Monday, August 18, 2014

ලාංකිකයන් තහනම් ගසේ ගෙඩි ප්‍රසිද්ධියේ කයි.....


(මෙම ලිපිය මගින් මෙරට ස්ත්‍රි පුරුෂ දේපාර්ෂවය පිළිබද කතා කරනු ලබයි)
ලාංකිය සංස්කෘතිය සහ මෙරට ලිංගිකතවය කියට හරි විකුණා දමන්නට තැනක් තියෙනවද කියලා අහන අය දැන් සමාජයේ ඉන්නවා.අද වෙන කොට කියක් හරි හොයගෙන ජිවත් වෙන්න දගලන අය තමන්ට අවශ්‍ය මුලික අවශ්‍යතාවයන් සපුරා  ගන්න කරනු ලබන උත්සහ හමුවේ .සමාජ පදනම සමාජ විරිත සමාජ සංස්කෘතිය බිද වැටෙමින් තිබේ.


මේ පිළිබදව සොයා බලන කාලාවක් අප සතුව නැත. එයට හේතුව එකිනෙකා තුල ඇති ලෝකයන් තම ආරුඩයන් බවට පත් කර ජිවත් විමට උත්සහ කිරිමය.මුදල් මත පදනම් වන ජන දිවිය අවසානයෙදි නතර වනුයේ ලිංගිකත්වය මතය. එය හුදෙක් පවුල සහ පුද්ගලයා අතර ඇති ගණුදෙනුවේ කුට වු අවස්තාවකි.
මෙරට ආර්ථිකයට විවෘත වක්‍රය හදුන්වා දිමත් සමග සෑම පළාතකම මුදල් ඉපැයිය හැකි මාධ්‍යන් එකතුවන්නට විය. එය නිදහස් මනසිකත්වය විකිණිය හැකි තැන්බවට පත්විම පුදුම සහගතය.සංචාරක කාර්මාන්තය හමුවේ ඇති කරනු ලැබු හෝටල් සංස්කෘතිය පසුකාලිනව පැයකට දෙකකට තම ලිංගික තෘප්තිය වෙනුවෙන් මිළදි ගැනිමට ලාංකිකයා සුදානම්වේ.
පැයකට දෙකකට තෘප්තිමත් වන මිනිසා නැවත නැවත තම ජන දිවය විවිධ වු වෙනස් මගකට ගෙන යනු ලබයි.සිනමාව සහ නවකතා කලාව හමුවේ වඩ වඩාත් රස මවන සමාජ නියමයක් බවට මෙම සිදු විම් කතා බහා කරනු ලබයි.
පාසල තුල පේම් කර විවාහා වු අයත් විශ්වවිද්‍යාල තුල එක්ව විවාහා වු අයත් මග තොට සිට එක්වු අයත් විවාහා විය.පත්තරවල දැන්විම් දමා නොමැතිනම් කපුකමකින් එක් වු අයත් ජයට මගුල් කා විවාහා විය.අද විවාහය සාර්ථක වු අවස්ථාවන්ට වඩා එය තවත් තුන්වන පර්ෂවයක් සමග අනියම් සබද කමක් බවටද පත්විම පුදුම සහගතය. තම සහකරුවා හෝ සහකාරිය සමග එක් වනවාට වඩා අනිම් සබද කමක පදක්කමක් බවට පත්කරන්නට අද සමාජය විනය විරෝදි වී තිබේ.

