Saturday, November 23, 2013

යුද්ධය නිසා මියගිය වන සතුන් හට..කෞතුකාගාරයක්



යුද්ධය මෙරට මිනිසුන්ට පමනක් බලපැ කරුනක් නොවේ මහා වනයේ සැරිසරණ අසරණ වන සතුන්ටත් පිඩාකරි විය.උතුර නැගෙනහිර පළාත්වල මහා වන මැද සෑම තත්පරයකම සිදුවු වෙඩි හුවමාරුවේ උන්ඩ මිනිසුන් පමනක සොයා ගියා ඒවා නොව මහා වන මැද සිටි තිරිසන් සතුන්ගෙ ජිවිතද අහිමිකරලිය. එබැවින් යුද්ධය වන සතුන්ටද  දැනෙන්නට විය.එයින් වන සතුන්ද  මිය යන්නට විය. අලි මිනිස් ගැටුම අද වන විටත් අසන්නට ලැබෙන පුවතක බවට පත් වුවද මිට වසර කිපයකට පෙර පැවති යුද සමයෙදි කොටි ත්‍රස්තවාදින් සහ යුද සෙබළු විසින් එල්ල කරන ලද ප්‍රහරයන් හමුවේද වනසතුන් හට තම ජිවත් විමේ අයිතිය අහිමි වන්නට විය .



මෙම සතුන් යුද්ධයට මැදිව මිය ගිය ප්‍රමාණය මෙතරම් කියලා කිමට නොහැක.ඒ බව දැක ගන්නට පුළුවන් ලංකාවේ ඇති එකම ස්ථානය පිහිටා තිබෙන්නේ මාදුරුඔය ජාතික වනෝද්‍යනයේ වනජිවි කාර්යාලයේ පිහිටි කෞතුකාගාරයෙනි.මෙහි සැරිසරණ පරිසරහිතකාමි ඔබට අවට ඇති සුන්දරත්වය මෙන්ම මෙහි ඇති කෞතුකාගාරයේ දුක්මුසු දර්ශනත් දකින්න හැකියාව තිබේ.මෙම කෞතුකාගාර නිර්මාණය වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය යන අලින් පිළිබදව ජනතාව දැනුවත් කිරිමටය.මෙම කතාවේ සැගවු අරුත ඇත්තේ යුද්ධය උදෙශා මිනිසුන් වෙනුවෙන් භාවිතා කරනු ලබන උන්ඩ මේ සද්ධන්තයනටද විදින්නට සිදු විමය.

අලින් මියගිය  දිනය මෙන්ම හේතුව කාලය වැනි තොරතුරු මෙහි සටහන් කර තිබේ. ස්භාවික ලෙස මිය යන්නට වරම් අහිමිවු මෙම අලින් අද මෙහි දකින්නට ඇත්තේ සුළු ප්‍රමානයකි.අම්පාර දිස්ත්‍රික්කයේ පමනක් 2012 වසරේදි  අලින් 42 මරණයට පත්කර තිබේ.යුද්ධය නිමා වුවද මෙසේ අලින් මිය යා නම් යුද්ධය පැවැති සමයෙදි වන සතුන් කොපමන ප්‍රමාණයක් අප ස්භාවික පරිසර පද්ධතියට අහිමිවන්නට ඇත්ද යන්න පිළිබද සිතිය හැකිය.පසුගිය මාස කිපය තුල අම්පාර දිස්ත්‍රික්කයේ අලින් 17 දෙනෙකු මිනිසුන් නිසා ජිවිතය අතැර ගොස් තිබෙන බව වන ජිවි දෙපාර්තමේන්තුව පෙනවා දෙනු ලබයි.
කෞතුකාගාරයේ නිර්මාතෘ  රංජිත් ජයසිංහ මහතා

1991 වසරේ මාදුරු වනෝද්‍යනයේ සේවය කල එහි භාරකරු වන රංජිත් ජයසිංහ මහතා විසින් මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබේ.කෞතුකාගාර නොමිලේ දැකගැනිමට එහි යන පරිසර හිතකාමින් හට අවස්ථාව උදාවේ.අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය නගරයේ සිට වැටි ඇති අරනගංවිල මාර්ගයේ කිලෝමිටර් දොළහක් පමන ගමන් කල විට මාදුරුඔය  වනෝද්‍යනයේ සුන්රත්වය දැක ගත හැකිවේ. අලින් හයසියක පමණ ප්‍රමානයක් මෙම වනෝද්‍යනයදි  දක්නට ලැබේ.

  මේ කතාවේ දුක්මුසු පුවත දැක ගන්නට නම් ඔබ එහි යායුතුය .වනසතුන් දෙස අප බලන විට එම සතුන්ගේ සුන්දරත්වය පමනක් නොව ජිවත් විමේ අයිතිය පිළිබදවද සිතිය යුතුය.



1 comment: