Thursday, February 20, 2014

අලි මරණ ලංකාවේ මිනිස්සු



මිය යන අලින් මරණ අලින් හා මැරෙන අලින් පිළිබදව අප කියනවන දකින් ජනමාධ්‍ය හමුවේ සැම දිනකම අසන්නට දකින්නට ලැබේ.සියල්ල සිදුවන්යේ කියනුයේ බීරි අලින්ට කියන්නක් මෙනි.අලින් නලියනවා දැක විදින අය අතර අලියෙකුගේ නිදහස නැති කර මහ වනයෙන් හොරෙන් ගෙන එන්නත්, අලි පොත් සගවා දමා අලුතින් පොත් පෙරලා අලින් ලියාපදිංචි කර ගැනිමටත් ඇතමුන් දක්ෂයින්ය.

වන අලින් වෙනුවෙන් පෙනි සිටින මෙරට ප්‍රජාතන්ත්‍රවාදි සමාජ වාදි ජනරජයේ එකම අමාත්‍යංශය වන වනජිවි අමාත්‍යංශයද මිනිසුන් වෙනුවෙන් පෙනි සිටිනවා හැරෙන්නට අලින් වෙනුවෙන් පෙනි සිටිමක් නැත.එය එසේ වන විට බෞද්ධ පංසල් අලින් ඉල්ලා ලියුම් ලියති.එසේම වන ජිවි අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරයා සහ අමාත්‍යවරයා අතර අලි කෙලියක් තිබෙන බවද ප්‍රසිද්ධ රහසකි.



සද්ධන්ත කුලේ වන කුලවතුන් පිළිබද අපට දැනේන දේ විවිධය .මහ වනය එළි කරමින් දිනේන් දින භුමිය ආක්‍රමණය කරන මිනිසුන් හට අලින් මහ කරදර කරුවන් බවට පත්වේ.එවිට වෙඩි තබා හෝ හක්කපටස් භවිතා කර වන අලින්ගේ දිවිය තොර කරන්නට ප්‍රයත්න දරණු ලබයි.මෙරට වන ජිවි දෙපාර්තමේන්තුව තුල පඩි ගන්නා නිළධාරින් දේශපලන අධිකාරියේ ඇතමුන්ගේ හිත සනසමින් තම නිළය තුල හුරතල් වන අයුරුද සුන්දරය.

මෙරට අලි මිනිස් ගැටුම ඇති වන කාලය අද ඊයෙක නොව එය යටත් විජිත යුගය පසුකොට අතිතයට යන කතාවකි.එනමුත් අලින් පිළිබද නීති රිති නිර්මාණය වනුයේ දඩබ්බර අලියෙකුගේ වියෝවකින් පසුවය .පනාමුරේ අලියා මිනිස්ක්‍රයාකාරකම් හමුවේ මියගිය විට මෙරට වන අලින් හට මද නිදහසක් නීති පොත්වල ලියවේ.2013 වසර නිමාවට පත්වන විට අලින් 50ට ආසන්න ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්  මිය ගොස් තිබේ .මෙම වසරේ ජනවාරි මාසය නිමාවට පත් විමත් සමග අම්පාර ප්‍රදේශයේ වන අලින් 10 දෙනෙකු මිනිසුන් විසින් ඝාතනය කර තිබේ.පෙබරවාරි මාසයේ මුල් සතිය තුල අම්පාර දිස්ත්‍රික්කයේ අලින් තිදෙනෙකු හක්කපටස් මුඛය තුල පිපීරිමෙන් මිහිකතට අහිමිවිය.මිය ගිය අලින් අතරින් වැඩි ගණනක් මිය යනු ලැබුයේ හක්කපටස් මුඛය තුල පිපිරිම හේතුවෙනි.
හක්කපටස් පිපිරිම හේතුවෙන් අලින් මිය ගියද එම අලින්ගේ ජිවිත බේරා ගැනිමට අවස්ථා තිබුනද වන ජිවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකයට මාස හතරක් තිස්සේ රථයක් නොමැති විම හේතුවෙන් අනතුරට පත් අලින් හට ප්‍රථිකාර කිරිමට නොහැකි බව එම නිළධාරින් පෙන්වා දෙයි.