නිවස තුල එකට හිදින් අය වෙනත් ඇසුරක් සොයා යන බව සැම පළාතකම සිටින නවතැන් පොළවල් භාර කරුවන් හොදා කරවම දනි.පැයකට දෙකකට රතියට කාමරයක් දි ගාණක් හොයා ගන්න මේ අය විවිධ අයුරින් උප්පර වැට්ටි නිර්මාණය කර ඇත.ඒ වෙනුවෙන් විවිධ උපායමාර්ග යොදවා තිබේ.ත්‍රිවිල රථ රියදුරන් මෙම නාඩගමේ ප්‍රධාන අංගයක් නියෝජනය කරයි.එහිදි තම ගණුදෙනු කරුවා වඩා හොද තැනකට ආරක්ෂාකාරිව ගෙන යන්නට මේ අය සැදි පැහැදි සිටි.
තම හදුනා ගත් නවා තැනපොළ මගින් සන්තෝසම් අතමිටිකර ලැබේ.මෙරට දිග්කාසද විශාල ප්‍රමාණයක් සිදුවිමට බලපාන කරුණු කිපයකි .එහි මුලික කරුනක් නම් පලමුව දකින් පේම්වතිය පසුකාලිනව නිවසේ කුණු ගොඩ බවට පත්විමය.අනිත් කරුණ නම් ඇතැම් විට ආදරය සහ කරුණාව ආර්ථිකයත් සමග විනාශ විමය.බිමත්කම නාස්තිය මෙහිදි ප්‍රධාන තැනක් ගනි.දරුවන් අතර දෙමාපියන් වුවද සමාජය හමුවේ මෙම පිරිස අනියම් පේම්වතුන් බවට  පත්වේ. තෘප්තිය සොයා තම ගමන නිර්මාණය කරන ස්වාමිපුරුෂයින් සහ බිරින්දැවරු අන් සරණක් සොයනු මග තොට දහස්වර දක්නට ලැබේ.
එක් දිනක් බදුල්ල නගරයේ හෝටල් හිමියෙක් අප සිටි කාමරයෙන් ඉවත්ට යනවිට ඉල්ලා සිටියේ මහත්තලාගේ බැග් ටිකකට එළියට තියන්න මම තැනක් දෙන්නම් පොඩි වැඩකට කට්ටියක් එනවා පැයකට දෙකකට කියලා .ඒ අය පැයක් ඉදලා එක්දහස් පන්සියක් දෙනවා ඒ නිසා උද්ව්වක් කරන්න කියලා .අපි එදා දවස අපේ රාජකාරිය නිමා කර පැමිණී පසුව එහි හිමි කරු අපට තරු පෙනේන කතා පෙළක් පැවිසිය.එනම්  ගුරුවරියක් සමග පැමිනේන  මහත්තයෙක් ගැනය.ඒ මහත්තයා මෙසේ එන්නේ ගුරුවරියගේ රාජකාරියත් ඒ මහතාගේ රාජකාරියත් මදකට නවතාය.පසුව ඔහු පැවසු කරුණ නම් වැඩි පුර පිරිසක් ආරක්ෂාවට මෙම ස්ථානය තොරා ගෙන ඇති බවත් රජයේ ආයතනවල සේවය කරන අය විශාල වශයෙන් එන බවත්ය.

තවත් අයෙකු පැවසු අයුරු විශ්මිතය.තම ස්වාමියා සහ දරුවන් සමග හෝටලයට පැමිණී  අතර තුරද වොස් රූම් එකට යන බව පවසා ඉතා කෙටි වේලාවකට තම අනියම් සැමියා සමග යහන්ගත වන අයද සිටින බවය.මා ගමන් ගත් පොල්ගහවෙල සිට කොළඹ බලා උදැසන එන දුම්රිය තවත් අපුරු දසුනක් දක්නට ලැබිණ.එනම් තම ස්වාමිපුරුෂයා සමග පැමිණ දුම්රියට ගොඩවන කාන්තාව මද දුරක් ගොස් අසල ආසනය වෙන් කරගෙන සිටින තරුණයා සමග එක්ට සිට ඇතිවන පේම් කතාවනය.නිමේෂයකින් දුම්රිය අමතක කරන කාන්තාව අනියම් සැමියගේ උරයේ සුවය විදිනු දක්නට ලැබේ. එක්තරා රජයේ කාර්යාලයක සිටින ප්‍රධානියෙක් කී කතාව අපුරු අත්දැකිමක් වනුයේ පාළාතකින් පළාතකට මාරුවිමක් ලැබ පැමින කාමරයක් රැගෙන සිටින කාන්තාවන් ආයතනය තුල තවත් අයෙකු තම සැමියා බවට පත් කරගෙන තම ජිවිතය ගෙන යන අයුරුය.
සිනමා ශාලාවන් දහවල් කාලයේ පිරි යනුයේ මේ අය හේතුවෙනි.දෙදෙනෙකුට පමනක් කොටුවු සිනමා කුටිය තුල ඇති පේම් පලහිව්ද මේ ගණයට ගෙන දැක්විය හැක.තම ස්වාමියට බොරුවක් කියා පැමිණි අයුරුත් තම සැමියගේ වැරදි තිරනත් අනියම් සැමියට පවසා තම රති පහස නිවා ගන්නා පිරිස අපමනය.

