත් ජනතා නිදහස් සංධානයේ රජකම් කරනු ලබයි. ඔවුන් එවකට එක්සත් ජතික පක්ෂයෙන් සංධානයට යනු ලැබුයේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් පාක්ෂිකයින් හට පයින් ගසා නොව ඒ අයද කැටුවය. පක්ෂය මාරුකිරිමත් සමග ඇමති තනතුරු පමනක් නොව සංවිධායක තනතුරුද හිමිවිය. මේ අතර වසර ගනනක් යු.එන්.පියෙන් බැට කෑ උදවිය (අතිතයේ අතට ඡන්දය දුන් අය) තම සුපුරුදු දුකේම තිනිම සිටින්නට විය.මෙතෙක් කලක් ඔවුන් සතුවු තම ගමේ ශාඛා තනතුරුද අහිමි විය.එක්සත් ජාතික පක්ෂයේ අය තම නායකයාගේ බලයෙන් එම සමිතිවල නායකයින් විය.

එක්සත් ජාතික පක්ෂය අද කොතනක සිටිනවද යන්න තිරණය කරන්නට එම පක්ෂයට ඡන්දය දෙන අයද නොදනි. ජනමාධ්‍ය මගින් සිදු කරනු ලබන දේශපාලනය  අද දේශපාලනය බවට පත්ව තිබේ. එම නිසාම තාත්තා පුතා දුව වශයෙන් දේශපාලනය සදාතනික රැකියාවක් බවට පත් කර ගන්නට වරමක් වර්ථමාණයේ හිමිව තිබේ.
මෙරට දේශපාලනය තිරණය කරන්නට හැකි භූමිකා බවට විද්‍යුත් මාධ්‍ය මගින් සිදු කරනු ලබන කතිකාවන්ට හැකිව තිබේ .මෙරට ඡන්ද දායකයා එම එම වැඩසටහන තුල සිටින දේශපාගකයා තර්ක කරන සහ එම තර්ක බිදින ආකාරය හමුවේ සතුටු වන්නට සහ පසු දින වැඩපලේ කඩපිලේ කතා කරන්නට පුරුදුව සිටි මෙම ක්‍රමය හමුවේ නිරිමාණය වන පසුතලය දේශපාලනය බවට පත්වේ.එහිදි පක්ෂය මගින් තොරා එවනු ලබන ඉත්තා කටකාරයෙක් වන තරමට සුභදායකය.

මෙරට සූදු අතර ප්‍රධාන තැනක් ගන්නාවු එංගලන්තයේ දුවන අශ්වයින් හට ඔට්ටු අල්ලන ක්‍රමය හමුවේ  පරාජය අත් කර ගන්නා පුද්ගලයා මෙන් මෙරට ඡන්ද දායකයාද තම නායකයා  තොරා ගැනිමට සුදුසු කම බවට පත් කරගනුයේ මුදල් වියදම් කර සෙනග පෙන්නා කන්න බොන්න දෙන පුද්ගලයා හටය.ඡන්ද දායකයා හැම විටම පරදින්නට සුදානම් නැත.ඡන්දය දෙන්නට ප්‍රථම ඔහු බලන්නේ තමන් පරදින්නේ නැති අයෙකු නම් කර ගන්නටය.නොමැති නම් වැඩක් කල හැකි පුද්ගලයා හෝ ජනතා නියෝජිතයා නොව.වර්තමාණ ඡන්ද දායකයා හට තමාට ඡනදය ලබා දෙන පුද්ගලයා කුමක් කලත් නොකලත් කම් නැත ඔහුට අවශ්‍ය වනුයේ රෙස් එකෙන් දිනන අශ්වයා හට ඡන්දය දිමටය.
(මේ පාර ඡන්දෙන් කව්රු එයිද දන්නෑ ,
හැබැයි සෙනග ඉන්නේ මිනිහට , හම් හැබැයි වියදම් කරනවා ඇති වෙන්න එහෙමද , ඔව් යන හැමොටම කෑම බිම දෙනවා ,මිදුල පුරා සෙනග හම් ...... අර මිනිහට සෙනග නෑ කන්න දෙන්න සල්ලිත් නෑ මිනිහට එන්න බෑ .........ඒකට අර ලොක්කට හැමොම සල්ලි කාරයේ වාහනය ගාණේ දිලා......හැමොම දෙන කෙනෙට මම දෙනවා අපි ඇයි පරදින්නේ.......................

