Saturday, December 28, 2013

යුද්ධය සහ මධුසමය-සත්‍ය කතාවකි....



යුද්ධය ඉවරයි. දැන් අපේ රටේ අයට යුද්ධයක් තිබුනද කියලාවත් මතක නෑ.අපි හැම දෙයක්ම ඉක්මනින් අමතක කරන්න පුරුදු වේච්ච හින්දා අපිට යුද්ධයක් තිබුනා කියලා අමතක ඇති.

නමුත් මම මේ කියන්න යන කතාවේ කතා නායිකාව යුද්ධය අමතක කරලා නෑ ඇය තවමත් යුද්ධය සෑම මොහොතකම මතක් කරනවා.යුද්ධයට තම සැමියා යද්දි කියපු කතා මතක් කරනවා .යුද්ධය මදකට නවතා ගෙදර ආව හැම මොහොතකම එය නිවාඩුවක් විදියට ඇය හිතුවේ නෑ....මොකද සැමියා නිළඇදුම කදවුරේ තියා පැමිණියද ගමේ මායිමේ වන රොදින් කොයියම් මොහොතක හෝ වෙඩි හඩක් මතුවෙයි කියලා ඇය හිතලා  හිතපු හින්දා.......පුංචි එකා අකුරු කරන්න මොන්ටි සෝරියට දාන්න කාලේ හරි ජනවාරි වෙන කොට ඒකට ලැස්ති වෙන්න  ඕනෑ...ඇය ජිවිතය සැලසුම් කරාය.තම සැමියා මාස ගණනාවක්ට පසුව නිවාඩුවට  නිවසට පැමිණිම තම ජිවිතයේ මාස ගණනකට පසුව ඇගේ ජිවිතයට පැමිණේන මධුසමය බවට පත් විය.
අවට ලෝකයා තමා දෙස සැම විටම බලන අයුරු මතක් වන විට ඇය තම සැමියා සමග මගතොට ඇවිද යාමට උත්සුක විය.එවිට වෙනදා ඇය දෙස විමසිලිමත් වන අය නොබලා සිටින අයුරු දකින ඇය මහත් සේ අස්වැසිල්ලක් ලබයි.
දින මාස ගත වන විට රාත්‍රිය දිගුවනවා මිස නින්දට දකින්න සිහින ඇයට ඉතුරුවන්නේ නැත.යුද්ධය දිගින් දිගටම සිදුවන කාලය වන විට තම සැමියා හට නිවාඩුවක් නොලැබිම ඇයට මහත් කම්පනයක් විය.දිනෙන් දින උතුරු ආරක්ෂක වළල්ල ඉදිරියට යනවිට ගම්මාණ කරා ඇදි ආ ආරංච් සුන්දර වුයේ නැත.

සෑම පැයකම පුවතක් ඇසුනා නම් ඒ උතුරේ පවතින යුද්ධය පිළිබදවය.ඇය තම තරුණ වියේ වු හැගිම් සගවා ගත්තේ තම සැමියා නිවාඩුව ලබා නිවසට පැමි‍නේන තෙක්ය.හැගිම් වලට තිතක් තබා සති පුජා පවත් වන්නට ඇයටද දිනය උදාවිය.තම සිගිති පුතු පපුවට තුරුළු කර ගත් ඇය තම සැමියා නැවත වරක් නිවසට පැමිණි දින වෙනදා වු මධු සමය වෙනුවට මතක වස්ත්‍ර පුජා කර පැන් වඩන්නට සිදු විය.

....................................................නන්දිකඩාල් කලපුවේ කරිජිජ දිය මතින් යුද්ධය නිමා විය. ඇය යුද්ධය ඇරඹිය.............................................................
ජිවිතය මිලේචිච කොටින්ගෙන් නොව තම සැමියාගේ මවගෙන් සහ පියාගෙන් සිදුවන සිත රිදුම් දෙන වචන වලින් පුරවා ගන්නට ඇයට සිදු විය.......මෙතැන සිට කතාව කෙටිය.

ඇය දැන් මවක් පමනක්ය බිරිදක් ලෙස හිතන්නට සැමියෙකු නැත .සිදුවන සිදුවිම අසුන්දරය සැම විටකම මුදල් ඇයට ගැටළුවකි තම පුතුන් හට ඉගැනිවිය යුතුය.මේ සියල්ලයට මුදල් උවමනාය....සියල්ල සිදුව ඇත්තේ ආදරයේ වරදින්ද ඇයට සිතා ගැනිමට නොහැකිය.යුද්ධයට නොව රැකියාවක් සදහා ගිය තම සැමියා ඔහුගේ මට සහ පියාට තම වැටුප පවරා තිබිණ.අද ඇයට ජිවිතය ගෙන යාමට සිදුව ඇත්තේ සෑම දිනකම කොයියම් මොහෙතෙක හෝ සැමියාගේ මව විසින් පවසන වචන කිපයකින් දෙසවන් පුරවගෙනය......මගේ එකා මැරුණේ උඹේ කාලකන්නි කමට නොදකින් මුසල කම අපේ එකා අකාලයේ මැරැනා ...නෑ මරා ගත්තා.මේ වචන මහ මග දකින අය තමා දෙස සැමියා මියගිය පසුව බලන ගිජු බැල්මට වඩා තියුණු විය................................

