Monday, November 25, 2013

සෙල්ලම් පිස්තොල සහ මෙරට තුල ඇතිවන ගෝත්‍රිකරණය




 මුඛ පරම්පාරවෙන් ගෙන එනු ලැබු මම ඔයාට ආදරේ කියන වචන සහ දින ගණන් හිත හිතා ලියපු ආදර හසුන් අප සමාජයෙන් ඈත් වෙමින් පවතින සමයක පත්තර පිටු පිරේනකම් දකින්ට ලැබෙන්නේ අමානුෂික මිනිමැරුම් සහ ලිංගික වදහින්සනයනය .පියා සහ දියණිය අතර සම්භන්දය මෙන්ම ගුරුවරුන් හා සිසු සිසුවියන් අතරද නිර්මාණය වි ඇත්තේ දුක්මුසු කතන්දරය.අනියම් සබදකම් හමුවේ ඝාතන දිනෙන් දින වැඩිවේ.



මේ දිනවල පත්තර පිටු පුරවන්නට මේ කතා මුලික වී තිබුම හමුවේ සමාජයේ අති විශාල බිදවැටිමක් දක්නට ලැබේ.මනසින් උසස් වු මිනිසා දිනෙන් දින ගෝත්‍රික සමජයෙන් ඈත් විය යුතු බව පැවසුවද අපහට දක්නට අසන්නට ලැබෙනුයේ ඊට හාත්පසින්ම වෙනස් වු සිද්ධින්ය.
සර්ව ආගමික සංහිදියාවක් ඇති මෙරට තුල ආගමානු කුල විවරණයක් දක්නට නැති තරම්ය.උප්පැන්නයෙන් තමන් උපන් ආගම ගැන කතා කරන මිනිසුන් ආගම ආභරණයක් පමනක් කර ගෙන සිටින බවක පමනක් පෙනෙන්නට තිබේ.මේතරම් බණ කියන බණ අහන සමාජයක් වල්මත් විම පුදුම සහගතය.පුවත් පත් වල වර්තා වන සිද්ධින් අප හට දැනේන අකාරය පිළිබද විමසුමක් කල යුතුය පුවත් පත් තුල එම සිද්ධිවාර්තා විම හමුවේ රටේ පවතින නීති තව දුරටත් ශක්මත් වනවාද නොමැති නම් ලිහිල් වනවාද සිතාගැනිමට බැරිය.මෙවැනි දුක්මුසු පුවත් හමුවේ සමාජය දැනුවත් වි එයට විසදුම දියයුතු වුවද එසේ වන්නේ නැත. දිනෙන් දින අමානුෂික සිද්ධින් වාර්තා විම වැඩි වී තිබේ.