මේ අද වන විට පවතින් සංවාදයන්ය ඒ අනුව අපේකෂකයේ වියදම් කරනු ලබයි.එම වියදම කෝටි ගණනක් විය හැකිය.රටට ජනතාවට සේවය කරන්නට යන අය මේ වියදම් කරන මුදල වසර පහක් තුල දෙන දිමනාවෙන් සොයා ගත නොහැකිය.ජනතා සේවය සදහා කැපවන්නට මෙතරම් මුදලක් වැය කරන්නට සිදු වන්නේ ජනතාවට සේවය කරන්නද යන්න සිතා ගැනිමට නොහැකිය.මේ බව ජනතාව සිතන්නේ නැති බව එම අපේකෂකයින් නියත වශයෙන් දනි.එනම තරග කාරි හැගිමට වහල් වු ජනතාවක් සිටින මෙරට තුල තරගයට ලැබෙන තැන බුද්ධියට නොලැබෙන බව ඔවුන් අත්දැකිමෙන් දනි.


බලය අලෙවි කිරිම ඡන්දයේ මුලික අරමුණ වනවා හැරෙන්නට ජනතා අපේකෂා පිළිබද අවදානයක් මෙහිදි ඇති නොවේ.අතිතයෙදි ගමේ අයෙකු ප්‍රදේශයේ සමාජයේ සේවය කල අයෙක් ඒ සදහා කැපවුන අයෙක් පිළිබද දකින්නට අසන්නට ලැබේ.අද එම ක්‍රමය වෙනස්ව ඇත .එක් විට කොහේ හෝ සිට පක්ෂ නායකත්වයේ ජායා රූපයත් සමග එළිබහින් අපේක්ෂකයින් ප්‍රසිද්ධිය හමුවේ බලය හමුවේ ජයගනු ලබයි.

ඡන්දය දෙන ජනතාවගෙන් වැඩි පිරිසක් පිඩනයෙන් සිටින අයවේ.ලක්ෂපතියන් සහ කෝටිපතියන් රටට හෝ ප්‍රදේශයට ඉතාසිමිත පිරිසක් වන අතර බහුතරය මුදල් නොමැති පිඩිතයන්ය එම නිසාම එක වේලාක් හෝ පිරිමහගනු කැමැත්තෙන් අපේක්ෂකයින්ගේ නිවෙස් වල කාලය ගත කරනු ලබයි.එය බහුතරයක් දකිනුයේ අපේකෂකයාහට මහ සෙනගක් සිටින බවය.විභාගයෙන් පාස් වු හෝ නොවු කෙල්ල හෝ කොල්ලා එම ස්ථානයට යන්නේ බලයට එන අය පිළිබද සොයා බලාය එසේ ගිය විට එම ස්ථානයේ ලියන්නට කියන්නට කතා කරන්නට තැනක් ස්භාවයෙන් හිමිවේ .මේ අය හට ඡන්දයෙන් පසු වෙනදා මෙන් එම ස්ථාන වලට ගොස් කාලය ගත කිරිමට තැනක් එහි නිර්මාණය වන්නේ නැත එම අවස්ථාව නැවත වරක් හිමි වනුයේ නැවත මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලබන කාලයකදිය.

