Thursday, November 28, 2013

අය වැයෙන් වැඩක් ගන්නට නම් පෙනේරය හන්ගන්න වෙයි........



අයවැයත් සමග අප රටේ ජනමාධ්‍යට විශාල වගකිමක් දැරිමට සිදු විය.එයට පක්ෂව හෝ විපක්ෂව කතා කිරිමට සහ නිදහසේ සිද්ධිය වාර්තා කර ජනතාව හට අය වැය ප්‍රවෘත්තියක් බවට පත්කිරිමට සිදු විය.මෙම අය වැය මේ මාසයේ කතා කර ලබන මාසේ නත්තලින් නීමාවට පත් කරනු ලබයි.පසුව නත්තල් සිරියෙන් බැබළුන පරිසරය හමුවේ අය වැයක් පාර්ලිමේන්තුවට ඉදිර පත් කලද කියා ජනතාවට මතක නැත.පසුගිය වසරවලද සිදු වුයේ එසේය.

අය වැය මෙරට සංවර්ධනයට ඉවහල් වන සහ ලංකාවේ යාන්ත්‍රිය පද්ධතිය ක්‍රියා කරවන මුල්‍යමය සංස්කෘතියේ නිර්ණායකය බව කුඩා දරුවාද දැන් සිටි.මිට වසර කිපයකට පෙර උදේ සිට හවස හය පමන වන තුරු රොනිද මැල්මහතා ඉදිරිපත් කරන අයවැය පැය කිපයකින් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කර නිමාවට පත් කරන ලදි. ඇතැම් අය මේ වෙනස ගැනද කතා කරනු අසන්නට ලැබේ.යුද්ධය නිමාට පත් කර සංවර්ධනය කරා රට ගෙන යන්නට මෙම අයවැය ඉදිරිපත් කරන බව ජනාධිපති මගින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස ප්‍රකාශ කර සිටි.එය ඉතාමත් වැදගත්ය එය සිදුවිය යුත්තකි.

නමුත් හැබැවටම අයවැය සහ මෙරට සංවර්ධනය පිළිබද විවෘත ලෙස කතා කල විට අසන්නට දකින්නට ලැබෙන දෙයට වඩා දෙයක් අප ඇස් පනාපිට දක්නට ලැබෙන අවස්ථා සහ අසන්නට ලැබෙන අවස්ථා රාශියක් මේ සංවර්ධය පිටු පස දක්නට ලැබේ.අය වැයෙන් සෙල්ලම් කරනුයේ මෙරට ජනතාව විසින් කැමැත්තෙන් හො අකමැත්තෙන් ලබාදෙන බදු මුදල් වලිනි .නොමැති නම් පිට රටවලින් ලබා ගන්නා ණය අධාර වලිනි. ජනතාව විසින් ලබාදුන් මේ බදු මුදල් සියට සියක් නිසි ලෙස ජනතාව අතරට නැවත යනවද නොමැති නම් එය කොතනක හෝ තැනක කවුරුන් හෝ තම සුකවිහරණ වෙනුවෙන් තවත් පරම්පරා ගණනාවකට ඉතිරි කිරිම් වශයෙන් තබා ගන්නවද යන්න ගැටළුවකි .
රජයේ සේවකයින් වැරදි කරන්නේ නැත එහෙම කියන්න කොහොමද කියන එක ප්‍රශ්නයක වන්නට පුළුවන්. නමුත් රජය හරහා වැය කරන මුදල් ගැන කතා කරන එක ගැන ප්‍රශ්ණයක් ජනතාවට තිබේ .ජනතාව මේ බව හොදාකාරවම දන්න බවත් රහසක් නොවන බවත් හැමොම දන්න කරුනකි.විශාල ව්‍යාපෘති මගින් කරණ සංවර්ධන .එය බොහොවිට මහා මාර්ග පහසුගම්  ජල පහසුකම් සහ විශාල සංවර්ධන කාර්යන් වශයෙන් වෙන් කෙරේ.මේ සියළු සංවර්ධ ක්‍රියා තුල ඇත්තටම කවුරුවත් මුදල් ගෙදර ගිනියන්නේ නැද්ද කියන එකත් සිතන්නට බැරිය. එය ගිනුම් වලද ලියවෙන්නේ  නැත.
නමුත් සංවර්ධනය කරනු ලබන මාර්ග වසරකට පෙර කැඩියනවා නම් ආරම්භයේ සිට අවසානය දක්වා සිටින සියළු දෙනා මෙම ක්‍රියාවට සෘජුවම හෝ වක්‍රව සම්භන්ද විම හමුවේ ලංකාවේ කියන ලියන අයවැය වාර්තා මගින් නොකිවද විශාල මුදලක් එක් එක් අයහට ගෙදර ගිනියන්නටද වෙන කරනු ලබන බව පිළිගන්නට සිදුවේ.
සංවර්ධනය කරන සියළු තැන්වල එම සංවර්ධන යෝජනාක්‍රමය ටෙන්ඩර් කැදවිමේ සිට විවෘත කර එම උත්සවයේ කොඩි කණු ගලවන තෙක් ශතෙන් ශතේ රුපියලෙන් රුපියල් නිල් කොළ කොළ වර්ණ කොළ ගසා කන්නෝ දක්නට ලැබේ.

