Tuesday, January 28, 2014

නුතන ජන සංනිවේදනය මිනිසා අතරමන් කරයි



ජන සන්නිවේදනය පිළිබද නිර්වචන අද වන විට අති විශාල ප්‍රමාණයක් අසන්නට දකින්ට ලැබේ.මෙම නිර්වචන යවත්කාලිනව නිර්මාණය වන බව අතිතයේ සිට අද දක්වා විමසුමට ලක් කල විට සොය ගත හැක.
සියල්ල විශ්වවිද්‍යාලය මත පදනම් බවක් දක්නට ලැබුනද සත්‍ය සොයා යාම තුල එය වෙනස් විමට ඉඩහරින්ට සිදුවනු ඇත.යම් කරුනක් පිළිබදව ඉතා සියම් ලෙස ගවේශනය කර නිබන්දනයක් කිරිම ඉතාම අගනා කටයුත්තකි. එනමුත් අතිතය සහ වර්තමානය හමුවේ සියල්ල වෙනස් වී ඇත්තේ හුදෙක් තම තමන්ගේ ස්වකැමැත්ත හමුවේ බව පෙනෙන්නට තිබේ.

පරිනාමය හමුවේ තම අදහස් වෙනත් අයෙකු හමුවේ ප්‍රකාශ කිරිම විෂය අනුබද්ධ ක්‍රියාවක් ලෙස නිර්වචනය කලද අද එය සියල්ල අභිබවා කතා කරන්නාවු මාතෘකාවක් බවට පත්ව තිබේ.
සන්නිවේදනය අදට වඩා වැදගත් වුයේ අතිතයෙදි බව අප සොය යන්නට මැලි වී ඇත.එම නිසාම අද තාක්ෂනය පිළිබද මහත් උජාරුවේන කතා කරන්නට සිතන්නට වියදම් කරන්නට පටන්ගෙන තිබේ.හිස් අහසට පාකර හැරිය චන්ද්‍රකාවක් ගැන විශ්මයෙන් කතා කරන්නට සුදානම්ව ඇත.ඒ විශ්මය දකින්නට අති විශාල මුදලක් වියදම් කරනු ලබයි.අද සන්නිවේදනය ඉතා කුඩා මෙවලමක්ව ඉලක්කම් රාශියක තනිකර දමා ඇත.
අතිතයේ ආරම්භය කොතැනද, විශ්වයේ ආරම්භය කොතැනද, මිනිසා තම අදහස් හුවමාරු කර ගන්නට යොදා ගත් මෙවලම් මොනවද,ඔවුන්ට සන්නිවේදනයට ගලපගන්නට වචන කොපමන තිබුනද,සංකේත කොපමන තිබුනද,උවමනාවක් තිබුනද,මේ සියල්ල අප සොය ගත්තද නැද්ද,නොමැති නම් අප මේ සියල්ල නොදන්නවද,
අතිතයේ මේ විශ්ව ගම්මානය නිර්මාණය වී තිබුනාද එය ,එම අතිතයේ වසර දසදහස් ගණනක් අප විසින් අමතක කර දැමුවාද, අද විශ්වය පිළිබද දරණ මතයන් එදා එසේම නොවිද,මින්සුන් තම අදහස් කියු බවක් අසන්නට නැද්ද,
අද අප විද්‍යාව නැමැති වචනය මත ඇවිද යන නිර්වචනය අප මුලා කර ඇති බව අප සොයා ගත්තද,මේ අපට සන්නිවේදනය පිළිබද ඇති ගැටළුය..
විශ්වයේ පුදුමය කොතැනද සොයා යනවිට අතිතයේ පැවති සිව්සැට කලාව පිළිබද අවදානය යොමු කිරිමට වටි. විෂයන් හැටහතරකින් කින් සමන් විත විශ්ව විෂයන් අතිතයේ පැවතින. ආගම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වෙදකම් ජෝතිෂය කාම විද්‍යාව මේ සියල්ල සිව්සැට කලාව හමුවේ ඇති විෂයන්ය ඒ අනුව විෂයන් නාමිය කරනය කර තිබේ .අදට වඩා මේ ලොව ජිවත් වුවන් සිව්සැට කලාව හමුවේ ජයගෙන තිබේ.අද දකින් විෂය නිර්දේශයන් හමුවේ සියල්ල එකම එකම සිමාවක් තුල රැදි සිටිම විශ්ව සංනිවේදනයේ මග  වසාදමා තිබේ.විද්‍යුත් මෙවලම් ප්‍රබුද්ධ සන්නිවේදනය බවට පත්ව තිබේ.