සමාජය තුල පවුල නැමැති ශක්තිමත් සංස්තාව රැක ගනිමින් තම දරුවන් හට හොද දෙමාපියන් වන පිරිස ඉතා සුළු වශයෙන් සිටි.නමුත් තහනම් ගසේ ගොඩි වල රස බලන්නට සමාජයේ වැඩි පිරිසක් සුදානම්ව සිටි.පුවත්පත් අධිකරණ වාර්තා තුල අද වන විට දක්නට ලැබෙන ජිවිත හානි පිළිබද සැලකු විට දක්නට ලැබෙනුයේ අනියම් ඇසුර හේතුවෙන් අසම්පුර්ණ මිනිස් ජිවිත විනාස වන ආකරය වේ .මෙම ක්‍රියාවන් හේතුවෙන් අසරණ වන ළමා පරපුර සමාජයේ අතරමන් වන අවස්ථා අධීක වන අතර පවතින සමාජ ගැටළුව හමුවේ පිළියම්ද නැති තරම්ය.
පාසල් ගුරුවරුන් ගුරුවරියන් කාර්යාල යන්හි සේවය කරන රාජ්‍ය නිළිධාරින් ව්‍යාපාරිකයින් ඇතුළු සැම පංතියක්ම නියෝජනය වන අයුරින් අනියම් සබද කම් ලියලා වැඩි ඇත.ජංගම දුරකතන සමාගම් තම පාරිභෝගිකයන් මුලා කරමින් මල් දුරකතන ජාලයන් හදුන්වා දිම හමුවේ මෙරට අනියම් සමබකම් සදහා මහා පාරක් නිර්මාණය විය.මුහුණු පොත තුල ද මෙම තත්ත්වය විහිදි පැතුරුන අතර අද වන විට මෙරට පවුල් විශාල ප්‍රමානයක් අවුල් බවට පත්ව තිබේ.ඒකාකරි ජන දිවිය වෙනස් කරන්නට කුමක් හෝ සොයන ලාංකිය මිනිසා අන් බිරිදක් හෝ සැමියෙකු ඇසුරින් සිත සනසා ගනු ලබයි.

නාගරික ජන දිවියට පමනක් සිමා වු මෙම ජන දිවිය අද වන විට ගම්දනව් සිසාරා විහි ගොස් තිබේ.ඇතැම් අය වසර ගණනාවක් පේම් කර උදාර ප්‍රේමයේ නාමයෙන් විවාහා වුවන්ය නමුත් වැඩි කල් නොගොස් තවත් සුන්දර අත්දැකිමක් සොයා යාම ආරම්භ කරනු ලබයි.ඇතැම් පිරිස් අනියම් ඇසුරවල් විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යන අතර එම පිරිසට එය තරග කාරිතවය හමුවේ විවිධත්වය හමුවේ ජයග්‍රනයකි.තෘප්තිමත් පවුලක් වෙනුවෙන් තම මනස කැප කරන අධ්‍යාපනයක් මෙම සාමජයට නොදිම හේතුවෙන් මෙම තත්ත්වය ඇති දැඩිව තිබේ.
තවත් විටේක තම කාර්යාලයේ සිටින ප්‍රධානියා සතුටු කර ප්‍රථිලාභ ලබා ගැනිම අරමුණ කරගෙනද තම ශරිරය කැපකරණ අවස්ථා දක්නට ලැබේ එතැන සිට කාගෙත් සුන්දරිය සහ බිරිද විමත් හේතුවෙන් සර්වකාලිනව අනියම් ඇසුරු නිරිමාණය කර ගනු ලබයි.