පසුගිය දින කිපයතුල ගුරුවරියක් විසින් තම පාසලේ අවුරුදු 13ක සිසුවෙකුට අයුතු ආරාධනයක් කිරිමත් වයස අවුරුදු හතලිහක් පමන ගුරුවරයෙකු තමා විසින් උගන්වනු ලබන සිසුවියකගේ නිදන කාමරයට පැන ළමා අපචාරයන් සිදු කිරිමත් පුදුම සහගතය.මාස ගණනාවක් තම ලේ කිරිකර පොවා හැදු දරුවා අනාගතයේ හොද පුරවැසියෙකු කරලිම සදහා විශ්වාසයෙන් ගුරුවරුන් හට භාර කිරිමත් ඒ ගුරුවරයා එම දරුවා අපචාරයනට ගොදුරු කිරිමත් තිත්ත කොළමක් බවට පත් වන කරුනක්ව ඇත.
අද වන විට ටියුෂන් පංතියට තම දරුවා නොයනවා නම් විභාගය සමත්විම අපහසු බව මතයක්ව පවති.මේ මතය නිරිමාණය විම හමුවේ මෙරට පාසල් දරුවා සුරක්ෂිත භාවයෙන් මිදි අනාරක්ෂිතවිම නිර්මාණය වේ. පෞද්ගලික පංතිකාරයන යන දරුවා පිළිබද සොයන්නට දෙමාපියන්ට වේලාවක් නැත ,නැතිනම් ළමයා නිවසේදි දෙමාපියන් හමුවේ දැඩි විශ්වාෂයක් ගොඩ නගා ගැනිම හමුවේ දරුවා පිළිබද නොසොයා සිටින්නට පුරුදුව තිබේ.නමුත් අහිංසක අංගුලිමාල බවට පත්කිරිම සිදුවුයේ ගුරුවරයා විසින් බව අප සාමාජයට අමතකව ඇත.මෙරට නිදහස් අද්‍යාපනය හමුවේ ගුරුවරයා විසින් පාසලේදි උගන්වන විෂය නිර්දේශය පාසලෙන් පිටතදි උගැන්වු විට ඉගනිමට ලැබෙන බලයත් පාසල තුල එම තත්ත්වය නොමැති විමත් පුදුම සාහගතය.විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ පත්‍ර සකසණුයේ බාහිර පංති පවත් වන ගුරුවරුන්ගේ නිර්දේශයට අනුව බව පසක් කරමින් මෙරට අධ්‍යාපනය පාසලෙන ගිලිහේමින් පවති.එම තත්ත්වය රැල්ලක බවට පත් විම හමුවේ පෞද්ගලික කරණය වු පාසල් සමාජයක් ඉබේ ගොඩනැගි ඇති අයුරු දක්නට ලැබේ.මෙම තත්ත්වය හමුවේ හුදෙකලා වන පාසල් සිසු සිසුවියන් තම ළමා ජිවිතය වැඩිහිටියෙකු බවට පත් කර ගනිමින් අකලට වැඩෙන මිනිසෙක් වට පතව තිබේ.
අද වන විට කුඩා කාමර කිපයක් නිර්මාණය කර ගත් හෝටල් හිමියන් සහ මහමග සිටින ත්‍රිවිල රථ රියදුරන් පාසල් යන යෝවුන් වයසේ සිටින දරුවන් හට තම නිදහස සොයා යමට ඉතා සැලකිල්ලෙන් උදව් උපකාර කරනු ලබයි. මහමග යන අයට පෙනෙන මෙම සිදු විම් නිවසේ සිටින දෙමාපියන් දැන ගන්නා විට සියල්ල සිදුවී හමාරය .එය බොහොවිට දැන ගනුයේ විභාගයෙන් අසමත් විම හේ නොමැති නම් වෙනත් භයානක සිදුවිමකට පසුවය.අතිතයෙදි මෙරට ආදරය ගම්පෙරලියේ පියල්ට සහ නන්දා අතර වු ලිපි හුවමාරුවක් බවට පත්ව සියල්ල බුද්ධිගොචර සමාජයක සිද්ධියක් බවට පමනක් පත් විය.විටෙක එය ගොළු හදවත නවකතාවට සිමාවුවක් විය .සමාජ පෙදු නිගමනයක් බවට ඒ ආදරය පත් වු බව එදා ආදරය කලවුන් දනි.අද එය එස්. එම්. එස් .එකක් බවට පත්ව කාමරයක් සොයා යන්නාවු ලිංගිකතවයක් බවට පත්ව තිබේ.ජංගම දුරකථන භාවිතය සුදුවක් බවට පාසල ළමුන් අතර ප්‍රචලිතය .ව්‍යපාරිකයෙකුට හෝ යම් නිළධාරියෙකු හට ජංගම දුරකථනය බොහොවිට වැදගත්වේ .නමුදු පාසල් යන වයසේ ළමුන් හට විවිධ වු මාදිලියේ දුරකථන ලබා දෙන මව්වරුන් පියවරුන් ගැන නිර්වචනය කල නොහැක.එය පාසල් සිසුවෙකු තම ජිවිතයම අදුරු කර ගන්නා සුන්දර මෙවලමක් බවට පත්ව ඇත.