සිදුහත් බෝසතනාන්ගෙ උපත සිදුවු අවස්ථාවේ තවුසන් විශාල ප්‍රමාණයක් මාළිගයට කැදවා තුන්කල් කියන්නට කී විට සියල්ල පිළිබද විඥණික ක්‍රියාවලියක් හමුවේ මත පල කරන්නට විය.එය වෙනස් ලෙස කොණ්ඩණඥ තවුසා විසින් ප්‍රකාශ කරන ලදි.සියල්ල එසේ වන විට ඔවුන් චන්ද්‍රකා තාක්ෂය අභිබවා ඉරත් හදත් අනෙකුත් ග්‍රාහ වස්තුන්ගේ පිහිටිමත් මැනවින් අධ්‍යනය කර තිබේන බව පසක් වේ.

පලමු රහතන් වහන්සේලා හැට එක් නම අමතා බුදු හිමියන් පැවසු වචන හමුවේ ජන සන්නිවේදනයේ නිර්වචනයක් අපට හමුවේ.ගම් නියම්ගම් සැරිසරන්න තනිව හැසිරෙමින් අවබොද කර ගත්ත සත්‍ය පැහැදිලි කරන්න .මේ ජන සන්නිවේදනය යථාර්තය මත පදනම් වුවක් බවට පත් කල අවස්ථාවකි.තවත් කෙනෙකු කියු දෙයක් පිළිබද අනවබෝදයෙන් ප්‍රකාශ කිරිමක් නොව.සත්‍ය ප්‍රචාරණය හමුවේ යොදවා තිබේ.එම හැට එක් නම තමන් විසින් තම මනසට ලැබු සහනය ශක්තිය තවත් අයට ලබා ගන්නට උදව් කර ඇත.නමුත් ඔවුන් හට තව අයෙකු හට මායා බලයකින් මෙන් රහත්බව හෝ සොවන් ඵලය ලබාදිමක් නැත එම පුද්ගලයින් ලැබු අත්දැකිම බණක් විය සත්‍ය දහමක් විය .අද අපහට නැත්තෙද මෙම ශක්තින් මත පිහිටා සිදු කරනු ලබන ක්‍රයාවන්ය.
අද නිර්වචනය වන ජන සංනිවේදනය මෙලම් භාවිතයෙන් සිදු වුවද දස දහස් ගණනක් වු අතිතයේ තිබු මෙවලම මිනිස් මනස දියුණු කිරිමය.මිනිසා පරිසරයත් සමග ඇති සම්භන්දය පරිසරයෙම සත්වයෙක් ලෙස ක්‍රියා කිරිම හමුවේ පරිසරය තුලින් ලැබු දැනුම සන්නිවේදනයේ මෙවලම් විය.සත්වය හට ඇති විශ්මය ජනක හැකියාවන් අතහැර දමා අප විද්‍යුත් දාරවක් හමුවේ විශ්වාසය තබා ඇත.