වනයේ කිලෝමිටර් ගණනක් දුර යාමට රථයක් තිබිය යුතුමය .නැගෙනහිර පළාත අවර්ණය කිරිමට ඇත්තේ අම්පාර පශු වෛද්‍ය ඒකකය පමනක් විමත් වන සතුන් හට දක්වන සැලකිල්ල සහ වන ජිවි දෙපාර්තමේන්තුවේ සත්ව ස්භාවය විනිවිද පෙනේ.

වන සතුන් හට ප්‍රථීකාර කලද නැවත වරක් එම සතුන් පිළිබද විමර්ශනය කරනු ලබන බවක් මෙම ආයතනය තුල නැත.එපා වහේට හොදි බෙදන ක්‍රමවේදයක් මෙම ක්‍රියාව හමුවේ දැකිය හැකිය.මෙම වෛද්‍ය ඒකක ලංකාව පුරා පවත්වාගෙන යන අයුරු දකින්නට ජනතාවට අවස්ථාවක් නොලැබේ.එයට හේතුව නම් සියල්ල සිදු වනුයේ මහ වනය මැද වන බැවින.නිළධාරින් හට ආරක්ෂාවක්ද සැලසුම් සහගතව නැත .පශ්චාත් පරික්ෂණ සදහා යන නිළධාරින් තම සේවය කරනුයේ තම ජිවිතයද ඇතැම් විට පරදුවට තබමින.

විදෙශ් සංචාරකයින් මෙම රටට පැමිණ වන උද්‍යානවල සැරි සරන විට ලැබෙන ඩොලර් සල්ලි වියදම් කරනුයේ කුමණ දැ සදහද යන්න සිතා ගැනිමට නොහැකිය .එයට හේතුව වනුයේ වන සතුන් පෙන්නා ආදායම ලැබුවද එම ආදායම වන සතුන් වෙනුවෙන් වැය නොවිමය.

වන අලින් පහර දිම හෝතුවෙන් ආබාධ වුවන් හට මෙන්ම නිවාස වලට මුදල් ගෙවන බව සදහන් වුවද වසර ගණනක් ගියද ඔවුන් හට මුදල් ගෙවිමක් සිදු කර නැති බව ඔවුන් සදහන් කර සිටි.
දේශපාලන උපදෙස් මත මෙරට ඉදි කරනු ලැබු ආරක්ෂීත අලි වැට අලින් නන්නත්තාර කර ඇත.අලින් හට ගමන් කිරිමට ස්භාවිකව නිර්මාණය ඔවුන්ගේ මාර්ග පද්ධතියක් තිබේ.එය සාදාකාලික අලි මගකි .අද වන විට මෙම මාර්ග පද්ධතිය ජනාවාස ඉදි කර අලි වැට ඉදි කිරිමෙන් විනාශ කර ඇත.
නිල්ගල මහ වනයේ මිය ගිය අලියෙකුගේ පශ්චාත් මරණ පරික්ෂනය සිදු කරණ අයුරු

විද්‍යත්මක ගවේශනයක් අලිවටවල් ඉදිකිරිමට යොදාගෙන නැත.හිතුහිතු අයුරින් රැහැන් ඇද අලින් කොටු කර ඇත.අලින් ගමන් ගන්නා මෙම මාර්ග පද්ධතින් අවහිර විම සහ ඔවුන් හට සංක්‍රමනය විමට ඇති අවස්ථා ඇහිරිම හමුවේ වන අලින් මිනිසුන් හමුවට ඒමට පටන් ගෙන තිබේ.කැලැ එළි කර ජනපද පිහිටුවන සංස්කෘතිය හමුවේ කුඩා වන කුට්ටි ඉතිරිවන අතර අලින් හට ගැවසෙන්නට ඇත්තේ එම කැලැ තුලය.එක් රැයකට අලියෙකු තම කුසගින්නට ආහාර කිලෝ තුන්සියක් පමණ ගන්නා අතර ඒ සදහා කිලෝමිටර් ගණනාවක් අලින් ඇවිද යනු ලබයි.ආහාර හිග විම හමුවේ අලින් වනන්තරයෙන් එළියට විත ගම්මාණවල සැරිසරණු ලබයි.මේ කේදාන්තය හමුවේ දිනේන් දින අලි මරණ සංඛ්‍යව වැඩිවේ.