මෙම සමාජ විලම්භිත හමුවේ අනාගත පරපුර රැකගැනිමට කුමක් කල යුතුද යන්න මේ වන විටත් කිසිවෙකුත් සිතා නොමැති බව අපහට හැගෙ.
පංසල පල්ලිය පාසල මහමග තම දරුවා ගිලගන්නාවු සමාජ පද්ධතියක් බිහිවිම හමුවේ නිහඩව සිටින අප මැයි දිනයට කම්කරුවන්ට හිමි නමුත් එහි බුක්තිය දේශපාන පක්ෂයකට සින්නකර කෑ ගසන්නාක් මෙන් පඩි වැඩිකරපියව් කියමින් හඩනගන සමාජයක අප රටේ දිනෙන් දින සිදුවන අපරාධ අඩු කරපියව් කියන පිරිසක් බිහිවි නැත.විශ්වවිද්‍යාල වල සිටින නිදිමත හැදෙනකම්  දේශන තියන ආචාර්යවරුන්ද මෙම ප්‍රශ්ණයේදි මගහැර ගොස් ඇත.සමහර ටියුෂන් මාස්ටර්ලා මේ ගැන කතා කරන්නේ නැත. කතා කරන්නේ ආදරය සුන්දර වරදක් පමනක් බව පවසා දෙපැත්ත කැපෙන කුණුහරුපයක්ද උගන්වමින්.
පාසල හැරුණු විට ආරක්ෂක අංශවල නිළධාරින් වෙනුවෙන් වෙනම මිනිමැරුම් වාර්තාවේ.යුද්ධය නිමා විමත් සමග රටේ කොතනක හෝ කැපිම් කෙටිම් පිටුපස පොලාසිය හෝ ත්‍රිවිද හමුදාවේ නමක් ගෑවි තිබිම සාමාන්‍ය සිද්ධියකි.රට යන අත නිර්වචනය වන විට රට පුරා මාර්ග පද්ධතින් ඇතුළු භෞතික සාධක සංවර්ධනය වේ එනමුත් මෙරට ජනතාවගේ මිනිස් මනස විකාර වී යක්ෂයා ආරුඩව ඇත.


හෙට දිනයෙදි දකින්නට අහන්නට ලැබෙනුයේ මෙවන් සිදුවිම් නම් ශිෂ්ඨ සම්පන්න සමාජයකට නිදහස් අධ්‍යාපනය තුලින් උගන්වා ලබන ප්‍රථිපලය මෙය විය හැකිද. රටට ආදරය කරණ ලංකිය ජනතාවක් තම ගමට ජනතාවට ආදරයකරන පරිසරයක් පවුල තුල විශ්වාසය ගොඩ නැගිමක් හොද නරක හදුනා ගත හැකි වැඩිහිටි පරපුරක් හදන ක්‍රමයක් අපට උවමනා කර තිබේ.
මෙරට සංවර්ධනයට භෞතික සාධක පමනක් නිර්මාණය විම පමනක් සැහෙද යන්න විමසා බැලිමට සියළු දෙනාහට ප්‍රඥාව පැදේවා.


5 comments:

  1. කමෙන්ට් එකක් නොදා යන්න බැරි කරුණු කීපයක්ම මේ පෝස්ට් එක ඇතුලෙ තියෙනවා...

    ‌මේ කියන කරුණු ඔක්කොම වරද්දගත්තෙ මීට වැඩිහිටි පරම්පරා තුනකට විතර කලින්... මගේ අදහසේ හැටියට වරදින්න හරි හරියන්න හරි මේ යන්නෙ අන්තිම වැඩිහිටි පරම්පරාව.... අපිත් වරද්දගත්තොත් මෙතනිත් එහාට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ...

    අපි වරද්දගත්ත තැන් මට හිතෙන හැටියට..

    1. යුද්ධේ... ( සෙල්ලම් තුවක්කුත් එක්ක පොඩි කාලේ ඉඳන්ම යුද මානසිකත්වයක් ඇති පරම්පරා කීපයක් හැදීම..)
    2. අධ්‍යාපනය.. ( ඒ පරම්පරා ටිකට සෝමාරි, කටපාඩං අධ්‍යාපනයක් දීලා මෙලෝ දෙයක් හිතන්න බැරි, අතීතය තලු මරමරා ආවර්ජනය කර කර ඉන්න ( හරියට අර වංසේ කබල් ගෑව ගම දුවගේ අම්මා තාත්ත වගේ) රොබෝලා කොට්ඨාසයක් වෙලා අද වෙනකොට වැඩිහිටියෝ වෙලා ඉඳීම)
    3. රැකියා... ( උඩ කතන්දරේම තමයි)
    4. තාක්ෂණය.. ( ඔය උඩ කියපු කොට්ඨාසෙට දරාගන්න බැරි තරම් බර තාක්ෂණයක් දීම.. වඳුරට දැලි පිහිය හම්බුනා කිව්වෙ ඔන්න ඔය වගේ වැඩ වලට තමයි...)