මානසික ශක්තින් පිළිබද සිතන්නට වත්මන් පරපුරට ඉඩක් ඉතිරි කර නැත.තිරිසන් සතුන් අතර ඇති සන්නිවේදනය විමසුමකට ලක් කල අතිත මින්සුන් තමන් සතුව එම ශක්තින් තිබේද යන්න සොයා යන්නට විය.තිරිසන් සතුන් සහ අප වෙනස් වනුයේ ශරිරයෙන් පමනක් නොව සිතිමේ ශක්තියෙන්ද වෙනස්වේ.යටි සිත පමනක අවදිව සිටින බවට මතක් තිබේ එය සත්‍ය විය යුතුය.උඩු සිතක් තිබුනා නම් ඔවුන්ද දෙපයින් අවිදින්ට තිරණ ගන්නට සිතනු ඇත.මිනිසා මෙන් රථවහාන නිෂ්පාදනය කරනු ඇත.නමුත් සන්නිවේදනය හමුවේ ඔවුන් භාවිතා කරන ක්‍රමය අති සියුම්ය සංකේත ඉතා අඩුය සුළග සුවද පරිසර වෙනස් විම හමුවේ සියල්ල අවබෝද කර ගනි.තිරිසන් සංනිවේදනය හමුවේ අභියෝග නැත.සියල්ල පැහැදිලිය.භූමිය සමග ඇති පරිසර තලය තුල වෙනස් වන භව තිරිසන් සතුන් හට දැනේ .

මෙම ශක්තින් සිත් දෙකක සන්යුතියක් ඇති මිනිසාට අහිමි වන අවස්ථාව කුමක්ද? උඩු සිත සහ යට සිත පිළිබද අවබෝදය අතහැර දමන්නට සිදුව තිබෙන්නේ කුමන හේතුවක් නිසාද.විඥාණික ශක්තින් ගබඩා කරමින් නැවත නැවත පුරුද්දක් බවට සිතුවිලි පරම්පරාවක් නිරිමාණය වන්නේ කොසේද.අප වර්තමාන අධ්‍යනයන් තුල මෙම ශක්තින් අමතක කර දමා තිබෙන්නේ කාගේ උවමනාවටද මේ සියල්ල අසුන්දර
දියුණු කල මනසක් හිමි අයෙකු හට කල හැක්කේ කුමක්ද එය ඔහු ජන සංනිවේදනයට යොදා ගන්නේ ‍කෙසේද සොයා බැලිම අප ඉවත දමා තිබේ.ඉහල අහසේ ඇති ග්‍රහා තාරකාවන් පිළිබද කළු කුහර පිළිබද එදා කල ප්‍රකාශයන් අද විද්‍යාව සත්‍ය බව පිළිගනි මෙය විශ්මයක් බව අප සිතිම අමතක කර ඇත.විශ්වය පිළිබද අති විශාල තොරතුරු ප්‍රමාණයක් හෙලිකර ඇති අතිත සන්නිවේදනය අප හැල්ලුවට ලක් කර තිබේ.අද අපට සිතන්නට බැරිය රුපවාහිනිය පෙන්වන රුපයන් අප ග්‍රහනය කර එම රූප තුල මනස නගර කර දමයි .පරිඝනකය රදවා ගනු ලබන තොරතුරු අප මනස තුල රදවා ගන්නට නොහැකිව තිබේ.අතිතයේ ත්‍රිපිටකය කට වචනයෙන් මානසික ශක්තින් ප්‍රගුන කිරිම හමුවේ ඉදිරියට රැගෙන පැමිණි බව අමතක කර තිබේ.අද පවතින් සියල්ල එදා මනස තුල මිනිසා රදවා ගත් බව අමතක කර තිබේ.අංක කිපයක් මගින් දුරකථනයකින් අමතන අප නිසි පුද්ගලයා හට අදහස් ප්‍රකාශ කිරිම හමුවේ මිනිසා මත තිබු තවත් අ‍යෙකු හට මනසින් කතා කිරිමේ හැකියාව අමතක කර දමා තිබේ.