මෙයට විසදුමක්  තිබිය යුතුය එය බුද්ධිමත් පිරිසක් විසින් සිදු කල යුත්තකි.වනජිවින් සදහා ඇති වන ජිවි දෙපාර්තමේන්තුව ඇතැම් ප්‍රදේශවල පුදුම නිතී අනුගමනය කරයි. එනම් අලින් ගැවසෙන ගම්මාන අසබඩ කුඩා කැලැ කුට්ටි විනාශ කර දැමිමට කටයුතු කිරිමය මෙය විසදුමක් ලෙස ගෙන කටයුතු කිරිමෙදි වන සතුන් හට සිදුවන හානිය කොපමනදැයි සිතා ගත නොහැකිය.මෙරට කැලැ විනාශ කිරිම ඉක්මන් විම හේතුවෙන් තව දුරටත් ඉදිරි අනාගතයෙදි වන සතුන් සදහා නිජබිමක්  ඉතිරි වන්නේ නැත.
හක්කපටස් නිසා අනතුරට පත්ව මිය ගිය අලියෙක්
වන සතුන් මෙරට ආර්ථිකයට මහත් සේවයක් සිදු කරනු ලබයි.එම ආදායම මෙරට සෞඛ්‍ය අධ්‍යාපන වැනි අංශ සදහද වැය කරනු ලබයි.මෙම මුදලින් වන සතුන් හටත් තම ජිවිත රැක ගැනිමට යම් උදව්වක් ලැබේ නම් මෙම ගැටළු මෙසේ විය නොහැක.වන අලින් වෙනුවෙන් කතා කරන්නට තවත් පනාමුරේ අලියෙකු පහලවිය යුතු කාලය මෙයම වේ


 

අසරණව සිටින අවතැන් වු අලි පැටවෙක්


දුක් විම සහ මිය යැමේ සතුට


ඇතා වට්න්නේ දළ හින්දා


මිය ගිය අලියෙකුගේ ඇට කැබලි මහ වන මැද


මිය ගිය අලියෙකුගේ වටිනා කම් සොයන අයෙක්


මිය ගිය අලියෙකුගේ පශ්චාත් මරණ පරික්ෂය සිදු කරණ වන ජිවි නිළධාරින්


විදුලි රැහැන් යොදා මරණයට පත් කල අලියෙක්


විදුලිය රැහැන් ඇද මරණයට පත් කල අලියෙක්


වෙඩි පහරවල් අසාදනය වී මිය ගිය අලියෙක්


මිය ගිය අලියෙකු ශරිරයේ තිබි ගනු ලැබු උන්ඩ දෙකක්


අම්පාර සින්නවත්ත ප්‍රදේශයේ නිවසක්  අලින් විසින් කඩා බිද දමා ඇති අයුරු


අම්පාර ලාහුගල වන උද්‍යානයේ නිදහසේ සිටින අලින්



4 comments:

  1. ඉතුරු අලි ටික වත් බේර ගන්න බේ බූරු වහන්සෙලාට උවමනාවක් නැති හැටි.. හරිම දුකයි.

    ReplyDelete
  2. මටත් මේ සතුන් ගැන හරිම වේදනාවක් තියෙන්නෙ...ඒ නිසාමයි අලි ගැන මමත් ලිපියක් දෙකක් ලිව්වෙ...මෙවැනි ලිපි බොහෝ අයගේ අවධානයට ලක් නොවන බව නම් කිව යුතුමයි.

    ReplyDelete
  3. එයට හේතුව මිනිසුන් පරිසරයට ඇළුම් කිරිම බොරුවක් බවයි .නමුත් පරිසරය විකුණා යම් ආදායමක් උපාගන්න ගන්න නම් මහත් වෙහෙසක් ගන්නවා කේදාන්තය එයමයි.සත්වයින්ට ලැබෙන ආදරය කරුනාව ගැන අපි මොනවා කරත් එය ඇගයිමට අවශ්‍ය නෑ නමුත් අප තවත් මේ පිළිබද යොමු කරන්න ශක්තියක් වෙන්න වෙනත් අයට පළුවන් එය වචනයකින් වෙන්න පුළුවන් වෙන දෙයක් අවශ්‍ය වෙන්නේ නෑ .නමුත් අපි ලියනවා ඒක වැදගත් ....එක් අයෙක් වත් ඉදිවි අවදානය යොමු කරනු අප දිරිමත් කරන

    ReplyDelete