ගම හදන්නට එන විශාල පිරිසක් සාමාන්‍ය පංතියේ අය වන අතර සල්ලි කාරයෝ නොවේති මේ අයට ප්‍රදේශයේ නායකයෙක් වන්නට පෙර පාපැදියක් වත් නොතිබුන අයද සිටින අතර ඇතැම් අයට තම බැංකු ණය ගෙවා ගැනිමට වත් තමන් විසින් සිල්ලර බඩු මිළදි ගන්නා කඩයේ බිලවත් ගෙවන්නට නොහැකි වු අයද සිටි.නමුත් ප්‍රාතිහාර පාන සෙල්ලම් ලෝකයේ වසර දෙක පසුවන විට තට්ටු ගණන් නිවාස ගොඩ නැගෙ ඉඩ කඩම් දස අතේ ඇත.වාහන ගණන් කිරිමට බැරි තරමට මාවත් දිගේ දිවයයි. මේ තමන් සාධාරණලෙස පාර්ලිමේනතුවෙන් නොමැති නම් පාළාත් සභාවෙන් පාළාත් පාලන ආයථන වලින් ලැබෙන මුදලින ලබා ගත් එවාද කියන්නට නොහැකිය.ප්‍රාදේශිය සභාවක ලැබෙන මුදලින් (දිමනාවෙන්) තම ගම්පාළාතේ මළ ගෙවල් මගුල් ගෙවල් වල හෝ බණ ගෙවල් කොටහළු ගෙවල් වලට වත් යන්නට නොහැකි බව කියන මන්ත්‍ර වරුන් අපට හමුවි තිබේ.

මෙහෙම කියන අයට කාලයාගේ ඇවැමෙන් සිටුවරු වන්නට පුළුවන් මැජික් යස්ටිය ලබා දෙන්නේ කවුරුන්ද යන්න ගැටළුවකි.කිසිදු අයෙකුට මේ පිළිබද සේවිමට අවස්ථාවක් නැත.අප රටේ ජනතාවට අමතක විමේ රෝගය ඉතා ඉහලින් ඇති බැවින් මේ අය සහ රජයේ ඇතැම් නිළධාරින් කරලියට ආ සැටි අමතකවේ .එය සුකවිහරන ලබන අය කරන ලද පිනේ බලය වේ.
ඇතැම් අය මේ අය සැපවිදිනවා දැක කියනුයේ තමන් සිදු කල පිං හේතුවෙන් සැප විදින බවය.එය සුන්දර වන්නේ ස්භාදහම විසින් දුකසේ දහදිය කදුලින් අඩ අඩා රජයට දෙන බදු මුදල් වල ප්‍රාතිහාරය පෙන්වන විටය. සංවර්ධන ලොතරැයියක් ඇදුනද වැඩි කලක් රැදෙන්නේ නැති බව කියනු අසා ඇති අය සිටි.එයට හේතුව නම් මට අද ඇදෙයි මට අද ඇදෙයි කියමින් සිත සිතා හුල්ල හුල්ල ගන්නා ලොතරැයිය ඇඩු කදුළු සහ සොසුසුම් එම මුදල්වල ඇති බැවින.එය වගතුවක් නැති වන්නේ ඒ හේතුවෙනි.
නමුත් බදු මුදල් වලින් කරන සෙල්ලම් ඊට වඩා දරුණුය සැරය. විදවිමට ලැබෙන පාපකර්මයකි. එය අනුන් මුදල් දී තමන් ප්‍රධාන ආරධිත අමුත්තාවී සිදු කරන අටපිරිකර පුජාවකින් ආනිසංස ලබා ගත  නොහැකි බව පසක් කර දෙන්නකි.
මේ අනුව අය වැය අප නොදකින මානයක සැරිසරණ හොල්මනක් බවට පත්වන බව කිය යුතුනොවේ එය වැටහේ.මේ බව රහසක් නොවන බව කිව හැකිය .මෙම අසාමාන්‍ය මුදල් හම්භ කිරිමට පැය කිපයක් තිසසේ කියවන අය වැය ප්‍රධාන බව සිතන අය අඩු වන්නට පුළුවන. එයට හේතුව දවස පුරා මහන්සි වී දවසේ වැඩ ඉවර කල අය  දවසේ වියදම මත දවස හමාර කර නින්දට යන හේයිනි.
මැතකදි පක්ෂ අනුව නායකයින් මාරුවන විට ඒ අය වටා සිටින අයද ඒ මාරුව ග්‍රහාමාරුවක් කරගැනිම සිදු කරයි.එය ඇතඅම් විට තමන් හට සිකුරු ලැබු බව කියමින් රැකියා වෙළදාමේ යෙදෙන අතර  ඇතැම් අය සිකුරු උච්චවී රැකියා සොයන හෝ වෙනත් දෙයක් සදහා ආධාර උපකාර සොයා යන්නන් යහන් ගත කර ගැනිමට සැරසේ .ඇතැම් පිරිස් තම නායකයින් හට පවන් සලමින් ලග රැදෙමින් සංවර්ධන ව්‍යාපෘතින් කොන්ත්‍රාත් කරුවන් අතට පත් කර සියයට රුපියලක් වැනි මුදලක් හම්භ කර ගැනිමට කුරුමානම් අල්ලනු ලබයි. එය ලැබෙන විට ලක්ෂ ගණනක් බවට පත්වේ .තවත් අය අතර සියයට පහ තුන බැගින්ද බෙදි යයි.