අතිතයේ පැවති යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අද බොරුවක් බවට පත් කර තිබේ.එය සිදුවුයේ කෙසේද අතිතයේ මිනිසුන් අතර වසර දසදහස් ගණනක් පැවත ආ මෙම විෂයන් අද මිත්‍යවන් බවට පත් වුයේ කෙසෙද සියල්ල පැහැදිලිය විද්‍යාව තුල පරික්ෂනය නිරික්ෂනය නිගමනය සිදුවිම හමුවේ සියල්ල තිරණය කරයි.එය එක් පුද්ගලයෙකු හෝ කිපදෙනෙකු විසින් සිදු කරන ක්‍රියාවකි.සමස්තය එය පිළිගනි.එම ප්‍රශ්ණයට විසදුම එතැනින් නවති.මන්ත්‍ර සහ යන්ත්‍ර පැවත එනු ලබන මුලික ක්‍රියාවලිය ඉතාසියම් වන අතර එය මනස දියුණු කල අයෙකු විස්න සිදු කරන ක්‍රියාවකි .අද මනස දියුණු විමට සුදුසු පරිසරයක් නොමැත.මනස මිනිසා විසින් පරිසරයේ සිදු කරනු ලැබු වෙනසත් සමග අක්‍රියව තිබේ.මනසින් සිදු කරනු ලබන ශක්තින් විකාශනය ලෙහෙසිය පහසුය එයට එසේ විමට නම් ප්‍රගුන කිරිම වැදගත් ලක්ෂනයකි.අද එම ප්‍රගුන කිරිම සිදු කරන අයුරු සිතන්නට අවස්ථාවක් නැත.පරිසරයත් සමග අවශ්‍යතාවයන් නිර්මාණය වී තිබේ .දවස ගත කරනුයේ එම අවශ්‍යතාවයන්  මුලික කර ගනිමින් ක්‍රියා කරන්නටයිද.
මන්ත්‍ර විද්‍යාව මනසේ එක් තැනක ඇති කරනු ලබන බලයක් වේ .එය පරිසරයේ ඇති මුල කොටස් හමුවේ වර්ධනය වේ .බුදු දහම අනුව නම් පංච මහා භූත කොටස් මත තිරණය කර විග්‍ර කරනු ලබයි.අතිත වෛද්‍ය විද්‍යාව හමුවේද මෙම විෂය පිළිබද විමර්ශනය කරනු ලබයි.යම් ශක්තියක් උපදින අයුරු අද අප කතා කරනු ලබන්නේ විද්‍යාත්මක සත්‍යතාවක් මතය.ජල විදුලිය නිර්මාණය වනුයේ ටබයින්යේ ඇති වන එක හා සමාන බ්‍රමණය මතය.එය එසේ වන්නේ නැතිනම් විදුලියක් නිර්මාණය වන්නේ නැත.මනස එක හා සමන වේගයකින් එක කරුනක් පිළිබද කුයා කරවිම මේ හා සමානය එය ප්‍රගුන කිරිමට ගතවන කාලය ඉතා දිගු බව අපට සිතේ එසේ නොමැත එය දිගු හෝ කෙටි වන්නේ මනසේ පවතින් ශක්තින් මතය.මෙම ශක්තිය අමතක කර එම මන්ත්‍ර ශාස්ත්‍රය අනවබෝදයෙන් භාවිතා කිරිම හමුවේ එය මිත්‍යවක් බවට පත්වේ.

මෙම කරුණ පැහැදිලි කරනට වර්තමාන අවස්ථාවක් පිළිබද අවදානය යොමු කල හොත් අප සිනමා ශාලාවක සිට මිනිසුන් මැද සිට එය නැරඹුවද අප හට එය මද වෙලාවකට පසු අමතක වේ .අප සිනමා පටයේ ඇති නව නළු රසයට අවදානය යොමු කිරිම හමුවේ එම චාරිත අප අරෝපනය කර ගනි.අපටද තරහ වෛයිරය බිය සැකය නිරිමණය වේ .මේ සිදුවිම ඉතා සරලය අප එම සිනමා පටය නිමා වු විට නැවත පියවි සිහියට පැමිණේ අපට ඇතිවන පුදුමය නම් අප මෙතෙක් වේලාවක් සිට ඇත්තේ සිනමා ශාලාවේ බව පසක් විමය.එය සටන් ජවනිකා රැසකින් සමන් විත නම් අප එම ශාලාවෙන් පිටවන් විට අප හට සටන් කිරිමට ශක්තියක් ඇතිවී තිබෙනු දක්නට ලැබේ .එය බොහො විට සිදු වනුයේ අප ග්‍රහනය කර ගනු ලැබු චරිත සමගය.නොමැති නම් භිතියෙන් සිටින්නෙකු බවට පත් විය හැක.