රාත්‍රියේ වැඩ නිම කර වෙහෙසෙ වි පැමිනෙන ස්වාමියා තම ශාරිරික තෘප්තිය මග හැරිම සහ තම ආතතිය හමුවේ අසල්වැසියා ගෙන් වුවද එය සම්පුර්ණ කර ගන්නා සුන්දරියන් හමුවේ .ඇතැම් කාන්තාවන් ප්‍රායෝගිකව  තම සැමියා සහ රැකියාවේ ඇති දුෂ්කර බව හමුවේ කැපකිරිම් සිදු කිරිමට උත්සහ කරනු දක්නට ලැබේ.තම පවුල ආරකෂා කරගනිමින් යුග දිවිය ගත කිරිමට මේ අය සුන්දර වේහෙසක් ගනු ලබයි.

මෙරට දික්කසාද සහ ඝාතන රැල්ල පසුපස ඇති අසුන්දර පාපොච්චාරණය වන අනියම් ඇසුර පිළිබද බුද්ධිමත් ලෙස සිතන්නට කාලය පැමින  තිබේ. මෙරට පවතින උස්ස පාසල් සහ විශ්ව විද්‍යාලයන්හි ඉතා ඉහලින් අධ්‍යාපනය හැදැරුවන්ද පාසල් නොගිය පිරිසට වඩා මෙම ගැටළුවට මුහුණ දෙනු ලබයි.
එයට හේතුව වශයෙන් දකින්නට ලැබෙන්නේ කාර්යබහුල් ජන දිවිය හමුවේ අඹුසැමියන් වශයෙන් ජිවත් විමට පවුල නැමැති සංස්ථාව රැක ගැනිමට ජනතාවට රජය ලබා දෙන අවස්ථාව පිළිබද රාජ්‍ය අනුග්‍රහය නොමැති විමය.රාජ්‍ය අංශයේ නිළධාරින් තම පවුල් දිවිය අවුල් ජාලයන් බවට පත් කර ගනු ලබන්නේ බිරිද වෙනත් පළාතක සහ ස්වාමියා වෙනත් පළාතක විසිමය.තම නිවාඩුව සිමිත බැවින් දෙදෙනො හමුවේ ඇතිවන ලිංගික ආසාවන් දෙදෙනොටම  නොකියා තෘප්තිමත් කර ගැනිමට ගන්නා උපායන් හේතුවෙනි.මෙම තත්ත්වය දුරුණු වන්නේ කාන්තාවන් වෙනුවෙන්  අනග සැප ලබාගැනිමට පිරිසක් සුදානම්ව සිටිමය.එය දරුණු ඇබ්බහි විමක් බවට පත්වේ .දේශපාලන ලෝකය තුලද ඇති කාර්යබහුල තාවය හමුවේ තම බිරින්දැවුරන් තම ජන දිවය ගමන් මාර්ග කිපයක් බවට පත් කරනු ලබයි.
අනියම් ඇසුර ආදරය බවට පත්වන්නේ ලිංගික ක්‍රියාවට පමන් විම පුදුම සහගතය.විවිධත්වය වෙනුවෙන් හුරුවු මෙරට අඹුසැමි පරපුර තම දරුදැරියන් පිළිබද  සිතන බවද පසෙක දමා යනු දක්නට ලැබේ.
එක්තරා ගුරුවරයෙක් තම බිරිදට ඉතා ඉහලින් සලකා වෙනත් ඉස්ව්වලදි වෙනත් කාන්තාවක් වෙනුවෙන් කාලය ගත කරනු දක්නට ලැබේ.ඒ අතර තුර එම කාන්තාවට හමුවන ළමයා තමන් සේ දැයි දැක ගැනිමට දරණ උත්සහයන්ද දක්නට ලැබේ.මෙරට ජනතාවගේ විවාහා ස්ංස්ථා දෙදරා යන විට එයට හේතුව කුමක්ද යන්න විමසා බැලිම් හමුවන්නේ නැත.