මේ කතා අළුත් නෙවන බව සියළු දෙනාම දන්නා කරුනකි. නමුත් අය වැය ගැන අපි දකින සිහිනය පිටුපස ලියවෙන සිහින කතා පොත අප හට අසන්නට ලැබෙන්නේ නැත.එය මෙරට ඉතා සුළු පිරිසකට සුන්දර කෑමකි.රටේ බහුතරයකට හුල්ලන සාපයකි.
මෙර ඉතිහසය තුල නිදහස ලැබු දිනයේ සිට මෙරට පහල වු බොහො අය මේ පාපකර්මය සිදු කර තිබෙන බව රහසක් නොව.එකල කියවු අයවැය වර්තා වලින් මාලිගා හැදු අය අදද අප සමාජයේ සිටි සුකවිහරණ ලබයි.මෙවර අය වැය ගැන සතුටු විය යුතුය. ඒ අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් දුරදර්ශිව සකස්කල අයවැයක් බවට  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවසිම නිසාය.







නමුත් අවදානය යොමු කරන්නේ නම් මේ රටේ කෝටි දෙකකට වැඩි ජනතාව, මේ අයවැය පිළිබදව. ඊ ලග අය වැය වන විට රටේ වෙනසක් දැකිය හැකි වනු ඇත.


6 comments:

  1. //අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් දුරදර්ශිව සකස්කල අයවැයක් බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවසිම නිසාය.///

    මට තියෙන්නෙ එකම එක ප්‍රශ්නයයි.. ඔය කියන සෞභාග්‍යමත් අනාගතය උදා වෙනකොට මේ රටේ ඉන්න එවුන්ගෙන් පුලුවන්කමක් තියෙන උන් ඔක්කොම වෙන වෙන රට වල ඉදී.. අනිත් උන් ටික මැරිල තියෙයි... මේ තියෙන හැටියට ළමයි හදන්නත් බෑ.. මොකද උන්ට කන්න බොන්න දීලා, උගන්නලා ඔක්කොම කරන්න නං අම්මට හරි තාත්තට හරි මැරෙන්න වෙනව.. එහෙම නැත්තං ළමයි නොහදා ඉන්න වෙනව.. ඔය ටික හින්ද අනාගතේට මේකෙ එකෙක්වත් ඉතුරු වෙන එකක් නෑ.. ඒක නං ෂුවර්...

    ReplyDelete
    Replies
    1. හිරු මේ රටේ බුද්ධිය කියන එක ජනතාව අතරට ගිනියන්න නායකයෙක් ඕනැ වෙනවා කියන එක තමයි රටේ සංවර්ධනය කියන්නේ. භෞතික සාධක වලින් රට පුරවන එක විතරක් මදි ඒක පුරවලා ඉවර කරන්න පුළුවන කාටද .ඇමරිකාව සම්පුර්ණ රටක් හැම දෙයම තියෙන නමුත් අද මොකද වෙලා තියෙන්නේ .ඒ නිසා සංවර්ධනය දේශපාලනය සදහා කියන මන්තරයක් වුනාට ඒක සිද්ධි වෙන්නේ බුද්ධිය නැමැති ක්‍රියාවෙන් වැඩ ගන්න පුළුවන් වෙන්න ඕනෑ ...මේ බව දකින්න පුළුවන් නම් අතිතයේ අභිමාණය නැවත ලැබෙවී.

      Delete
  2. ඇත්තෝ කති බොති නාති පීනති. නැත්තෝ ලෙව කති

    ReplyDelete
    Replies
    1. ඇති එවුන් ඉන්න කම් කතා බොති නමුත් සුලා මේ රටේ කියන්න බැරි දෙයක් තියෙනවා ඒක ශක්තියක් .මහ මුහුද හැම මොහොතකම මුහුදට කැප නැති දෙවල් වෙරළට ගෙනත් දානවා .ඒ වගේම මේ රටේ පරිසරයත් එහේමයි ප්‍රවේසම් වෙන්න වෙයි අපරාදය සහ දඩුවම අතර වෙසනස එතරම් දුර නෑ.

      Delete
  3. මේකේ චන්දනලා කීයක් ඉන්නවද ඒ පාර ......?

    ReplyDelete
  4. සුවද හමන දෙයක් කොච්චර තිබුනත් වැඩි වෙන එකක නෑ SilentSahan

    ReplyDelete