මෙම ක්‍රියාවාලිය මනසත් සමග ඇති භයනක ගණුදෙනුවක ප්‍රථිපලයක් බවට අප සිත්නට යන්නේ නැත.සත්‍ය නම් මනස, සිත, ටබයිනය, එක හා ශක්තින් ප්‍රගුන කරන අවස්ථාවන්ය.අතියේ සන්නිවේදනය අති ප්‍රභල වන්නේ එම නිසාමය.විශ්ව ගම්මාන සංකල්පය අදට වඩා අතිතයේ පැවතින.එය පුදුම විමට කරුනක් නොව ප්‍රගුන කිරිමට සුදුසු දෙයකි .ගැටළුව නම් මෙම විෂයන් ප්‍රගුන කිරිමට සුදුසු පරිසරයක් අපට තිබේද යන්නය.අප යන තරගකාරි අන්ද ගමන තුල මෙම ශක්තින් අමතක කිරිම හමුවේ නැවත නැවත එම තත්ත්වයට පත්විමට හැකිද යන්නය.විශ්වයේ ඇති සියල්ල අතිතයේ පවසා තිබේ .අද අප විද්‍යාව තුලින් එම දෙවල්ම සොයා ගනි එම කරුණු දශමයකින් වත් වැරදි නැත.එම සිද්ධාන්තය ජෝතිෂය මගින් ඔප්පුවේ එම විෂයද අද පොතකට දෙකකට සිමා කර තිබේ අතිතයේ එසේ වුයේ නැත. එයද මනස දියුණු කිරිම හමුවේ ගණනය කර ලබා ගන්නා දැනුමක් බවට පත් කර තිබිණ.
අතිතයේ පැවති ශිෂ්ඨාචාර පිළිබද අද අප සොය බැලුවද එම ශිෂ්ඨාචාර පිළිබද කිසිවක් අපහට ඉතුරුව නැත.එය භෞතික භාණ්ඩ රැසක පරික්ෂනයක් පමණය.නමුත් මනස පිළිබද සොයන්ට ඇමරිකානුවන් ඇතුළු බටහිර මිනිසුන් අද වන විට තම ශක්තින් භාවිතා කරමින් සිටි.ඒ ඔවුන් වයර් කැබලි එකතු කර නොව මනස පිහිටුවා ගැනිම හමුවේය.බුද්ධගයා භූමයේ අද වන විට සිටින බටහිර ජාතිකයින් අප මෙන් මල් පුදමින් සිටින්න නොව මනස පිහිටුවා ගැනිමට පරික්ෂන සිදු කරන්නය.
සරල බව තුල මනස පිහිටුවා තම මනස තුල පිහිටා ඇති ශක්තිය, එම ශක්තිය හොද මට්ටමකද පවතින්කද ,එය වෙනස් විය යුතුද,වෙනස් කරන්නට සිදු කල යුත්තේ කුමක්ද, විශ්වය සමග ගණුදෙණූ කරන්නට නම් සිදු කල යුත්තේ කුමක්ද,මනස තුලින් ලොව දිනු දර්ශනිකයින් දැරු ප්‍රගුණ කල මාර්ග මොනවද, දකුණු අසියාව තුල මෙම දර්ශනයන් ඇති විමට බලපැ කරුණු මොනවද,අද වන විට ආසියාව තුලින් මෙම ශක්තින් අඩුවිමට හේතුව කුමක්ද,මේ සියල්ල ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක් කිසිවෙකුටවත් ඇතුළු විමට ඉඩ නොතබා පරික්ෂන කරනු ලබයි.