අද වන විට මෙම තත්ත්වය නිර්මාණය කරන්නට අතහිත දෙන්නේ පෞද්ගලික හා රජයේ ජනමාධ්‍ය මගිනි.දේශපාලනය සුදුවක් බවට පත් කරනුයේ මෙම නිදහස් මාධ්‍ය අධීකාරිය මගිනි.මාධ්‍ය ආයතනවලට එම දේශපාලකය එපා වු විට දේශපාලනයේ නැටුම් නිමාවට පත්වේ.දිනපු අපේක්ෂයේ පරදිති.නැවත අළුත් නළුවන් හදුන්වා දෙනුයෙද ජනමාධ්‍ය මගිනි.
බුද්ධිමත් ඡන්ද දායකයා බවට පත් වන්නට මෙරට ජනතාවට අයිතියක් නැත.තම ගමේ නියෝජිතයින් තව දුරටත් නායකයින් වන්නේ නැති බැවින් නායකත්වය සුදුසු අය හිටියද දේශපාන අධිකාරිය හමුවේ ඔවුන් නැවත ගෙදර එවන බැවින .දෙන දේ කා සිටිනවා හැර වෙනත් විකල්පයක් ජනතාවට නැත.එම ක්‍රමය මෙම භුමිකාව තුල සියළු පක්ෂවල දායකත්වයෙන් නිර්මාණය කර තිබේ. අද සහ හෙට මෙරට දේශපාන ගමන තිරණය කරනුයේ පාසලේ හෝ විශ්වවිද්‍යලයේ ඉගනුමට ලැබෙන දේශපාලන විද්‍යාවේ මගින් නොව සුද්දා මිට දශක ගණනාවකට  පෙර පැල කර ගිය නන්නත්තාර ක්‍රමය හමුවේය.

එම ක්‍රමය තුල මෙරට පාවා දෙන රට පිළිබද නොසිතන දේශපාලකයින් බිහිවේ.දේශපානය වැනි විෂයක් තුල ඇති වටිනාකම ගිලිහි යනු ඇත.නැවත වරක් මෙම රටවල ශක්තිය සහ සංස්කෘතික ශක්තිය බටහිර රටවල රුකඩ බවට පත්වේ.ඔවුන් අප පාලනය කරනු ඇත.අද පවතින් ඇතෑම් සිද්ධි හමුවේ කලපනා කාරිව බලන්නෙකු හට දකින්නට ලැබෙනු ඇත.නිදහස් උළේල ඉදිරියෙදි සංස්කෘතික අංගයක් බවට පත් වනු ඇත.එය වසරක් පාසා පවත්වනු ලබන සන්නියක් බවට පත්වේ.

අද හෙට වන විට දේශපාලනය යනු භූමිය තුල කරනු ලබන පාලනයක් නොව ලාභ ලැබිය හැකි වෘතියක් පමනක් වනු ඇත.ඔට්ටු ඇල්ලිය හැකි සුදුවක් පමනක් වනවා ඇත.අශ්වයා දැක නැත එම සතා දුවනු ලබන ක්‍රිඩාංගනය  වැදගත් නැත. අවශ්‍ය වනුයේ රේස් එකෙදි දිනනවද නැද්ද යන කරුන පමනකි.





4 comments:

  1. අගනා විග්‍රහයක් චන්දන...මේ ලිංකු මූණු පොතට එක් කරන්න

    ReplyDelete
  2. ලිපිය අගය කිරිම ගැල ස්තුති නලින් මහත්තයා මම හිතනවා අනිත් අයත් මට හොද නරක කියාවී කියලා මුහුණු පොතට දැම්මා

    ReplyDelete
  3. දැන් නම් අස්ස රේස්...ඉස්සරහට බලු රේස් වෙයි.

    ReplyDelete
  4. ඔබ කියන ඒක හරි එක පැත්තේ අයත් ගහගන්නවා මරා ගන්නවා මේ ක්‍රමය තමයි සුද්දා අපිට දුන්නේ අපි ඒකට තමයි නිදහස කියන්නේ ....ලංකාව අනාගතයෙදි තවත් රටක විතරක් නොවේ රටවල් ගානක යටත් විජිතයක් එක තමයි ඇත්ත

    ReplyDelete