මෙරට පොලිස් වාර්තා  ගෙන බැළු විට සියයට අනුවක් පමණ අනියම් ඇසුරු හේතුවෙන් උද්ගත වු ගැටළුය.එය ඉහල පෙලේ අධ්‍යක්ෂකවරුන් ලේකම් වරුන් ඉහල් පොලිස් නිළධාරින නිතිඥවරුන්ද සිටිම පුදුම සහගතය.ඉගෙන ගෙන වැරදි කරන අය වැඩි පුර පිරිසක් දක්නට ලැබේ .එය දන්න අය දන්න කතාවන්ය.
පසුගිය සමයේ යුද හමුදාව තම සේවා කාලය තුල හිමිවන නිවාඩුව නිම විමත් සමග නැවත ගිය විට ඇතිවන කාලය දෙපිරිසම තම මන දොල සපුරා ගනු ලැබුයේ අනියම් ඇසුරු හේතුවෙනි .මෙම තත්ත්වය හමුවේ දේවත්වයේ තම ප්‍රේම්ය රැකගත් අයද සිටි.
මානසිකව ඇතිවන චලනයන් හමුවේ මෙම ක්‍රියාදාමය සමාන්‍ය කරුනක් බවට අද වන විට පත්ව තිබේ.පවුල් තුලට බොරුව වංචාව ගෙන එමින් මෙරට පැවැති උරුමය විනාශ කරගනිමින් සිටි.ඇතෑමෙක් අද පමනක් නොව අතිතයෙද මෙම ක්‍රියාවන් තිබු බවට තර්ක ගෙන එන්නට උත්සහ දරනු ඇත.අතිතයේ විහාරස්ථානයට සමිපව සිටි මෙරට බෞද්ධ පවුල තම ජන දිවිය ආගමික භක්තියට සිමාකර ගත කල බව දක්නට ලැබේ .අද වන විට මෙරට අධ්‍යාපනය තුල කරනම් ගැසු ඉගෙන ගත් පරපුර තම නිදහස සොයා හැසිරෙන අයුරු විශ්මිතය.
අද වන විට තරුණ පරපුර ආදරය ලෙස දකිනුයෙද ලිංගික අත්දැකිමක් ලෙසය.ඔවුන්ද කමරයක් පැයකට දෙකකට කුලියට ගෙන සිටිමට පුරුදුව තිබේ.මේ සම්ප්‍රදාය තවදුරටත් විකාශනය වු විට මෙරට සිංග්ගපුපරුවක් බවට පත්වනුයේ භෛතික සාධක මතින් නොව අනියම් ලිංගික සතුට තුලිනය.

ඇමති වරයගේ තුරුල්ලේ පහස සමග සල්ලිකාර සල්ලාලයගේ උකුල දක්වා ලැගුම් ගන්නට අද කාන්තාවට සිදුව තිබේ.එය විවිධ හේතුමත වන බව විග්‍රකලද අවසානයෙදි අනියම් ගණිකාවන් සහිත පුරවරයක් බවට ලක් දෙරණ පත්වනු ඇත.
අද වන විට ප්‍රසිද්ද කාලාකරුවන්ද සමාජයට තම පවුල් ජිවිතය අවුල් කර ගත් පසු එය කලාවක් ලෙස ප්‍රේක්ෂකයා හට දිමට ගයනා කිරිමට පටන් ගෙන තිබේ.එය සමාජයට කදිම ආදර්ශයක් ලෙස ගෙන හැර පැම හමුවේ අනියම් සම්බන්දතාවයන් සහ පවුල් ජිවිත සමන්‍ය දෙයක් බවට පත්වේ.මේ බව දකින අනාගත පරපුරද නීත්‍යනුකුල සහ රහස් ඇසුර අත්‍යවශ්‍ය කරුනක් බවට පත් කර ගනු ලබන දවස තව ඇතක නැත.අද එය ස්ථාර වෙමින් පවති.