අප රට සතු වටිනා ශාකයන් පිට රැටියන් ගෙන ගොස් තම අයිතින් පැවසු බව අප අවේග ශිලිව පැවසුවද අප සතු මානසික ශක්තින් අද එම රටවල පරික්ෂනයට ලක් කරන බව දකින්නේ නැත.අප විදේශිකයන් විසින් ලබා දුන් විෂය නිර්දේශයන් මත යැපෙමින් එක තැනක අන්දව සිටි.අප ඔවුන් විසින් ලබාදුන් ජන සංනිවේදන නිර්වචන නැවත නැවත වසරින් වසර ලියමින් සිටි.මානසික ශක්තින් තුල ජන විඥනයට කතා කල අතිත පුරවැසියාගෙන් පැවත එන අපහට අප දන්නා විෂයන් මිත්‍යා විශ්වාසයන්ය.දහඅට සන්නිය අද විශ්වවිද්‍යලයේ අධ්‍යනය කරන නටන දෙයක් බවට පත් කර තිබේ.ආතුරයාගේ මනස පමනක් නොව කට්අඩියගේ මනස පිළිබද වෙනසක් එම අවස්ථාවේ ඇති වන බව අමතක කර දමා තිබේ.නාට්‍යමය ජවනිකාවක් බවට නිර්වචනය කර එය කෙටි මානසික විද්‍යා මුලධර්මයකට කොටු කර තිබේ.
සියල් පැහැදිලි නැති වන්නට පිළිවන අප අද ජන සංනිවේදනය යටතේ නිර්වචනය කරනුයේ පුවත්පත් රුපවාහිණි අන්තර්ජාල ඇතුළු කරුනුය.නමුත් අතිතයේ පැවති සංකිර්ණ ජනසංනිවේදනය හමුවේ නිරිමාණය වු විශ්ව ගම්මානය අදට වඩා ප්‍රභලය.එසේ නොවන්නට අප ලක් දෙරණට බුදුන් වහන්සේ තුන්වරක් පැමිණි බව සදහන් වන්නේ  දුරකථන ඇමතුමකින් විය නොහැකිය.
සැම දිනකම බුදුන් වහන්සේ තම මනසින් යම් අයෙකු හට උපකාර කල යුතුද යන්න සොයා බැළුයේ 119 පණිවිඩ මගින් නොව මනස දියුණු කිරිම හමුවේය.තමන් හට ඇති වන උපද්‍රව හමුවේ ස්භාවය මගහැර ගියෙද මෙම ශක්තිය නිසාමය.බුද්ධත්වයට පමනක් මෙම ශක්තින් සිමා වුයේ නැත.රහතන් වහන්සෙලා මෙන්ම සොවන් වුවන් එමෙන්ම අන් ආගමික ශාස්තෘවරුන් මෙම ශක්තින් යම් යම් අයුරින් දැන සිට තිබේ.කාම සුකල්ලිකානු යෝගි බවද ශරිරයට දැඩි ලෙස දුක් දිම හමුවේ සෙවුයෙද මෙම ශක්තින්මය.අප රට තුල අතිතයේ සිටි ජනතාව මෙම ශක්තින් ප්‍රගුණ කර තිබේ.එය රාවනා යුගය දක්වා දිවෙන බව විශ්වාස කෙරේ.
පරිසරය තුල සිදුවන වෙනස් කම් වන සතුන් ඉතා ඉක්මනින් අවබෝද කර ගැනිම සත්‍යක් බවට දක්නට ලැබේ.සුනාමිය අවස්ථාවේදි කුමණ අභය භුමිය ආසන්නයේ සිටි සතුන් මිය ගිය බවක් අස්නට නැත.වන ජිවි නිළධාරින් පවසන පරිදි තමන් විසින් දුටුව සියළු සතුන් එම වනය තුල ජිවත් වන බවය.පරිසරයේ වෙනස කුහුඹුවා හදුනා ගනි.මේ සියල්ල හමුවේ ඇත්තේ පරිසයේ ඇති ශක්තිය හදුනා ගැනිම හමුවේ යමක් සිදු කල හැකි බවය.එසේ නම් යටි සිත පරිසරයත් සමග ගණු දෙනු කරන බවය.උඩුසිත පංච ඉන්ද්‍රන් හමුවේ ක්‍රියා කරනු ලබයි.එවිට විශ්වයත් සමග ගණූ දෙණු කිරිම මිනිසා නවතා දමන බවය.
මේ තර්කය ඉතා ප්‍රභලය ඔබට සිතන්නට කරුනක් ඉතිරිවේ එනම් තිරිසන් සතුන් යටි සිත මත ක්‍රියා කිරිම හමුවේ අධික ශක්තින් ඇත්තන් බවට පත් වීය හැකිද යන්නය.