    ගාල කඩාගත්ත රොබෝ හරක් ටිකක් වගේ අයාලේ ගිය වැඩිහිටි පරම්පරාවක් එක්ක නිදහසේ හිතලා ගෝත්‍රිකයෝ නොවී, සමාජයට වෛරස් එකක් නොවී ජීවත් වෙන්න පුලුවන් ඊළඟ පරම්පරාවක් හදන එක ලේසි වෙන්නෙ නෑ... ඔය උඩ කියපු කරුණු ටිකට ඉක්මන්, සාධාරණ විසඳුම් ටිකක් හොයාගන්න ඕනෙ.. මේක හරියට පඩි වැඩිකිරීම් ඉල්ලනවා වගේම අත්‍යාවශ්‍ය දෙයක්.. නැත්තං වෙන්නෙ රටට ආදරේ පැත්තක තියලා අඩුම ගානේ තාක්ෂණයට හරියන නීනි පද්ධතියක්වත් තියෙන රටකට බෝට්ටුවකින් හරි යන්න.. වෙන කරන්න දෙයක් නෑ...

    ( මේකට දිග කමෙන්ට් එකක් දාන්න ඕනෙ.. එතකොට ඒක තවත් පෝස්ට් එකක් වෙන හින්ද මං ඒ වැ‌ෙඩ් අතාරියා.)

    ( අපි word verification අයින් කරමු නේද... ඒකත් එක්ක කමෙන්ට් කිරිල්ල ටිකක් වාතයක්... හි හි Settings - Post and Comments - Word verification = NO කළාම හරි..)

    ReplyDelete
  2. සෑහෙන හොඳ පෝස්ට් එකක්...ඔයාගේ කරුණු හා හිරු අක්කා කියන කරුණු කාරණා ටිකත් එක්ක එකඟයි..

    සමාජය ගැන මාධ්‍ය ඔස්සේ දිනපතා අහන්න දකින්න ලැබෙන්නේ කලකිරෙන කාරණා..මේ සමාජ හැදියාව කොහොම කොහෙන් පටන්ගන්නද කියන දේ හිතා ගන්න අමාරුයි/.. දෙමව්පියන්ට ඉදිරි පරම්පරාවත් එක්ක ලොකු දෙයක් කරන්න පුළුවන් වේවි...නමුත් දැන් දෙමව්පියන්ගේ කාර්යබහුලත්වය එක්ක තාක්ෂණික මෙවලම් හා සම්බන්ධ කාරණා වලදීත් හරි දේ කියා දෙන්න වෙලාවක් නෑ...වෙලාවක් නෑ නෙවෙයි වෙලාවක් හොයාගන්නෙ නෑ....හැමදේම පහසුව ගැන විතරක් හිතුවාම හුඟක් දේවල් මග ඇරිලා යනවා..

    ReplyDelete
  3. මේ කතාව ගැන අපි සුළුවෙන් හිතන්න ගන්න උත්සහය අනාගතයේ විශාල හානියක් අප සතු කර ගැනිමක් කියලා තිරණ්‍ය කරන්න පුළුවන් .එකට විසදුම් සෙවිමට හැකියාවක් අප සතුව තිබෙන බව හිරු කියන කාතවෙනුග් රෙහානි කියන කතාවෙනුත් දැනෙනවා ස්තුති කොමන්ටුවක් දාලා මේ කතාව පුරණය කරාට අපි ගන්න මේ උත්සය සාර්ථක කර ගන්න තරමට රටට යමක් සුභදායක විදියට කරා කියලා සතුටු වෙන්න පුළුවන්....පුළුවන් නම් මේ කතාව තව ඉදිරිට ගිනියන්න උදව් කරන්න මේ පොස්ට් එක දන්න අයට බලන්න කියන්න

    ReplyDelete
  4. චන්දන මගේ උණුසුම් සුබ පැතුම්.. මේ පෝස්ට් එක තුළින් මැනවින් පේනවා ඔබ තුළ සැගව තිබූ හැකියාවන් එළියට පැමිණෙමින් ඇති වග. ඔබ වැන්නවුන්ගෙන් විය යුත්තේ මෙයයි... යමු දිගටම.

    ReplyDelete
    Replies
    1. සතුටුයි මේ කොමන්ටුව දැක්කම. දැන මේ ගමන ටිකක වේගවත් වෙන්න පුළුවන් දිරිමත් කරණ වචනවල ශක්තියෙන්.ස්තුති මට මේ විදියට ලියන්න පාර කියලා දුන්නට උනන්දු කරාට හැම වේලාවෙම.

      Delete