Sunday, November 24, 2013

සුවිසැරිය පිටුපස ඇති ශක්තිය


මට මේ විදියට ලියන්න උනන්දු කරන්න ගොඩක් මහන්සි ගත්තේ දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්ති කතෘ නලින් දිල්රුක්ෂ මහතාය.ලේක්හවුස් ආයතනයට මා මුලින්ම ගියපු දවසේ ඉදලා මම ලියන කියන දේවල් වල හොද නරක කියලා, මේ මාවත නිර්මාණය කරලා දුන්න මතකය අමතක කරන්න බෑ. ඒ බව කියන්න මම කැමති.

මේ බ්ලොග් අඩවිය නිර්මාණය කරන්න මම 2009 වසරේ පටන් ගත්ත නමුත් එය නිර්මාණයක් ලෙස දකින්න නොහැකි විම හමුවේ නලින් දිල්රුක්ෂ මහතාගේ සමකය වටේ බ්ලොග් අඩවිය හරහා මා සතු නිර්මාණ  පලකිරිම හමුවේ මා සතුටු වුණේමි.
 ඔහු මේ ගමනට ලබා දුන් සහය කියා නිම කිරිමට නොහැකිය.
 මේ අතර තුර මට තවත් බ්ලොග් අඩවි සැරිසරන්නෙකු මා හට හමු විම සුන්දරය ඔහු සුලක්කන චාමරය මේ සුවිසැරිය ගොඩනගන්නට දින කිපයක සිට අත දෙන්නෙකි.
සුවිසැරිය තුලින් දැන් මා දකින ලෝකය ඔබ වෙත ගෙන එන මාවත නිර්මාණය කර හමාරය. මේ නිර්මාණය ගෙන  එන්නට හයියක් වු  නලින් දිල්රුක්ෂ මහතාටත් සුලක්කන චාමර   සගයාටත් මාගේ ප්‍රනාමය



2 comments:

  1. මෙතනට ආවෙත් නලින්ගේ ලිංක් එකක් දිගේ , “අගේ ඇති සුන්දර අගය කිරීමක් මිත්‍රයා“ , පුළුවන් නම් මේ word verification අයින් කරන්න .

    ReplyDelete
    Replies
    1. මේ සොදුරු අඩවිය ඇරඹුමත් සමග නැවුම් වු කොමන්ටුව ලියා දිරිමත් කිරිම ගැන ස්තුති මහේෂ්. අඩුපාඩු කියන තරමට මට මෙය ගොඩ නගන්න ශක්තියක් ලැබේවි .

      Delete