නවාතැන් පලක හිමිකරුවෙකු හමු වු ඇය මේ ගත් තිරණය යුද්ධයේ නිමාව සටහන් කරන්නක් විය.
කව්රු හරි කෙනෙක් ගැණු කෙනෙක් හොයනවා නම් කියන්න මම එන්නම් හැබයි දවල්ට විතරයි....මට පුතාට උගන්න ඕනෑ වෙන කරන්න දෙයක් නෑ.මම ගැන වරදවා හිතන්න එපා....මට සල්ලි ..හොයා ගණ්න වෙන......විදියක් නෑ .............මට එක්කෙනෙකුගෙන් .රුපියල්..................
ඉදහිට දවල් දවසකට ලැබෙන දුරකතන ඇමතුමකින් ඇය දිය නා සැරසෙනුයේ සුපුරුදු මධු සමයකට නොව......යුද්ධයකටය.........................    

10 comments:

  1. යුද්දයෙ අතුරු පල.හැබැයි හස්බන්ඩ් ගෙ පඩිය ලැබෙනව නේද

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඒක තමයි. අම්මටයි තාත්තටයි පුතා හමුදාවට ගියාට පස්සේ පඩි පත ලියපු හින්දා අද මේ දේ සිද්ද වෙලා. අද පුතාගේ පඩිය අයිති අම්මටයි තාත්තටයි කියලා තමයි කිය වුණේ

      Delete
  2. අපි නොදකින ඒ අභිමානිය අනුස්මරණයේ අඳුරු පැත්තක්

    ReplyDelete
  3. ඕක තමයි ඉතිං වැඩේ.. මාත් ගොඩක් තැන් වල දැකලා තියෙනව වැටුප ලියලා තියෙන්නෙ අම්මට... බිරිඳට කිසි දෙයක් නෑ.. ඊපීඑෆ් එකත් අම්මටම ලියන්න පුලූවන්ද අහන අවුරදු 10-12 ළමයි ඉන්න තාත්තලා මං දැකලා තියෙනව... අම්මට තියෙන ආදරේද නැත්තං තමන්ගෙ දෙවනි ජීවිතය පාලනය කරගන්න දන්නෙ නැතුවද මම දන්නෙ නෑ වෙලාවකට... අපිත් ඉතිං හානේ හරි හොඳ පුතෙක්, අම්මට කොච්චර ආදරේද කියල ඇඟිලි වලින් ඉස්සිලා ඔලුව අතගානව... අම්මට තාත්තට සලකන එකයි, තමන් තමන්ගේ පවුල් ජීවිතය හදාගන්න එකයි වෙනස්... හැබැයි මේ හමුදාවෙ කේස් එක ටිකක් වෙනස්... ගොඩක් කොල්ලො හමුදාවට ගියේ අම්මට තාත්තට සලකන්න හිතාගෙන තමයි... ඒ අතරෙදි අඩු වයසෙන්ම කෙල්ලෙක් හොයාගෙන කසාදයක් බැඳගත්තට පවුල් ජීවිතයක් ගත කරන්න උන්ට අවස්ථාවක් තිබ්බෙ නෑ නේ.. ඉතිං හිතන්නෙ කවදහරි තමන් මලොත් තමන්ගෙ ගෑණිටත් අම්මා තාත්තා දරුවෙක්ට වගේම සලකයි කියල... ගොඩක් දෙමවුපියෝ එහෙම කළා තමයි.. ඒත් ඉතිං මෙහෙම කරපු අම්මලා තාත්තලත් අඩුපාඩුවක් නැතුව හොයතෑකි මේ ලංකාවෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත හිරු අක්කෙ.මං දන්න අදුනන ගෙදරක් තියනවා.එහෙත් ඔහොමයි පොඩි පැටව් දෙන්නෙක් ඉන්නවා.ඒත් ඒ අක්ක පොලිස් ඇන්ට්‍රියක් දාලා මොකක්ද කරලා ඒ අයියගේ පඩියෙන් ලොකු ගානක් ගන්නවා දැන්

      Delete
  4. හැමෝම නොදකින යුද්දෙ නපුරු පැත්ත.

    ReplyDelete
  5. යුද්ධයේ අමිහිරි අතුරුඵල...තව කොතෙක් නම් උහුලනු ඇතිද මේ මහ පොලව

    ReplyDelete
  6. මේක සත්‍ය කථාවක්ද ? යුද්ධයේ අතුරු කථා...කොච්චර දුකක් ඒ කාන්තාව විදිනවා ඇද්ද...

    ReplyDelete
  7. මේ කාන්තාව අරන් තියන තීරනේ වැරදියි කියලයි මන් කියන්නෙ, සල්ලි ඕන තමයි ජීවත් වෙන්න ඒත් ඒකට ඇග විකුණනවා කියන්නෙ හොද විසදුමක් නෙමේ, දෑතෙ රැකියාවක් කරල කීයක්හරි හොයාගත්තනම් මීටවඩා හොදයි...

    ReplyDelete
  8. කියන්නනට වදන් නැත
    ඇය කරනා
    යුද්ධය ගැන...

    ReplyDelete