උඩු සිතක මගිමය නිසාම මිනිසා එක් එක් නිර්මාණ සිදු කරයි .මිනිසා මිනිසේක බවට නිරිවචනය කරනු ලබන්නේ මේ හේතුව නිසාම තිරිසනා හට තර්ක කිරිමට උඩු සිතක නැත.එයට පරිසරයක් එහි නිර්මාණය කර නැත.ඉතා කෙටි සංනිවේදන ක්‍රම කිපයක්, ශරිර අවයව මත ඇති පහසුව සහ දකින් දේ තුල ඇති පාරම්පරික ක්‍රියා වලිය මත සිදුවන ක්‍රියාවලියක් තිරිසනා සතුවේ.
එම හේතුව මත සිදුවන යම් වෙනසක් තම ජිවිතයට තර්ජනයක් බව සිතන්නට තිරිසනා හුරුව තිබේ.ඒ අනුව පරිසරයේ ඇතිවන සියුම් වෙනස් කම් මත තිරිසන් සතුන් තම චර්යාවන් වෙනසකට භාජනය කරනු ලබයි.නොමැති නම් එය බුද්ධියක් බවට පත් විමක් නැත.
එය විද්‍යා ඇසකින් බලන්නට නම් හොදම මග වන්නේ පොලිස් නිළධාරින් තම සුනඛයින් පුහුණු කරන අකාරය අනුව යම් සුවදක් හැඩයක් මත ක්‍රියා කිරිම සිමා විම් දකින්නට ලැබිමය.
මිනිසා එසේ නොව මනස තුල සන්නිවේදන ක්‍රමයක් නිර්මාණය කර ගනු ලබයි.එය උඩු සිත සහ යටි සිත ලෙසය.මෙම සන්නිවේදනය උඩු සිත ලබා ගන්නා දැනුම මත තිරණය වේ .එයට බාහිර ශක්තිය වශයෙන් තිබෙන ශරිරය මුලික කර ගනු ලබයි.එහි පංච ඉන්ද්‍රන් සමග ගණුදෙනු සිදු කරනු ලබයි .ඇතිවන අරමුණ සමග ගලපා ගැනිමක් සිදුවේ.මනස පරිසරයත් උඩු සිතත් සමග ගැලපිම මත විශ්ව මානසික සන්නිවේදනය ආරම්භ කරනු ලබයි .
අද වන විට එය සිදු කිරිමට හැකියාවක් ඉතිරි කර ගන්නට තරග කාරි ලොව තුල හැකියාවක් මිනිසාට නැත.නමුත් මේ විශ්වයේ කොතනක හෝ මානසික ජන සංනිවේදනය හදුනා ගත් එය වැඩි දියුණු කල පිරිසක් සිටිය හැකිය .එය එක් තැනක නොව තනි තනිව විය හැක.ඔබද මිනිස් මනසක් හිමි අයෙකු වන බැවින් යමක් වටහා ගැනිම හමුවේ මෙම කරුණු අවබෝද කර ගනු ඇත.
 මෙම හේතුව නිසාම මිනිසා අතර අවිශ්වාසය නිර්මාණය වේ.එකිනෙකා හදුනා ගැනිමට ඇති ඥාණය හිනවේ ආදරය කරුනාව දයාව ඇත්වී යයි.මනස අන්ද විම හමුවේ සංනිවේදනය අක්‍රියවේ.


4 comments:

  1. මේ තියෙන්නේ පට්ට විදියටම ලියලා... මේ පෝස්ට් එකේ ලිංකුව එෆ් බී එකට දාන්න මලයා.

    ReplyDelete
  2. ස්තුති නලින් මහත්තයා සුවිසැරියට ගොඩවුනාට මම fb එකට මේ කතාව දැම්මා

    ReplyDelete
  3. වටිනා ලිපියක්.

    ReplyDelete
  4. ලිපිය ඇගයිමට ලක් කිරිම ගැන සතුටුයි ස්තුති arugeadaviya

    ReplyDelete