කාර්යාලයේ සැමියා සහ බිරිද බස්රථයේ දුම්රියේ සැමියා සහ බිරිද බවට පත්විම විලාසිතාවක් බවට පත්වේ.එයට උදව් කරන ආර්ථික රාමුවක්ද නිර්මාණයවේ .අද වන විට පැයකට දෙන කාමරය දින කිපයකට ගෙන සුව විදිමට නිරිමාණයවේ .
ලාංකිය සමාජයට ලැබුන ජංගම දුරකථනය පේස්බුක් සහ රජයේ ස්ථාන මාරුවිම් කලාව හමුවේ මෙරට පවුල සහ කාන්තාව නන්නත්තර වනු දක්නට ලැබේ.වදුරා හට දැලිපිහිය ලැබුනු විට සිදු කරනු ලබන නිදහස අද අප රට තුල පවුල් ජිවිත හමුවේ දක්නට ලැබේ.මෙරට අනාගතය භාර ගැනිමට සිටින පරපුරට යහපත් අම්මෙක් තාත්තෙක් වන්නට සිතන අය මේ පිළිබදව සිතනවා නම් අද දවසද ප්‍රමාද නැත.
නිදයහනේ නැති සහනය රටට හෙනයක් වන්නේ මෙරට අධ්‍යපනයේ ඇති වරදක් නිසාදෝ කියා සිතේ .සිතන්නට යමක් ඇති ඔබම සිතන්න මේ මාදුටු සමාජ පසුබිමයි .....ඇස් ඇර බලන්න අවට අනියම් ඇසුරු දසක් දක්නට ලැබේ .අවුල් වු පවුල් දහසක් දක්නට ලැබේ .ඒ නිසා අසරණ වු දරුවන් දහසක් දක්නට ලැබේ.


මෙහි පලකරනු ලැබු ජායා රුප අන්තර්ජාලයෙන් ලබා ගත් එ්වා වන අතර මා හට හිමි කමක් නැත.

4 comments:

  1. මොනවා කියන්නද?????

    ReplyDelete
  2. කියන්න දෙයක් නෑ රතු එළියක් හැමොගෙම ජිවිත වලට

    ReplyDelete
  3. හොද ලිපියක් චන්දන...අද අනියම කියන දේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා...ඉස්සර මම මහව කාර්යාලීය දුම්රියේ යන කාලෙ සෙනසුරාදට අනියමට වෙනම මැදිරියක් පවා වෙන්කර ගෙන තිබුනා...ඒ මැදිරියට පිටස්තර අයට එන්න බැරි වෙන්න කොන් දෙකේ දෙන්නෙක් කකුල් හරහට දාගෙන ඉදගෙන හිටියා.

    ReplyDelete
  4. මම සතුටු වෙනවා මේ විදියට ලියවුන කොමන්ටුවක් දැකිමට ලැබිම.අද මේ ලිපිය විශාල පිරිසක් බලලා තියෙනවා .මම හිතන්නේ හිතට එකගම මොවනත් ලියා ගන්න බෑ වගේ අනිත් අය ලියපු එකක් දකින්න නෑ රට ගැන මොනවා කිව්වත් හොද නරක ගැන ලිව්වත් විශාල පිරිසක් මේ වැරැද්ද කරනවා කියන එක තමයි හිතන්න තියෙන්නේ .සමාජයේ තෘප්තිමත් මිනිසුන් හොයන්න යන ලිපියක් මම ලියලා නෑ නමුත් මේ අනියම් කාරනය හින්දා තම තමන්ගේ ජිවිත වල සංවර්ධනය ඇන හිටලා ඇති පවුල් අවුල් වෙලා ඇති .තමන්ගේ ආරණියතවයට හානි සිදු වෙලා ඇති .අඹුසැමියන් හිතින් ආදරය කරන එක නවත්වලා ලෝකයාට පෙන්න පවුල් කනවා ඇති .නමුත් ඇත්ත නම් දු දරුවෝ ගැන හිතන ලෝකයක් හමුවේ මේ වැරැද්ද වෙන එක අඩුයි කියලා මම හිතනවා .අද ලංකාවේ කාලාකාරයේ පවුල් අවුල් කරගෙන ප්‍රසිද්ධියේ රාගපාන කොට කාලා කාරයා රසිකයින්ගේ ප්‍රඥාවට කතා කරන්නේ කොහොමද කියලා හිතෙනවා.මම සතුටු වෙනවා රටේ ඇති මුසල ප්‍රශ්නයක් උනත් එකට සිරා මෙහෙම කියපු එක ගැන.ඇයි කේස් පැලෙනකම් බුකි කාරයේ බ්ලෝග් කාරයේ වෙන දෙවල් ගැන කියන එවා එක්ක මේ දේ ගැන කතා කරන්න බය ............

    ReplyDelete